ලිට්රෝ ගෑස් සැපයුම ලක්ෂයේ සිට 40,000 ට බැහැලා ලිට්රෝ ගෑස් කිලෝ 12.5 සිලින්ඩර දිනකට 40,000 ක් පමණ නිෂ්පාදනය කර බෙදාහරින බවත් නිෂ්පාදනයේ මන්දගාමී තත්ත්වයක් හේතුවෙන් වෙළඳපොලේ වර්තමාන දැඩි හිඟය නිර්මාණය වී ඇති බවත් ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (29) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 29 December 2021
කොවිඩ් ආසාදිතයන් 419 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 419 දෙනකු අද(29) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 29 December 2021
කොවිඩ් මරණ 21 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය. 29 December 2021
නව වසරේ සිට බස් ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි බස් ගාස්තු සීයට 17 කින් සහ අවම බස් ගාස්තුව රුපියල් තුනකින් ඉහල දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය (29) පියවර ගනු ලැබීය. 29 December 2021
‘‘අයිි.එම්.එෆ් ගියාට වරදක් නෑ‘‘ රටේ ආර්ථිකය බරපතල අර්බුදකාරි තත්ත්වයක පවතින බැවින් මේ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීමේ කිසිදු වරදක් නැතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. 29 December 2021
බඩු මිලට සබජ විරෝධය ඉන්ධන මිල ඉහළ දැමීම, ජීවන වියදම ඉහළ යාම, රටේ සම්පත් විකිනීමට විරෝධය පළ කරමින් සමගි බලවේගයේ නියෝජිතයන් පිරිසක් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිටදී අද(29) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ. 29 December 2021
පස් දරු මව මරා කිඹුලන්ට දැමූවැයි අඹුසැමි යුවළ රිමාන්ඩ් කිලිනොච්චිය,උදයනගර් අම්බලකුලම් හි කාන්තාවක් පහරදී ඝාතනය කොට කිඹුලන් සිටින ඇළමාර්ගයකට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් සැකකාර තරුණ අඹුසැමි යුවළ ලබන ජනවාරි 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ඇලෙක්ස් ඩි. රාජා මහතා නියෝග කළේය. 29 December 2021
වනිඳු වසරේ විස්සයි20 ක්‍රීඩක සම්මානයට නිර්දේශ වෙයි ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සම්මාන ප්රදානයේ වසරේ විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වී තිබේ. 29 December 2021
අසභ්‍ය ප්‍රකාශන පනත ආපසු හරවයි අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීම් පනත් කෙටුම්පත පිළිබද ගැසට් නිවේදනය බල රහිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා උපදෙස් ලබාදී ඇතැයි එහි ලේකම් එම්. එම්. පී. කේ. මයාදුන්නේ මහතා පැවසීය. 29 December 2021
මැතිසබයේ ’’වලිය’’ ගැන සොයන කමිටුව 3 වැනිදා රැස්වෙයි පාර්ලිමේන්තු සභා ගර්භයේ සහ එහි පිටත පරිශ්‍රයේ පසුගියදා ඇතිවූ නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු කමිටුව ලබන 3 වැනිදා රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 29 December 2021
2020 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ළඟදීම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2020 විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල හෙට හෝ අනිද්දා නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි. 29 December 2021
ආනයනික කිරිපිටි මිල ඉහළ යයි ආනයනික කිරිපිටි මිල හෙට (30) නැවත ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පවසයි. 29 December 2021
මෙරට විදෙස් සංචිත ඉහළට මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 29 December 2021
රැදවියන්ටත් බූස්ටර් එන්නත කොවිඩ් තත්ත්වයෙන් ආරක්ෂා වීම සදහා බන්ධනාගාර රැඳවියන් ට තෙවන මාත්‍රාව වශයෙන් බූස්ටර් එන්නත ලබා දීම් අද (29) සිට ආරම්භ කර ඇති බව බන්ධනාගාර මුලස්ථානය කියයි. 29 December 2021
සයිනොෆාම් ගන්න වැය කළ මුදල් පියවන්න ආසියානු බැංකුවෙන් ආධාරයක් සයිනොෆාම් එන්නත් මිලදී ගැනීමට වැයවූ ඩොලර් මිලියන 85ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟවී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 29 December 2021
සුවිසල් නිවසේ කාමරයක නිධන් හාරලා කුරුණෑගල උඩවල්පොළ ප්‍රදේශයේ සුවිසල් නිවසක කාමරයක් තුළ නිදන් හාරමින් සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 29 December 2021
දින 26 කදී සංචාරකයන් 69,941 ක් පැමිණිලා සංචාරකයන් 69,941 දෙනෙකු මෙම මස දින 1 වැනිදා සිට 26 වැනිදා දක්වා ගතවූ දින 26 ක කාලයේදී මෙරටට පැමිණ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 29 December 2021
කාඩ් පතෙන් 20,000කට රැකියා අහිමි වෙයි ගෙවීම් කාඩ් පත හදුන්වාදීමෙන් පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරුන් විසිදහසකට රැකියාව අහිමි වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි. 29 December 2021
සහල් කන්ටේනර් 300 ක් වරාය හිරවෙලා ආනයනික සහල් කන්ටේනර් 300 ක් පමණ නිදහස් කරගැනීමට නොහැකිව වරායේ සිරවී ඇති බවත් ඩොලර් ලැබෙන්නේ නම් එම කන්ටේනර් නිදහස්කරගත හැකි බවත් අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පැවසීය. 29 December 2021
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පාලනයට ඒකාබද්ධ සමාගමක් ‘ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස්’ ලෙස නව සමාගමක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දීය ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ඒකාබද්ධව පිහිටුවීමට තීරණය කර තිබේ. 29 December 2021
‘දැන් 69 ලක්ෂයට ඇපත් නෑ ‘ ආණ්ඩුව පත්වූ දවසේ සිට අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, වංචනිකයින්ට අඩුවක් නැතිව සැප ලැබුණු බවත්, 69 ලක්ෂය ඇතුළු ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 29 December 2021
යතුරු පැදිය ඇළට පෙරැළී සිසුවා මරුට දඹුල්ල කලුන්දෑව පරණගම ප්‍රදේශ්යේ දී යතුරුපැදියක් ගසක වැදි ඇළකට පෙරලී ගොස් 13 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තවත් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව දඹුල්ල පොලිසිය කියයි. 29 December 2021
කොටි වළ දැමූ ආයුධ රැසක් කිලිනොච්චියෙන් ගොඩට කිලිනොච්චිය , ධර්මපුරම් කුමාරස්වාමිපුරම් ප්‍රදේශයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වළදමා තිබූ අවි ආයුධ රැසක් ඊයේ(28) සොයාගත් බව ධර්මපුරම් පොලිසිය කියයි. 29 December 2021
සරසවි යළි අරඹයි විශ්වවිද්‍යාලවල ධාරිතාවෙන් සියයට 50 ක උපරිමයක් දක්වා විශ්වවිද්‍යාල සිසුන් කැඳවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. 29 December 2021
සිරකරුවකු නමින් තැපෑලෙන් ආ පාර්සලයෙ කුඩු අගුණකොලපැලැස්ස බන්ධනාගාරය සිරකරුවකුට තැපැල් මගින් එවා තිබූ පාර්සලයක තිබූ කලිසමක හෙරොයින් සඟවා තිබියදී සොයා ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 29 December 2021
කුළුබඩු මණ්ඩලයේ කටයුතු ජනපතිගේ විමර්ශනයට කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ මාදිවෙල ශාඛාවේ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළේය. 29 December 2021
අගමැති ලබන 2 වැනිදා ඩුබායි යයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිල සංචාරයක් සඳහා ඩුබායි රාජ්‍යය බලා ලබන මස 2 වැනිදා පිටත්ව යෑමට නියමිතය. 29 December 2021
අද සිට තැන තැනට යළි වැස්ස උතුරු, නැගෙනගිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (29) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 December 2021
තොප්පිගල නව තැනක සංචාරක කේන්ද්‍ර පිහිටුවයි නැගෙනහිර පළාතේ තොප්පිගල වනාන්තරය තුළ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන 9ක් ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය පාදක කරගෙන වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බව සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබ`ද රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ලංකාදීපයට පැවැසීය. 28 December 2021
දිනේෂ් රජයෙන් සහතිකයක් ඉල්ලයි රටේ අඩු අදායම් ලබන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ප්‍රමාණයක් ලබාදීමට රජය සහතිකයක් ලබාදිය යුතු බව මහජන එක්සත් පෙරමුණේ මතය යැයි එහි නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 28 December 2021
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026