IMG-LOGO

දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට ප්‍රතිචාර

උතුරු කොරියාව ඊයේ (04) සිදුකළ මිසයිල අත්හදා බැලීමට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව සහ එක්සත් ජනපදය ජපාන මුහුද ලෙස ප්‍රසිද්ධ නැගෙනහිර මුහුදට මිසයිල හතරක් එල්ල කළ බව දකුණු කොරියානු හමුදාව අද (05) ප්‍රකාශ කළේය.

දකුණු කොරියාව සහ ඇමෙරිකාව නැගෙනහිර මුහුදේ පුහුණු ඉලක්ක වලට මිසයිල දෙක බැගින් එල්ල කළ බව දකුණු කොරියානු මාණ්ඩලික ප්‍රධානීහු අද (05) පැවසූහ.

දකුණු කොරියාව මිසයිල දෙක ජපාන මුහුදට එල්ල කරන අවස්ථාවේ එක් මිසයිලයක් දියත් කිරීම අසාර්ථක වී ඇති අතර සිද්ධිය සිදු වී පැය 7කට පසු දකණු කොරියා හමුදාව එක් මිසයිලයක් දියත් කිරීම අසාර්ථක වූ බව පිළිගනිමින් සමාව ඉල්ලා තිබේ. කෙසේ වෙතත් එම අනතුරින් ජීවිත හානි සිදු වී නැතැයි දකුණු කොරියානු හමුදාව ප්‍රකාශ කර ඇත.

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල්, උතුරු කොරියාව ඊයේ (04) සිදුකළ මිසයිල අත්හදා බැලීම "ප්‍රකෝප කිරීමක්" ලෙස හැඳින්වූ අතර එයට  "දැඩි ප්‍රතිචාරයක්" ලබා දෙන බවට පොරොන්දු විය.

ගන්ග්නංග් නගරයේ ඇති වූ ගින්නෙන් ජනතාව කලබල වීමෙන් පසු සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් දකුණු කොරියානු හමුදාව සමාව අයැද සිටි මුත් ඒ සඳහා පැය 7 ක කාලයක් ගත වී තිබේ.

අවසන් වරට උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2017 වසරේ වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් මෙම මිසයිල අත්හදා බැලීම පැහැදිලිවම යුද උණුසුම උත්සන්න කිරීමක් බව ප්‍රකාශ කර ඇත.

 



අදහස් (1)

දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට ප්‍රතිචාර

WCA Wednesday, 05 October 2022 01:15 PM

මේකෙන් මෙහෙ පෙට්‍රල් කීයකින් වැඩි වෙනවද? යන්නේ කොහෙද මල්ලේ පොල් දේශපාලකයින්..!

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 26 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 663 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site