
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව හදිසි නීතිය පාවිච්චි කරන්නේ ජනතා අවශ්‍යතා මර්දනය කිරීමට බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"හදිසි නීතිය දිගු කිරීමට නියෝජ්‍ය ඇමතිවරයා දැක්වූ කාරණා ගැන කිසිසේත් සෑහීමකට පත්වෙන්න බෑ.මාලිමා ආණ්ඩුව බලයට පත්වෙන්න පෙර දිගු කාලයක් මේ රටේ දේශපාලනය කළා.නමුත් ඔවුන් මේ රටේ යුද්ධයක් තිබෙන අවස්ථාවක පවා හදිසි නීතියට විරුද්ධව ඡන්දය දුන්නා.එළියේ පිකටින් කළා.ඔබලා බලයට පත් වී කෙටි කාලයක් තුළ අවුරුදු ගානක් කළ දේවල් පැත්තකට දාලා තියෙනවා.
පාතාලය පෝය දෙකින් ඉවරයි කියා බලයට පත්වෙන්න පෙර කිව්වා.ආරක්ෂාව ගැන උපදෙස් දෙන්න බංකු අරගෙන එන්න කිව්වා.රටේ හදිසි නීතියක් පවත්වාගෙන යාම අවශ්‍ය යැයි අපට නම් පේන්නේ නෑ.තමුන්නාන්සේලා 76 අවුරුද්දකට බැනලා දොස් පවරලා අන්තිමේ රටටත් හුණ්ඩුවක් කියලා අපවාදයට ලක් කරන්න උත්සාහ කරනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd