
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකයේ වැදගත්ම බොරතෙල් වෙළඳ නැව් මාර්ගවලින් එකක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක බළකාය කටයුතු කළ බව ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කරන බැවින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා කිසිඳු නැවකට යාත්‍රා කිරීමට අවසර නොමැති බව එම මාර්ගය භාවිත කරන නෞකාවලට රේඩියෝ පණිවුඩයක් ඔස්සේ දැනුම් දීමට ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක බළකාය කටයුතු කර තිබිණි.
පර්සියානු බොක්ක, ඕමාන් බොක්ක සහ අරාබි මුහුද සමඟ සම්බන්ධ කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය වන අතර එය ලෝකයේ වැදගත්ම බොරතෙල් වෙළඳ නැව් මාර්ගවලින් එකකි. හොමුස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට බොරතෙල් බැරල් මිලියන 20 ක් ප්‍රවාහනය වන අතර එය ලෝක බොරතෙල් පරිභෝජනයෙන් සියයට 20 කි. එසේම ද්‍රව වායුද අපනයනය වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහාය.
හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිත කරන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඕමාන වෙරළට ඔබ්බෙන් ප්‍රහාරයක් එල්ල වූ බවත් ඉන් සිවු දෙනකු තුවාල ලැබූ බවත් ඕමානය ප්‍රකාශ කළේය. ඉන්ධන ප්‍රවාහන නෞකාවට ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ නාවිකයන් 20 ක් එම නෞකාවේ ගමන්ගත් බවත් වහාම එම නාවිකයන් ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට කටයුතු කළ බවත් ඕමානය පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd