IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රෙෂ්ඨාධිකරණ සංශෝධන අනුව 22 ට සහය දෙනවා

(ඩයනා උදයංගනී)

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන අනුව සම්මත කරන්නේ නම් ඊට පක්ෂව ඡන්දය දීමට උත්තර ලංකා සභාගය  නියෝජනය කරන පක්ෂවල මන්ත්‍රීවරුන් සූදානම් බව එහි සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

කූඨ ක්‍රමවේදයක් අනුව යමින් රටට අහිතකර යටිකූට්ටු සංශෝධන මේ සඳහා ගෙන ඒමේ අවදානමක් තිබෙන බව කී මන්ත්‍රීවරයා එවැන්නක් කළහොත් සහයෝගය ලබාදීම පිළිබඳව යළි සලකා බලන්න සිදුවන බව ද සඳහන් කළේය.

එබැවින් ඉදිරිපත් කරන ලද මූලික කෙටුම්පත සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර තිබෙන සංශෝධන හැර හොඳ හෝ නරක හෝ වෙනත් සංශෝධන ඉදිරිපත් කිරීමට කාරක සභා අවස්ථාවේදී කටයුතු කළහොත් ගතයුතු තීරණය කුමක්ද යන්න සිතාබැලීමට සිදුවන බව ද වීරවංශ මහතා සඳහන් කළේය.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී  පැවති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

 



අදහස් (0)

ශ්‍රෙෂ්ඨාධිකරණ සංශෝධන අනුව 22 ට සහය දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site