ඇමැති තිදෙනාගේ ක්‍රියාකලාපය ජනපතිගේ විවේචනයට
වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින් ,කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් කතුවරුන් සමඟ අද පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.