රඹුක්කන වෙඩි තබන්න අණ දුන් පොලිස් ලොක්කා 6 තෙක් රිමාන්ඩ් රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය අද (29) නියෝග කළාය. 29 April 2022
ඒ.එච්.එම්.ෆවුසි අල්ලස් නඩුවෙන් නිදහස් ආපදා කළමනාකර අමාත්‍යාංශයට ලද රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ජිප් රථයක් නිතී විරෝධී ලෙසින් භාවිතා කර රජයට පාඩු කළැයි අල්ලස් චෝදනා ලැබ සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා එම අල්ලස් නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (29) නියෝග කළේය. 29 April 2022
කෝටි 4 ක වාහන රේගුවේදී මාට්ටු පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් නීතිවිරෝධීව එංගලන්තයේ සිට ආනයන කළ රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාමකින් යුත් සුඛෝපභෝගී වාහන දෙකක්, වාහන කොටස් පහක් සහ කහ කුඩු කිලෝ 1000 ක් ශ්‍රී ලංකා රේගුවේ ග්‍රේ ලියින් අංගනයේ නිලධාරීහූ අත්අඩංගුවට ගෙන තිබේ. 29 April 2022
මැයි 1 - 3 විදුලි කප්පාදුව නෑ ජාත්‍යන්තර කම්කරු දිනය සහ රාමසාන් උත්සවය යෙදී තිබෙන මැයි මස 1 සහ 3 වැනිදා දෙදින විදුලි කප්පාදු නොකරන බව විදුලිබල මණ්ඩලය පවසයි. 29 April 2022
මැයි 2 රජයේ නිවාඩු දිනයක් කරයි මැයි මස 2 වැනිදා සඳුදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කල බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි. 29 April 2022
නීති විරෝධිව ඉන්දියාවට ගිය ලාංකිකයින් දෙදෙනකු අත්අඩංගුවට ඉන්දියාවට නීති විරෝධීව පැමිණි යාපනයේ පදිංචි ශ්‍රී ලාංකික දෙමළ පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ඉන්දීය නාවික පොලිසිය පැවසීය. 29 April 2022
කොළඹ මහ නගර සභාවේ සභා ගර්භයේ උද්ඝෝෂණයක් කොළඹ මහ නගර සභාව කොමසාරිස් නීතීඥ රෝෂිණී දිසානායක මහත්මියට විරෝධය දක්වමින් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරු සභා ගර්භයේදී අද (29) උද්ඝෝෂණයක නිරත වූහ. 29 April 2022
‘අන්තර්කාලීන ආණ්ඩුවකට ජනපති එකඟ වුණා‘ නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 29 April 2022
ශ්‍රී ලංකාවට නවසිලන්තයෙන් කිරි-මස් නවසීලන්තයේ කිරි සහ සත්ව නිෂ්පාදන සහන ණය ක්‍රමය යටතේ මෙරටට ලබාදීමට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා එකඟ වූ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 29 April 2022
අදත් බාල්දු වූ රුපියල ශ්‍රී ලංකා මහ බැංකුව අද (29) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 347.05 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 359.99 ක් විය. 29 April 2022
ඇමැති ගම්ලත්ගේ නිවස ඉදිරිපිට පාංශකූලය දෙයි වත්මන් රජය ගොවියාගේ මළගම සිදු කරන බව පවසමින් ගොවීහු පිරිසක් අද(29 ) උදෑසන සිරිපාල ගම්ලත් අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට මිනී පෙට්ටියක් තබා පාංශකූලය ලබා දීම සිදු කළහ. 29 April 2022
ලිට්රෝ ලොක්කෙක්ට මිලියන තුනක වැටුපක් ? ගෑස් මිල ඉහළ යෑමේ පීඩනය ජනතාව දරාගන්නේ නම් රාජ්‍ය ආයතනයක් වන ලිට්රෝ සමාගමේ උසස් නිල දරමින් සුපිරි වැටුප් ලබන නිලධාරීන් ද කැපකිරීමක් කළ යුතු බවත් ඒ සඳහා එම සමාගමේ නිලධාරින්ට බලකිරීමට බලාපොරොත්තු වන බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල බණ්ඩාර මහතා පැවසීය. 29 April 2022
භාණ්ඩවල මිල ලකුණු කරන්නත් ගැසට්ටුවක් ? භාණ්ඩවල මිල ලකුණු කිරීම සහ ලකුණු කළ මිලට අළෙවි කිරීම තහවුරු කරමින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා ඉදිරි දිනවලදී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පාරිභෝගික කටයුතු ආධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 29 April 2022
ඉන්ධන ඉල්ලන විට වෙඩි තබන රටක මොන කම්කරු අයිතියක් ද? බඩු මිල ශීඝ්‍රයෙන් ඉහළ යද්දී ඉන්ධන ඉල්ලා පෝලිම්වල හඬ නගන තරුණයන් වෙඩි තබා ඝාතනය කරන රටක කම්කරු අයිතීන් කිසිසේත්ම සුරැකෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 29 April 2022
සියඹලාපිටිය නි.කතානායක ධූරයෙන් හෙට ඉවත් වෙයි නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා එම තනතුරෙන් හෙට (30) ඉවත් වනු ඇත. 29 April 2022
යතුරුපැදි-රන්මාල කොල්ල කෑ 4ක් පොලිස් දැලේ මනුෂ්‍ය ඝාතන 8 ට චෝදනා එල්ලවී ඇති, වසර 19 ක් සිරගතව සිට පැමිණි අපරාධකරුවකු මෙහයවන යතුරුපැදි සහ කාන්තාවන්ගේ ගෙලබැදි රන්මාල කොල්ලකන සිව්දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . 29 April 2022
සා.පෙළ විභාගයට දින දෙයි ‘කොවිඩ්’ වසංගත තත්ත්වය හේතුවෙන් කල්දැමූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය (2021) ලබන මැයි මස 23 වැනිදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය. 29 April 2022
ගුටරේස් සෙලෙන්ස්කී හමුවෙද්දී රොකට් ප්‍රහාරයක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කීව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොකට් ප්‍රහාරයක් එල්ල විය. 29 April 2022
මහින්දට යන්න නොදෙන අය ලලිත් එල්ලාවල හෙළි කරයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඕනම අවස්ථාවක රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගත්තා. මේ වෙලාවෙත් රට වෙනුවෙන් තීන්දුවක් ගන්න සූදානම් කියන පණිවිඩය අපට දුන්නා. හැබැයි අගමැතිට මෙම තීන්දුව ගන්න යම් පිරිසක් ඉඩ දෙන්නෙ නැද්ද කියන අවිශ්වාසය අප කණ්ඩායම තුළ තියෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පැවැසීය. 29 April 2022
ප්‍රදේශ රැසකට අදත් වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 April 2022
විශ්වාසභංගය ලබන සතියේ කතානායකට ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කතානායකවරයාට බාර දීමට බලාපොරොත්තු වන බව සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා ලංකාදීපයට පැවැසීය. 29 April 2022
අගමැතිකමට අලුත් නමක් කරකැවෙනවා නව අගමැතිවරයකු පත් කිරීමට ජනාධිපතිවරයා සිය ලිපියෙන් යෝජනා කර ඇති බවත් නව අගමැතිවරයකු සඳහා නමක් මේ දිනවල කැරකැවෙමින් තිබෙන බවත් අපේ ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. 29 April 2022
රටකරවන තැනට වසර 40යි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට හෙට (29) වසර 40 ක් සපිරෙයි. 29 April 2022
අගමැතිට යන්න කීවේ නෑ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙසට හෝ ඔහු ඉවත් කරන බවට කිසිදු දැනුම් දීමක් කර නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 28 April 2022
ඉන්දුනීසියාවෙන් මිලියන 570 ක ඖෂධ සහ උපකරණ රට පුරා රෝහල්වල ඖෂධ හිගයක් ඇති වී තිබෙන මෙම අවස්ථාවේ , ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ,ඉන්දුනීසියානු රජය විසින් පළමු වරට රුපියල් මිලියන 570 ක් වටිනා ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ තොගයක් අද (28) දින සවස ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි . 28 April 2022
රඹුක්කන විරෝධයට වෙඩි තැබුවාට එස්.එස්.පී ඇතුළු සිවුදෙනකු අල්ලයි රඹුක්කනදී විරෝධතාවක් අතරතුරදී පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 28 April 2022
රිදීමාලියද්ද ප්‍ර.සභාපති - විරෝධතාකරුවන් හා ගැටුමක ආණ්ඩුවට එහෙිව රිදීමාලියද්ද වෙළෙද සංගමය සහ ත්‍රීරෝද රථ සංගමය එක්ව රිදීමාලියද්ද ආදාඋලපත මංසිධියේදි අද සවස පැවැති විරෝධතාවකට සහභාගී වූ පුද්ගලයකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. 28 April 2022
41 කණ්ඩායම හෙට ජනපති තනිව හමුවෙයි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී හෙට (29)උදේ පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41දෙනාගේ කණ්ඩායම තීරණය කර ඇත. 28 April 2022
නිර්පාක්ෂිකයන් අස්සේ පාක්ෂිකයන්:විරෝධය උණුසුම් ආණ්ඩුවට එරෙහිව දිවයින පුරා පැවැති නිර්පාක්ෂික විරෝධතා මාලාවට සමගාමීම දෙබරවැව නගරයේ පැවැති විරොධතාවේ දී ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් ඔවුන්ගේ පක්ෂයට සම්බන්ධ දැන්වීමට ප්‍රදර්ශනය කිරීමත් සමග ඊට එක්වූ පිරිසක් ඊට විරෝධය දැක්වීමත් සමග උණුසුම්කාරි තත්ත්වයක් ඇති විය. 28 April 2022
කෘෂිකර්ම අමාත්‍ය විරෝධතාකරුවන් හමුවෙයි බත්තරමුල්ල දියත උයන ඉදිරිපස සත්‍යග්‍රහයක නිරත ජාතික ගොවිජන එකමුතුවේ නියෝජිතගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර සහ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහත්වරු අද (28) එම ස්ථානයට පැමිණියහ. 28 April 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026