කොටි වැළලූ රන් සොයන්න ගිය පී.සී ඇතුළු හතක් මාට්ටු එල්.ටි.ටි.ඊ සංවිධානය වළදමා තිබෙන රත්තරන් සහ මුදල් සෙවීම සඳහා භූගත වස්තු පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් රැගෙන යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු පුද්ගලයන් හත්දෙනකු කිලිනොච්චිය , රාමනාදන්පුරම් මාර්ග බාධකයේදී අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 24 January 2022
කොරෝනා ආසාදිතයන් 877ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 877 දෙනකු අද (24) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 24 January 2022
කොරෝනා මරණ 14ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. 24 January 2022
‘‘එදා නීතිය ඇමැතිකම මට ලැබුණා නම් මෛත්‍රි ජනපති හිරේ‘‘ යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය ඇමති ධූරයට තමන් පත්කළේ නම් අනිවාර්යෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිරේ දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා පවසයි. 24 January 2022
මහානාම ක්‍රිකට් උපදේශන කමිටුවෙන් ඉවත් වෙයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවෙන් හිටපු පිතිකරු රෝෂාන් මහානාම මහතා ඉවත්වීමට තීරණය කළේය. 24 January 2022
ඇමැති දිලුම්ට කොරෝනා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. 24 January 2022
ජාතික රෝහලට කොරෝනා රොගීන් පැමිණීම ඉහළට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කෝවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි එම රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි. 24 January 2022
හොර ගල්කෝරියක් වටලා කෝටි හයක යන්ත්‍ර සූත්‍ර අල්ලයි ගලේවෙල බුලනවැව ගොම්මොට්ටාව රක්ෂිතය තුළ නීති විරෝධීව පවත්වාගෙන ගොස් තිබු ගල්කොරි දෙකක් වටලා රුපියල් කෝටි 6 ට අධික වටිනා වාහන සමග සැකකරුවෝ පස් දෙදෙනෙක් දඹුල්ල විශේෂ කාර්ය බළකාය කඳවුරේ භට පිරිස් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 24 January 2022
‘‘ආණ්ඩුව හා පොලීසිය නාටකයක් රඟ දක්වනවා‘‘ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණවලදී ආණ්ඩුව හා පොලීසිය එක්ව නාටකයක් රඟ දක්වන බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 24 January 2022
පාලම කඩාගෙන කළුගල් ලොරිය ගඟට වැටෙයි කොටපොළ මෙදේරිපිටිය පොද්දන යාකරන කිරිවැල්දොළ ගඟ හරහා ඇති පාලමෙන් ගමන් ගත් කළුගල් පැටවූ ලොරි රථයක් පාලමේ කොන්ක්‍රීට් තහඩුව කඩාගෙන ටිපර් රථය සමඟ අඩි 30 ක් ගැඹුරු ගගට කඩා වැටී ඇතැයි දෙනියාය පොලිසිය කියයි. 24 January 2022
ඔමික්‍රෝන් රැල්ලක් ගැන ඉගියක් ලොකු ඔමික්‍රෝන් රැල්ලක් ලබන මස අග වනවිට ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 24 January 2022
පහළ යාංඔය රක්ෂිතයේ ජයටම වැලි ජාවාරමේ ආරක්ෂක අංශ සාමාජිකයන් බව කියමින් ප්‍රදේශයෙ පදිංචි පුද්ගලයන් කිහිපදෙනෙකු ද සමග පහළ යාංඔය රක්ෂිතයට අයත් වාගොල්ලාකඩ මහාපරිමාණ වැලි ජාවාරමක් සිදු කරන බව ප්‍රදේශාවසිහු පවසති. 24 January 2022
කෝටි 330ක කුඩු දකුණු මුහුදේ දී මාට්ටු ඩුබායි රාජ්‍යයේ සිටින “නඳුන් චින්තක වික්‍රමරත්න” නොහොත් ‘හරක් කටා” නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ගේ ප්‍රධාන ගෝලයකු වන “රන් මල්ලී” නමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 330කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 330ක් අද (24) දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 24 January 2022
පැන්ඩෝරා ගැන රන්ජන්ගෙනුත් ප්‍රශ්න කරන්න යයි සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන්ද පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසම තීරණය කර ඇත. 24 January 2022
කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලය පාරට බසියි වෛද්‍යවරයකුට පහරදුන්නැයි කියන සැකකරුවන් අත්අඩංගුවට නොගත්තැයි කියමින් කුරුණෑගල ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද විරෝධතාවක නිරත විය. 24 January 2022
රෝහිණි කවිරත්නටත් කොරෝනා සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මියට කොවිඩ් වයිරසය ආසදානය වි ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. 24 January 2022
දුම්රිය අංගනයට පැන්න හොරු ආරක්ෂකයාට පිහියෙන් අනී රත්මලාන දුම්රිය අංගනයේ දේපල සොරා ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනකු අල්ලා ගැනීමට ගිය ආරක්ෂක නිලධාරියකුට එක් සැකකරුවකු පිහියකින් පහර දී කපා තුවාල සිදු කර පැන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි. 24 January 2022
‘ජල සැපයුමට කිසිදු බාධාවක් නෑ‘ විදුලිය විසන්ධි කළත් ඉන් ජල සැපයුමට කිසිදු බාධාවක් එල්ල නොවන බව ජාතික ජල ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නිෂ්පාදන) අජිත් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 24 January 2022
කුප්පි ලාම්පු එළියෙන් තිස්ස මාධ්‍ය හමුවක විදුලිය විසන්ධි කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කුප්පි ලාම්පුවක් රැගෙනවිත් කොළඹ දී අද(24) මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. 24 January 2022
පාර්ලිමේන්තු කමිටුවලට හිටපු සභාපතිවරුන්ම ? නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා බොහොමයක් සඳහා හිටපු සභාපතිවරුන්ම පත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි දැනගන්නට ඇත. 24 January 2022
රට කාණ්ඩ හතරකට බෙදා විදුලිය කපයි සමස්ත ශ්‍රී ලංකාවට කාණ්ඩ හතරක් යටතේ අද (24) දිනයේ විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. සපුගස්කන්ද විදුලි බලාගාරයේ කටයුතු ඇනහිටීම හේතුවෙන් අද දිනයේ එලෙස පැයක කාලයක් විදුලි කප්පාදු කරන බව ද විදුලිබල මණ්ඩයේ ඉංජිනේරු සංගමය වැඩි දුරටත් කීය. 24 January 2022
බස් රථය ගිනි තැබූ තුනක් අත්අඩංගුවට මාරක රිය අනතුරක් කළ බස් රථයක් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී බස්රථය වටකර පෙට්ට්‍රල් දමා බස් රථයට ගිනි තැබූ කණ්ඩායමේ තිදෙනෙක් අවිස්සාවේල්ල පොලිසිය අද (24) අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය 24 January 2022
හිරුණිකාගේ නඩුව මැයි මස විභාගයට තරුණයන් තිදෙනකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධෆයන් හිටපු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව ලබන මැයි මස 23 වැනි දා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද නියම කළේය. 24 January 2022
වයඹ උප කුලපති තනතුරට දේශපාලන තල්ලුවක් වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ පීඨයේ මහාචාර්ය එච්. එම්. ඒ හේරත් මහතා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරට පත් කරන ලෙස පළාතේ දේශපාලඥයන් සිවු දෙනකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 24 January 2022
සෞභාග්‍ය දැක්ම නැමති කරුවල ප්‍රතිපත්තිය සෞභාග්‍ය දැක්ම නැමති කරුවල ප්‍රතිපත්තිය මේ වන විට ක්‍රියාත්මක වන නිසා වියත්මඟේ මැති ඇමතිවරුන් ජනතාවගෙන් අඳුරේ සිටින්නැයි ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (24) ප්‍රකාශ කළේය. 24 January 2022
අනුරාධපුරයට කුඩු බෙදූ පී.සී අල්ලයි කොළඹ ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග එක්ව අනුරාධපුර නගරය තුළ මත් කුඩු බෙදා හැරියේ යැයි කියන අනුරාධපුර කොට්ඨාස පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු ලක්ෂ හතක මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 24 January 2022
කමරාගොඩ මඟුලකින් කොරෝනා පොකුරක් මිනුවන්ගොඩ කමරාගොඩ ප්‍රදේශයේ පදිංචි අයියා මලෝ දෙදෙනකුගේ විවාහ මංගල්‍ය උත්සවයෙන් අනතුරුව වැඩිමහල් මනමාල මහතා ඇතුළු 26 දෙනකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනා ගෙන තිබේ. 24 January 2022
ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වහයි ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමට රජය තීරණය කර ඇත. 24 January 2022
ගෙට යන පාර හදද්දී පස් කණ්ඩියට යටවී මරුට මහනුවර තැන්නේකුඹුර තේක්කවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු තම නිවසට යන මාර්ගය සකසමින් සිටියදී ඊට ඉහලින් තිබූ පස් කන්දක් කඩා වැටී ඊට යට වී මියගොස් ඇති බව පොලිසිය කියයි. 24 January 2022
රන්ජන්ගේ නඩුව කල් තබයි සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහස කරනු ලැබීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව ලබන මාර්තු මස 09 වැනි දිනට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීරණය කළේය. 24 January 2022
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026