බොලිවුඩ් සුපිරි නිළි ජැක්ලින්ගේ කෝටි 7ක් අත්හිටුවයි ශ්‍රී ලංකා සම්භවයකට උරුමකම් කියන සුපිරි ඉන්දීය නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි 7.27ක වත්කම් අත්හිටුවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 01 May 2022
ගෑස් නැතිව පාර වහලා ගෑස් සිලින්ඩර මිල දී ගැනීම සඳහා පිලියන්දල පුවක්ගස් හංදියේ ගෑස් අලෙවි සලක් අසල රැඳී සිටි පිරිසකට ගැස් නොලැබෙන බව වෙළඳසැල් හිමියා දැනුම් දීමත් සමගම ප්‍රකෝප වූ පාරිභෝගිකයන් හොරණ - කොළඹ මාර්ගයේ පිලියන්දල පුවක්ගස් හංදියෙන් වසා විරොධතාවක නිතර විය. 30 April 2022
රජය රසායනික පොහොර සහන මිලට දෙනවා රජයේ පොහොර සමාගම් දෙක හරහා රසායනික පොහොර ආනයනය කොට සහනදායී හා සාධාරණ මිලට ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. 30 April 2022
ඉන්ධන ප්‍රවාහනයට අලුතින් බවුසර් ලියාපදිංචියට ඉන්ධන ප්‍රවාහනය සඳහා නව බවුසර් ලියාපදිංචිය වහාම ආරම්භ කරන ලෙසත් සේවයට වාර්තා නොකරන බවුසර්වල ලියාපදිංචිය අවලංගු කරන ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට උපදෙස් දී තිබේ. 30 April 2022
ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ හිමියන් අද මැදියම් රැයේ සිට වර්ජනයක ඉන්ධන ප්‍රවාහන කටයුතු වල නිරත ටැංකි රථ හිමියන් අද (30) රාත්‍රියේ සිට වර්ජනයක නිරත වන බව එම සංගමය පවසයි 30 April 2022
'හොරෙන් රට පැනීම සියයට තිහකින් වැඩිවෙලා' ආර්ථික අර්බුදය නිසා වැඩි ආදායම් සොයා ගැනීමේ අරමුණින් මෙරටින් විදේශයන්ට නීති විරෝධී ක්‍රම මඟින් පැන යෑමද සියයට 30කින් පමණ වැඩිවී ඇතැයි ආරක්ෂක අංශ ප්‍රධානීහු පවසති. 30 April 2022
රසායන පොහොර සඳහා මිල සූත්‍රයක් රසායනික පොහොර ආනයනය කරන සමාගම් සඳහා නිශ්චිත මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය . 30 April 2022
නව අමාත්‍යවරුන්ගේ විෂය පථ ගැසට් කරයි පසුගියදා පත්කෙරුණු අමාත්‍යවරුන් ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන් ගේ විෂය පථයන් හා කාර්යයන් දැනුම් දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. 30 April 2022
’එකතු කළ අගය මත බද්ද වැඩි කිරීම හැර විකල්පයක් නෑ’ එකතු කළ අගය මත බද්ද වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නොමැති බව බී.බී.සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී [29] මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය. 30 April 2022
බොරලැස්ගමුවේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලකට අද (30) පෙරවරුවේ ගින්නක් ඇතිව තිබේ. 30 April 2022
ගුවන් හමුදා නියමුවන්ට එතෙර වැඩි ඉල්ලුමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගොස් සිටින හෙලිකොප්ටර් නියමුවන් 50 කට ආසන්න පිරිසක් මැදපෙරදිග තෙල් ආකරවල විවිධ මෙහෙයුම් කටයුතුවලට යොදවා ගන්නා හෙලිකොප්ටර් යානාවන්හි නියමුවන් ලෙස බඳවාගෙන ඇතැයි ගුවන් හමුදා ආරංචි මාර්ගවලින් පැවසේ. 30 April 2022
අගමැතිට ඉවත් නොවන්නැයි පොහොට්ටුවෙන් ඉල්ලීම් නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකගතාව පළ කර ඇතත් ,අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එම ධුරයෙන් ඉවත් නොවන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් දිගින් දිගටම ඉල්ලීම් කරන බව වාර්තා වේ. 30 April 2022
'මැතිසබේ දින 8ට කෝටි 7ක් වැය කරලා' රටේ අර්බුදය නිර්මාණයවීමෙන් පසු පාලිමේන්තුව අවස්ථා අටක් මේ දක්වා රැස්වී( රැස්වීම් ) ඇති අතර මේ රැස්වීම් සඳහා වැය කර ඇති මුදල රුපියල් හත් කෝටි තිස් හය ලක්ෂයක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 30 April 2022
තෙල් බෙදීම විපරමට යුද හමුදාව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදා නිලධාරින් රට පුරා යෙදවූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 30 April 2022
වැස්සෙන් දික්ඔය පහත්බිම් යටවෙයි කාසල්රි ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් දික්ඔය පොඩයිස් වතු යායේ පහත්බිම් ප්‍රදේශවල පිහිටි වතු නිවාස 30 ක් පමණ ජලයෙන් යට වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය. 30 April 2022
ඖෂධ මිල නැවතත් ඉහළ යයි ඖෂධ වර්ග 60 ක මිල සියයට 40 කින් ඉහළ දැමීමට අවසර දෙමින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 30 April 2022
බස්නාහිර ඇතුළු පාළාත් රැසක අද කාලගුණය බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද (30) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 April 2022
ඩොලර් හුවමාරුවට මහ බැංකු අධිපති ගත් තීරණය බැංකු පද්ධතියට පිටතින් සිදුවන විදෙස් මුදල් හුවමාරු පාලනය සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 30 April 2022
බුදුන්ට නිගා කළැයි සන්නස්ගල අධිකරණයට බුදුන්වහන්සේට සහ බෞද්ධ ආගමට නිගාකරමින් “බුදුන්ගේ රස්තියාදුව” නමින් ග්රන්ථයක් ලියා මුද්‍රණය කර බෙදා හැරියැයි කියන සිද්ධියකට අදාළව ලබන මැයි මස 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් සිංහල ආචාර්යවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල සහ ශ්‍රීනාත් චතුරංග යන අයට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නොතීසි නිකුත් කළේය. 30 April 2022
බණ්ඩාරනායක පිළිරුවේ දෑස් කළු පටියකින් වහයි කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ නිරත පිරිස් ඒ අසල පිහිටි හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුවෙහි දෙනෙත් කළු පටියකින් ආවරණය කර තිබූ අයුරු. 29 April 2022
බැඳුම්කර නඩුව 13ට කල් යයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දහදෙනකුට එරෙහි නඩුව පවත්වාගෙන යා නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මුලික විරෝධතාවයක් අද මතු කළේය 29 April 2022
හිටපු නාවික හමුදාපතිගේ නඩුව සැප්තැම්බර් හයට කල් යයි කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන සැප්තැම්බර් මස 06 වැනිදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළේය. 29 April 2022
පොහොට්ටුව මහා නායක හිමිවරුගෙන් කළ ඉල්ලීම සර්වපාක්ෂික අන්තර්වාර පාලනයකට අවශ්‍ය සහාය දක්වන ලෙසට සියලුම දේශපාලන පක්ෂ වලට සහ අරගලය මෙහෙය වන සියලුම දේශපාලන කණ්ඩායම්වලට නැවතත් ආරාධනා කරන්නැයි සර්වපාක්ෂික අන්තර්වාර පාලනයක් උදෙසා සහාය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායම ත්‍රෛනිකායික මහා මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 29 April 2022
කෑගල්ල වෙඩි තැබීමේ සිද්ධිය පොලිසියේ තවත් තුනක් රිමාන්ඩ් රඹුක්කන නගරයේ පැවැති විරෝධතාවක් අතරතුර සිදුවූ වෙඩි තැබිමකින් විරෝධතාකරුවකු මිය යෑම සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනා ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩි ගත කරන්නැයි තෙල්දෙණිය මහේස්ත්‍රාත් ග්‍රැන්විල් ප්‍රනාන්දු මහතා අද සවස නියෝග කළේය. 29 April 2022
‘එතනෝල්’ කිලෝ 12,800 රේගුවේ හිරවෙයි වත්තල ප්‍රදේශයේ ආනයනකරුවෙක් ‘අයිසො ප්‍රොපයිල් මධ්‍යසාර’ ලෙස ප්‍රකාශ කර නීතිවිරෝධීව ආනයනය කළ එතනෝල් කිලෝ 12,800 ක් ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගැනීමට සමත් විය. 29 April 2022
අන්තර් පාලනය විහිළුවක් අන්තර් කාලීන හෝ කුමන හෝ ආණ්ඩුවක් ගැන සිතීමට පළමු කොන්දේසිය වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්වීම බවත් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය තබාගෙන හදන අන්තර් කාලීන ආණ්ඩු තේරුමක් නැති විහිළුවක් පමණක් බවත් ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (29) ‘ලංකාදීප’යට පැවසීය. 29 April 2022
ජනපතිට එරෙහිව ගොවියකුගෙන්-නිතිඥවරු දෙදෙනකුගෙන් පෙත්සමක් රසායනික පොහොර සම්පූර්ණයෙන් තහනම් කර අත්තනෝමතික ලෙස කාබනික පොහොර භාවිතයට නියම කිරීම තුළින් ගොවි ජනතාව ඇතුළු ජන ජීවිතය අඩාල කිරීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි සඳහන් කර ඊට වගකිව යුත්තන්ගෙන් වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ගොවියකු සහ නිතිඥවරුන් දෙදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් අද (29) ගොනු කර ඇත. 29 April 2022
ඖෂධ සහ වෛද්‍ය ආධාර රැගෙන ඝාරියල් කොළඹට ඉන්දියානු නාවික හමුදාවට අයත් ’INS GHARIAL’ නෞකාව අද (29) දින කොළඹ වරායට ළඟා විය. 29 April 2022
අන්තර්වාර පාලනය ගැන පොහොට්ටුවේ ලේකම්ගෙන් ප්‍රකාශයක් ක්‍රියාත්මක කිරීමට යන අන්තර් වාර පාලනය කුමක් දැයි ජනාධිපතිවරයාගෙන් මුලින්ම දැනගත යුතු බවත් ඊට පක්ෂයක් හැටියට සම්බන්ධ වෙනවාද නැද්ද යන්න තීරණය කළ හැක්කේ ඉන් පසුව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය. 29 April 2022
ආනයනවලට ගෙවීම් බලයලත් බැංකු හරහා පමණයි ශ්‍රී ලංකාවට කරන ආනයනයන්හිදී සියලුම ගෙවීම් බලයලත් බැංකු පද්ධතියක් හරහා කිරීම අනිවාර්ය කරමින් ආනයන අපනයන පාලකවරයා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 29 April 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026