අලුත් ආසාදිතයෝ 499 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 499 දෙනකු අද (31) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 31 December 2021
ජනපති-අගමැති නව වසරට සෙත්පතා කිරිවෙහෙර වැදපුදා ගනිති ලබන්නා වූ නව වසරට සෙත් පතා ඓතිහාසික කතරගම පුදබිමෙහි අද (31) පැවැත්වෙන ආගමික වතාවත් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරු ද සහභාගී වූහ. 31 December 2021
අල-ලූනු බද්ද 30 කින් බහී ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝවකට රුපියල් 30 කින් අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව මුදල් අමාත්‍යංශය පවසයි. 31 December 2021
තවත් ගෑස් කේස් 10 ක් ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් සම්බන්ධ සිද්ධීන් 10 කට ආසන්න සංඛ්‍යාවක් අද (31) පස්වරුව වන විට දින දෙකකට ආසන්න කාලයක් තුළ පොලිසියට ලැබී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 31 December 2021
තවත් 17 ක් කාෙරා්නාවට බිලි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (31) තහවුරු කළේය. 31 December 2021
ශිවන්යා සොයාගිය දැරියන් මවුපියන් බාරයට රූපවාහිනි නාළිකාවක දිනපතා විකාශය වන ප්‍රසිද්ධ ඉන්දියානු ටෙලි නාට්‍යයක චරිත දෙකක් වන ශිවන්යා සහ ෂේෂා සියසින් දැක බලා ගැනීම සදහා ඉන්දියාවට යාමට නිවසෙන් පැන ගිය ගැහැණු දරුවන් තිදෙනකු හොරොව්පොතාන නගරයේ දී අද (31) දහවල් සොයාගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 31 December 2021
කොවිඩ් ඩෙංගු දෙකම එකවර වැළදුණ රෝගීනුත් හමුවෙලා ඩෙංගු සහ කොවිඩ් යන රෝග දෙකම එකවර වැළදුණ රෝගීන්ද හමුවී ඇතැයි කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පැවසීය. 31 December 2021
තැපැල් දුම්රියට ‘නිදන මැදිරිය’ අහිමිවෙයි දුම්රිය දෙපාර්තමේන්තුව ඉදිරියේදී ධාවනයට යෙදවීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රියවල පළමු පන්තියේ නිදන මැදිරිය නොමැති බවට දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 31 December 2021
සේවක හිඟයෙන් බස්රථ දස දහසක් ධාවනයෙන් ඉවතට පෞද්ගලික බස් රථ සේවකයන්ගේ බරපතළ හිඟය හේතුවෙන් බස්රථ දස දහසක් ධාවනයෙන් ඉවත් කරගෙන ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවසීය. 31 December 2021
ගෑස් හිඟයෙන් අලුත් අවුරුද්දේ කිරිබත් කැවිලි පෙවිලිත් නවතී නව වසර සැමරීමට කිරිබත් සහ කැවිලි පෙවිලි ලබා ගැනීම සඳහා රජයේ සහ පෞද්ගලික ආයතන ලබාදී ඇති ඇණවුම් බාර ගැනීම හෝටල් සහ ආපනශාලා සහ කැවිලි පෙවිලි නිෂ්පාදනය කරන ආයතන බොහොමයක් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. 31 December 2021
බොරැල්ලෙන් කොල්ලකෑ ස්වර්ණාභරණ රට පුරා බොරැල්ල නගරයේ ස්වර්ණාභරණ අලෙවිසලකින් කොල්ලකෑ රන් පවුම් 32 න් 18 ක් ත්‍රීකුණාමලය, රත්නපුර සහ මාතලේ ඇතුළු ප්‍රදේශ කීපයක උකස් කර සහ විකුණා තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි. 31 December 2021
ලේකම්වරුන් ඉවත් වන්න හේතුව කෘෂි ඇමති හෙළි කරයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ දක්ෂ අවංක හොඳ නිලධාරීන් රැසක් සිටින නමුත් ඒ අයට වැඩ කරන්න නොදී ඔවුන්ගේ ඔළුව නරක් කරන්නේ බාහිරව උපදේශකයින් ලෙස පෙනී සිටින පුද්ගලයින් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 31 December 2021
නව වසරේ රට ගොඩගන්න එ.ජා.පයෙන් වැඩපිළිවෙළක් එක්සත් ජාතික පක්ෂය නව වසරට පා තබන්නේ සියලු දෙනා එක්ව රට ගොඩනගන වැඩපිළිවෙළක් සමග බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 31 December 2021
ලෝක ටෙස්ට් පිලේ නායකත්වය දිමුත්ට අන්තර් ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) වාර්ෂිකව නම් කරන ලෝක ටෙස්ට් කණ්ඩායමේ මෙම වසරේ (2021) නායකයා ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලේ නායක දිමුත් කරුණාරත්න නම් කර තිබේ. 31 December 2021
සතුන්වත්තේ අලි පැටවකුට වනජීවී රාජ්‍ය ඇමැතිගේ නමෙන් කොටසක් සත්වෝද්‍යානයේ අලුත උපන් අලි පැටවුන් තිදෙනාගෙන් අයකු වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ නමින් නම් කිරීමට සත්වෝද්‍යාන බලධාරීන් තීරණය කර ඇත. 31 December 2021
මෙම වසරේ, ලාංකිකයෝ 120,000 විදේශ රැකියාවලට මෙම වසරේ (2021) ශ්‍රී ලාංකිකයන් 120,000 ක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා විදේශගත ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යංශය පවසයි. 31 December 2021
’’ආණ්ඩුව කිරිපිටි මිල ඉහළ දමා ජනතාවට අවුරුදු තෑගි දුන්නා’’ නත්තලට පෙරාතුව තෙල් මිල ඉහළ නංවා නත්තල් තෑග්ග ලබාදුන්න ආණ්ඩුව, අලුත් අවුරුද්දට පෙරාතුව කිරිපිටි මිල ඉහළ නංවා අවුරුදු තෑග්ග ද ජනතාවට ලබා දුන් බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 31 December 2021
බස්නාහිර පළාතේ ආරක්ෂාව තර කෙරෙයි 2022 නව වසර උදාවීම නිමිත්තෙන් කොළඹ නගරයේ සහ බස්නාහිර පළාත තුළ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යොදවා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මත කරන බව පොලිස් මුලස්ථානය කියයි. 31 December 2021
ත්‍රිකුණාමලය තෙල් ටැංකි තවත් වසර 50 කට එල්.අයි.ඕ.සී.ට දෙයි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ මේ වන විටත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) බාරයේ තිබෙන තෙල් ටැංකිවල බදු කාලය තවත් වසර 50 කින් දීර්ඝ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. 31 December 2021
තණමල්විලිින් ’’සක්වල’’ අරඹයි නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් බිහිකිරීම උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ’’සක්වල’’ වැඩසටහන තණමල්විල බෝදාගම මහා විද්‍යාලයෙන් ආරම්භ කෙරිණ. 31 December 2021
බූස්ටර් නොගත්තොත් ඔමික්‍රෝන් සුනාමියක් එන්න පුළුවන් බූස්ටර් එන්නත ලබා ගැනීම පැහැර හැරියහොත් ඔමික්‍රෝන් සුනාමියක් ඇතිවිය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 31 December 2021
’’12ට වැඩි සියලුම දරුවන්ට කොවිඩ් එන්නත දෙන්න’’ වයස අවුරුදු 12 ට වැඩි සියලුම දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත. 31 December 2021
කෝටියක කේරළ ගංජා සමඟ සිව්දෙනක් අත්අඩංගුවට රුපියල් මිලියන දහයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 89 යි ග්‍රෑම් 200ක් යතුරු පැදි තුනක පටවා රැගෙනයමින් සිටි පුද්ගලයින් සිව්දෙනකු මුලතිව්, පුදුකුඩිරිප්පු, චලෙයි කොළණිය ප්‍රදේශයේදී ඊයේ (30) අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 31 December 2021
දේශීය කිරිපිටි, දියර කිරි මිලත් ඉහළට දේශීය කිරිපිටි සහ දියර කිරි මිලද ඉදිරියේදී වැඩි කෙරෙනු ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි. 31 December 2021
දේශීය මත්පැන් බෝතල්වලට නව ස්ටිකරයක් දේශීයව නිෂ්පාදනය කරන මත්පැන්වලට ලබන ජනවාරි මස 3 වැනිදා සිට නව ආරක්ෂිත ලේබලයක් හඳුන්වා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය. 31 December 2021
මෙරටින් ඔමික්‍රොන් තවත් ආසාදිතයන් 41 ඔමික්‍රෝන් වයිරසය ආසාදිත වූ තවත් රෝගීන් 41ක් හඳුනා ගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 31 December 2021
කාලගුණය අද දවස ගැන කියන අනාවැකිය උතුරු, නැගෙනගිර, උතුරු මැද සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද(31) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 31 December 2021
බඩු මිල ගැන ජනපති මැති ඇමැතිවරු කතා කරති රටේ ආර්ථිකය සහ ජනතාවගේ බඩුමිල ප්රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඇත. 31 December 2021
කළුතර බන්ධනාගාරයට ආ ගැබිනි කත ළඟ මත් කුඩු කළුතර බන්ධනාගාරයේ රදවා සිටින සිය අනියම් සැමියා බව කියන පුද්ගලයකුට ලබාදීම සදහා හෙරොයින් මත්කුඩු කලිසමේ සඟවා රැගෙන ආ ගැබිණි කතක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලීසිය පවසයි . 31 December 2021
කොවිඩ් ආසාදිතයන් තව 563 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 563 දෙනකු අද(30) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 30 December 2021
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026