
(අංජුල මහික වීරරත්න)
මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධන කටයුතු සොයාබැලීමට සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව මෙන්ම සුභසාධනය වෙනුවෙන් රජය විශේෂ මෙහෙයුම් මාලාවක් දියත් කර තිබේ.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ ජනාධිපති ලේකම් ආචර්ය නන්දික සනත් කුමානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද(1) පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගනු ලැබිණි.
දැනට දිවයිනේ රැඳී සිටින සංචාරකයන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සලකා බැලූ රජය ඔවුන්ගේ වීසා වලංගු කාලය සති දෙකකින් (දින 14) ගාස්තුවකින් තොරව දීර්ඝ කිරීමට තීරණය කර ඇත. අවශ්‍යය වේ නම් වීසා තවදුරටත් දීර්ඝ කිරීමට සලකා බලනු ඇතැයි රජය පවසයි. මෙරට රැඳී සිටින සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබ සාධන කටයුතු සොයා බැලීමටත් විදේශ අමාත්‍යාංශය හරහා අදාල තානාපති කාර්යාල සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධ කඩිනම් වැඩපිලිවෙලක් සැකසීමටත් මෙහිදී තීරණය විය.
මීට අමතරව මැදපෙරදිග රටවල් කිහියක ගුවන් අවකාශ වසාදැමීම නිසා ඇතිවී තිබෙන අවහිරතා සැලකිල්ලට ගනිමින්, විදේශ අමාත්‍යාංශය සහ ගුවන් සමාගම් ඒකාබද්ධව, විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ සංචාරකයන්ට සිය රටවල් බලා යාමට ඇති හැකියාව සලකා බැලීමටද තීරණය විය.
එසේම මෙරටට පැමිණීමට අපේක්ෂා කරන සංචාරකයන්ට බාධාවකින් තොරව පැමිණීමට විකල්ප ගමනාන්ත පිළිබදව අදාල පාර්ශව සමග සාකච්ඡා කිරීමටද සහ ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට ද තීරණය විය.
සංචාරකයන්ගේ සහ ශ්‍රමිකයන්ගේ සහාය සඳහා රජ්‍යය ආයතන කිහිපයක් හරහා පැය 24 පුරා ක්‍රියාත්මක සක්‍රීය මෙහෙයුම් මැදිරි සේවාවන් ස්ථාපිත කර ඇතැයි ද රජය පවසයි. මෙරට රැඳී සිටින සංචාරකයන් සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇති අතර 1912 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඕනෑම ගැටලුවක් දැනුම් දිය හැකිය. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ තොරතුරු සහ සහාය ලබා දීමට 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ද ක්‍රියාත්මක වේ.
මීට අමතරව විදේශ අමාත්‍යාංශය මැදිහත් වී මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ පිහිටි සියලුම ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd