ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාද්, අද (1) උදෑසන තෙහෙරානයට එල්ල වූ ඊශ්‍රායල-ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මියගිය බව පැවැසෙයි.

ඊශ්‍රායල-ඇමරිකානු හමුදා තෙහෙරානයේ පිහිටි මහමුද් අහමදිනෙජාද්ගේ නිවසට පහර දුන් බව පැවැසෙයි. අහමදිනෙජාද්ගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් දෙදෙනකු ද එම ප්‍රහාරයෙන් මියගොස් ඇතැයි වාර්තාවේ.

2005 සිට 2013 දක්වා ඉරාන ජනාධිපති ධුරය හෙබවූ අහමදිනෙජාද්, බටහිර විරෝධී මතධාරී නායකයෙකි.
අහමදිනෙජාද්, ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරකු ලෙස ද සැලකෙයි.

2008 දී මෙරට නිල සංචාරයක නිරත වූ ඔහු, ශ්‍රී ලංකාවේ දැවැන්තම බහුකාර්ය ව්‍යාපෘතියක් වන 'උමා ඔය ව්‍යාපෘතිය' ආරම්භ කිරීමට මූලිකවම සහාය ලබා දුන් නායකයායි.