
(විමුක්ති එස් රුද්රිගු)
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වීමත් සමග ඉරානයේ තීරණ ගනු ලබන්නේ කවුරුන්දැයි තමන් හොඳින් දන්නා නමුත් මේ අවස්ථවේ එම පුද්ගලයා පිළිබඳව තොරතුරු හෙළි කිරීමට තමන් අකැමැති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සී.බී.එස් පුවත් සේවය සමග දුරකතනය ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ප්රකාශ කළේය.
ඉරානයේ නායකත්වය බාර ගැනීමට සුදුස්සෙකු සිටින බවත් ඔහු පමණක් නොව ඉරාන නායකත්වය බාර ගැනීමට තවත් සුදුස්සන් කීපදෙනකු සිටින බවත් ජනපති ට්රම්ප් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුවේය.
කමේනි යනු ඉතිහාසයේ සිටි දරුණුතම පුද්ගලයා බවද ඔහු පැවැසුවේය. ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීමෙන් සිය රට නැවත ලබා ගැනීමට ඉරාන ජනතාවට තමන් අවස්ථාවක් ලබාදුන් බවද ට්රම්ප් ප්රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd