අයිස් අමුද්‍රව්‍ය සොයාගත් ඉඩමෙන් ගිනි අවියක් සොයාගනියි අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා රසායනික ද්‍රව්‍ය සොයාගත් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ඉඩමක නිවසේ දුම් කවුළුවක සහ නිවස පිටුපස විශාල තල් ගසක සගවා තිබූ මෙරට නිපදවූ ගල්කටස් ගිණිඅවියක්, පොලිස් නිළ ඇදුම් කොටස් සහ වාහන අංක තහඩු දෙකක් අද (08) සවස සොයාගත් බව පොලිසිය පැවසීය. 08 September 2025
අලුත් තැපැල් කන්තෝරු හදන්න කෝටි 60ක් වෙන් කරයි නව තැපැල් කාර්යාල ඉදිකිරීම සදහා මෙවර අයවැයේ රුපියල් කෝටි 60 ක මුදලක් වෙන්කර තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 08 September 2025
මිද්දෙණිය ද්විත්ව ඝාතනයට තුනක් මාට්ටු මිද්දෙනිය පොලිස් වසමේ තෝර කොළ යාය තේක්ක කැලයේදී පුද්ගලයන් දෙදෙනකු ඝාතනයය කිරීමේ සිද්ධියට අදාලව තෝර කොළ යායේම පදිංචිකරුවන් තිදෙනෙකු අවි ආයුධ රැසක් සමග අද පෙරවරුවේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 08 September 2025
අලුත් දෑ තනන්න පාසල් සීයකට නව නිපැයුම් සමාජ රජයේ පාසල් පද්ධතිය යොවුන් නව නිපැයුම් සමාජ 100 ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ. 08 September 2025
ක්‍රීඩාවේ දූෂණය මුලිනුපුටා දානවා ක්‍රීඩාවේ දූෂණය මුලිනුපුටා දැමීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමයේ සභාපති සහ ආසියා ඔලිම්පික් කවුන්සිලයේ අධ්යක්ෂ ජනරාල් කපිතාන් හුසේන් අල්-මුසල්ලාම් මහතා හමුවේ පැවැසුවාය. 08 September 2025
2026 ආසියා ඔලිම්පික් සමුළුව ලංකාවේ ආසියා ඔලිම්පික් කවුන්සිලයේ අධ්යක්ෂ ජනරාල් හුසේන් අල්-මුසල්ලාම් සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී අද (8) පැවැත්විණි. 08 September 2025
විනය පරීක්ෂණයකටැයි කියා බදුල්ල දොස්තර 21වතාවක් කොළඹට කැඳවලා බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා විනය පරීක්ෂණයක් සඳහා කොළඹ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අද කැඳවනු ලැබීය. 08 September 2025
අගවිනිසුරු ගිය රථ පෙළ විඩියෝ කළ අයකු රිමාන්ඩ් අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා ගමන්ගත් මෝටර් රථය හා ආරක්ෂක රථ පෙළ වීඩියෝගත කළ බව කියන පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියකු ලබන 10 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය . 08 September 2025
ඖෂධ-ශල්‍ය උපකරණ ගන්න සල්ලි මින් පසු ප්‍රමාද නෑ සෞඛ්‍ය සේවාවට ඖෂධ, ශල්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු සේවාවන් සඳහා වෙන් කරන මුදල් කිසිදු ප්‍රමාදයකින් තොරව ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 08 September 2025
මත්කුඩුවලට මිද්දෙනියේ විරෝධතා රට පුරා විහිදී ඇති මත්කුඩු වසංගතයට විසඳුමක් දෙන ලෙසට බල කරමින් මිද්දෙනීය අවට ප්‍රදේශවාසීහු පිරිසක් අද(08) දහවල් මිද්දෙනිය නගරයේදී විරෝධතාවයක නියැලිණි. 08 September 2025
ඇල්ල අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් විමසන්න ආණ්ඩුකාර යයි ඇල්ල රාවණා ඇල්ල 15 කණුව ප්‍රදේශයේ දී අඩි දහසක පමණ ප්‍රපාතයකට බසය පෙරලීමෙන් තුවාල ලබා බදුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන තුවාලකරුවන් ගේ සුවදුක් බැලිමට ඌවපලාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතා අද (8) පස්වරුවේ රෝහලට ගියේය. 08 September 2025
මනම්පේරිගේ සහෝදරිය මානව කොමිසමට යයි අයිස් අමුද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් සේනාධීර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරිය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත 08 September 2025
නඩුව අවසන් වන තෙක් ’’හරක් කටා’’ රැදවුම් බාරයේ රහස් පොලිස් අත්අඩංගුවෙන් පලායැමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු නඩු කිහිපයකම විත්තිකරුවකු වන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නඩු විභාගය අවසන් වන තෙක් රැඳවුම් නියෝග මත තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය භාරයේ රඳවා ගැනීමට ආරක්ෂක ලේකම්වරයා තීරණය කර ඇති බව නීතිපතිවරයා කොළඹ මහාධිකණ විනිසුරු සුජීව නිශ්ශංක මහතාට අද (08) දැනුම් දුන්නේය. 08 September 2025
’’ලංකාවේ ලේඛකයන් කුහකයි’’ ලංකාවේ ලේඛකයන් විශාල ප්‍රමාණයක් සිටියත් ඔවුන් කිසිවෙකුත් සිය නිර්මාණවලින් ජනතා විමුක්ති පෙරමුණ ගැන සඳහන් නොකරන්නේ කුහකකම නිසා බව කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය. 08 September 2025
ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරිබත්ගොඩ නගරයේ රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා මේ මස 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය අද නියම කළාය. 08 September 2025
ඇල්ලේ අනතුරුවලට තිත තියන්න මහඒජන්තගෙන් අලුත් වැඩක් ඇල්ල ඇතුළු ඌව පළාතේ දරුණු රිය අනතුරු පාලනය කිරීම සඳහා ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා විශේෂ වැඩපිළිවෙලක් අරඹා ඇත. 08 September 2025
දේශබන්දුට එරෙහි පෙත්සමට විභාගයට දින දෙයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සැප්තැම්බර් 30වැනිදා විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේය 08 September 2025
මව-පියා එතෙරදී මිය ගිය දරුවන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යත්ව විදේශ රට වලදී මිය යන, ආබාධිත තත්ත්වයට පත් වන සහ අතුරුදන්වීම් ඇතුළු විවිධ ආපදාවන්ට ලක් වන ශ්‍රී ලාංකිකයන්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශිෂ්‍යාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබේ. 08 September 2025
අරුණගේ විශ්වාසභංගය: කතානායකගේ මතය හෙට මැතිසබේට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් බාර දෙනු ලැබූ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් කතා නායකවරයාගේ තීරණය පාර්ලිමේන්තුවට හෙට(9) ඉදිරිපත් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. 08 September 2025
විනිසුරු තුරෙයිරාජා අධිකරණ කොමිසමේ පුටුවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්කරනු කරනු ලැබ සිටී. 08 September 2025
ජිනීවා අවදානමක් ප්‍රතිභා හෙළිකරයි මෙවර ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට සූදානම් වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයකු වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය. 08 September 2025
විපක්ෂ බලවේග එක්ක දිගටම එකට ඉන්න එජාපය තීරණය කරයි මූලික සාකච්ඡා වලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණයකට එළඹ සිටී. 08 September 2025
සුදු පිටියක් වටලා කාන්තාවන් 11ක් ඇතුළු 15ක් අල්ලයි ලුනාව ප්‍රදේශයේ සුදු පිටියක් පවත්වාගෙන ගිය බව කියන කාන්තාවන් 11 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් හතරදෙනෙකු අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පැවසීය. 08 September 2025
මහවත්තේ වෙඩි තැබීමට දෙන්නෙක් අල්ලයි ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ඔරලෝසු කණුව අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය පවසයි. 08 September 2025
සජිත්ගෙන් හිටපු මන්ත්‍රී පිරිසකට ආරාධනයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය 08 September 2025
අම්මයි දරුවයි කොල්ලූපිටියේදී මුහුදට වැටිලා :දරුවා අතුරුදන් කොල්ලූපිටිය මුහුදු තීරයේදී කාන්තාවක සහ ඇගේ අවුරුද්දයි මාස දෙකක දරුවා ඊයේ (7) මුහුදට වැටීමෙන් පසු දරුවා දියවැලකට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බව කොල්ලූපිටිය පොලිසිය පවසයි. 08 September 2025
අද කාලගුණය උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (08) ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 September 2025
කුඩු හදන කුඩක් කදානෙන් සොයා ගනී කඳාන දුම්රිපොළ පාරේ වල දමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට උපයෝගී කරගන්නා බවට සැක කරන සුදු පැහැති කුඩු කිලෝ 100 ක සොයා ගත් බව කඳාන පොලිසිය කියයි. 08 September 2025
අපරාධවලට සම්බන්ධ බවට සැක දෙකක් සැකපිට ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක පානදුර නිලංග නැමැත්තාගේ අපරාධවලට අනුබල දුන් දෙදෙනකු T 56 ගිනි අවියක්, මැගසිනයක්, පතුරම් 30 ක්, සහ පසුගිය දිනවල අපරාධ සදහා යොදාගත් යතුරුපැදියක් සමග අත් අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ටාශය පවසයි. 08 September 2025
තීන්දුව වෙනස් කරන්නැයි ට්‍රම්ප් අධිකරණයෙන් ඉල්ලයි ’’අන්‍යෝන්‍ය තීරුබදු’’ ක්‍රමය යටතේ බොහෝ රටවලට පැනවූ තීරු බදු නීති විරෝධී බවට තීරණය කළ අභියාචනාධිකරණ නඩු තීන්දුව ආපසු හරවන ලෙසත්, ඒ පිළිබඳ නඩුව ඉතා ඉක්මණින් විභාගයට ගන්නා ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. 07 September 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026