(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.
විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (4) රැස්විය. පනතට අනුමැතිය හිමිවූයේ එම රැස්වීමේදීය.
ඉන්ධන ආනයනය, සැපයුම සහ බෙදාහැරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමට අමතරව අනෙකුත් පාර්ශ්ව සඳහා පහසුකම් සලසාදීමට මෙම පනත් කෙටුම්පත මගින් ප්‍රතිපාදන සැලසෙයි.
මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සහ එම්. එස්. තවුෆික් යන මහත්වරුද සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
300
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලශක්ති පනතට විදුලි කාරක සභාවේ අනුමැතිය