(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආර්ථිකය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර මනා සම්බන්ධීකරණයක් තිබී නැතැයි මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කළ විමර්ශනවලදී ඊයේ(8) තොරතුරු අනාවරණයවී ඇත.
එසේම ආර්ථිකය සම්බන්ධයෙන් යම් යම් තීරණ ගැනීමේදී නොයෙකුත් අඩුපාඩු සිදුවී ඇති බවටද කරුණු අනාවරණයවී ඇත.
මේ තොරතුරු අනාවරණයවී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන්වන අජිත් නිවාඩ් කබ්රාල් සහ මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්, ජනාධිපති හිටපු ලේකම් පී බී ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසකගෙන් කළ කරුණු විමසීම්වලදීය.
මුදල් කාරක සභාවෙන් කෙරුණු දැනුම්දීමක් අනුව එම පිරිස ඒ කාරක සභාව හමුවේ ඊයේ (8) පෙනී සිටියහ.
මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(8) පස්වරුවේ රැස්විය.
ආර්ථික අවපාතයට ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු ආයතන වල තීන්දු තීරණ බලපා ඇත්දැයි සෙවීම සඳහා මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
මේ නිලධාරීන්ගෙන් මුදල් කාරක සභාව පැය දෙකකට වැඩි කාලයක් කරුණු විමසා ඇත.
මේ අයගෙන් තවත් දින කිහිපයක් කරුණු විමසීමට බලාපොරොත්තු වන බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
උපයන විට ගෙවීම ඇතුළු විවිධ බදු අඩු කිරීම සම්බන්ධයෙන්ද කාරක සභාව එම නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත.
මෙහිදී අදහස් දක්වා ඇති ඇතැම් නිලධාරීන් පවසා ඇත්තේ ආර්ථික පුනර්ජීවනය සඳහා මෙම තීරණ ගත් බවයි.
විමර්ශනය අවසන් කිරීමෙන් පසු මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව බලාපොරොත්තු වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරන්චියි ආරන්චියි !! ආර්තිකය කලමනාකරලා තියෙන්නෙ හොරෙන් විභාග පාස්වෙච්ච උදවියයි, ඉබෙම අට පාස් උදවියයි, කක්කුස්සිවල ඉන්දලා කියලා. තව තවත් ඉබෙ අට පාස් උදවිය ලොකු පුටුවල ඉදගන්නකන් ගොඩ එන්න බැරිවෙයි.
ආහ්හා.. මහ බංකුවෙ හිටපු උන් ටික සබේට කැදවල තියෙන්නෙ..රජපක්ෂ බලුකුක්කො රංචුවක් නේද මෙ? එතකොට රජයත් එක්ක සම්බන්ද වෙන්නෙ නැතුව තීරන ගත්ත වෙන්නෙ කොහොමද? මෙව අහන අපි කොන්ඩෙ බඩපු චින්නුත් නෙමෙයි. මැරිල ඉපදුනෙත් නැැ තවම..