IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වසන්ත මුදලිගේලා කළ රාජ්‍ය විරෝධී ක්‍රියාව කුමක්ද?

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වසන්ත මුදලිගේ,ගල්වැව සිරිධම්ම හිමි,හශාන්ත ගුණතිලක යන පිරිස මේ වන විට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන තබා ඇති බවත් ඔවුන් යෙදුණු රාජ්‍ය විරෝධී ක්‍රියාවක් කුමක්ද යන්න පවසන ලෙසත්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ වන විට වසන්ත මුදලිගේ ගේ ජීවිතය අවදානමක පවතින බව පැවසූ විපක්ෂ නායකවරයා ඔහු බන්ධනාගාරයෙන්  රාත්‍රී කාලයේ  විවිධ ස්ථානවලට රැගෙන යමින් සිටින බවට වාර්තා වන බව ද පැවසීය. 

රටට එරෙහිව එල්ල වී ඇති මානව හිමිකම්  යෝජනා වලට ආණ්ඩුව විසින්ම උත්තේජනය ලබාදෙන බව පැවසූ විපක්ෂ නායකවරයා  ශිෂ්‍ය අරගල වලට ප්‍රහාර එල්ල කරන්නේ ඒ අරමුණින් දැයි ප්‍රශ්න කළේය.



අදහස් (13)

වසන්ත මුදලිගේලා කළ රාජ්‍ය විරෝධී ක්‍රියාව කුමක්ද?

Prase Wednesday, 05 October 2022 11:36 AM

රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ එක්කෙනෙක් ගැන පාර්ලිමේන්තුවේ කතාකරන එකද? වසන්තට රටේ නීතිය අනුව කටයුතු කරයි...

:       126       27

sisiraWednesday, 05 October 2022 05:26 PM

විශ්වවිද්‍යාලය තුළ සිදුකරන්නා වූ අමානුෂික ක්‍රියාවන් පිළිබඳවද සජිත් කතා කරන්න..

:       1       6

SUNIL MILANO Wednesday, 05 October 2022 12:31 PM

පුතාණෝගේ අප්පච්චි සලකපු විදිහ පුතාණෝට අමතකයි. ඔය අන්තරේ මන්තරේ පිටිපස්සේ ඉන්න එක්කෙනෙක් තමයි මෙයා. හිටපු හමුදාපතිටත් ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ. මේ ඔක්කොම එකතු වෙලා කරන්නේ අපේ මවුබිම අගාධයට ඇදලාදාන එකයි. මේ සේරම අපතයින්...

:       104       27

වාසුදේව Wednesday, 05 October 2022 04:52 PM

ඇත්තම තමයි. මිලානෝ ඉඳන් ප්ලේන් වලින් තොග ගණන් සෙනඟ ආවනේ ... රට රකින විරුවා ගෝඨාභයට ඡන්දෙ දෙන්න. අන්තිමට විරුවා රටම නැතිබංග කරලා වලපල්ලට යවලා තොලොන්චි වෙලා රටින් එලවලා දැම්මා. සජිත් හොරකම් නැති, දක්ෂ, රටට හොඳ සේවයක් කළහැකි නායකයෙක්. අනේ මෙහෙම මිලානෝ ඉන්න ගොන්නු ලැජ්ජා නැතුව තාමත් හොරුන්ට කඩේ යනවනේ?

:       3       19

Samantha Wednesday, 05 October 2022 06:57 PM

ඉතින් කොල්ලන්ටත් කටුකම්බි සුප් පෙව්වනේ. ඒක බොරුවක් කියලද කියන්නේ...? නැත්නම් ඒක යටගහන්නද හදන්නේ? පුතා දන්නේ නැතුව ඇති එයා එංගලන්තේ සහ ඇමරිකාවේ හිටපු කාලේ වෙන්න ඇති...

:       0       3

පිටරැටියා Wednesday, 05 October 2022 04:58 PM

අමුතුවෙන් ආගාධයට ඇදලා දාන්න දෙයක් නැහැ. දූෂිත දේශපාලුවන් දැනටම ඒ දේ කරලා හමාරයි. ලැජ්ජාවක් නැත්තේ හිටපු හමුදාපතිට නෙවෙයි, දූෂිත දේශපාලුවන්ට කඩේයන වහලුන්ට සහ මොලේ උඩ බයියන්ට...

:       2       61

Perera Wednesday, 05 October 2022 12:34 PM

වසන්ත මුදලිගේ කරපු රාජ්‍ය විරෝධී ක්‍රියාව රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවලට එරෙහිවීම.

:       15       168

sara Wednesday, 05 October 2022 01:41 PM

රාජ්‍ය විරෝධී ක්‍රියාව මොකද්ද දන්නවද? රටේ විපක්ෂ නායකතුමාට පහරදීමට ජනතාව පෙළඹවීම...

:       33       8

Surain Wednesday, 05 October 2022 02:03 PM

මුලු රැළක් වෙනුවෙන් මිනිස්සු අවදිකළ මිනිස්සු වෙනුවෙන් ඔබතුමා පෙනී සිටීම අගය කරනවා.

:       12       37

fairoos Wednesday, 05 October 2022 02:13 PM

බයි වහල්ලුන්ට අරගලය එපා වුණාට රනිල් කරගෙන යන වැඩේ නම් අන්තිම කැතයි... පුළුවන් නම් ඡන්දයකට යන්න ඉන්න 225 සහ රනිල් යන්නම ඕනෑ...

:       12       70

BamunuarachchiThursday, 06 October 2022 07:07 AM

රටකාපු හම්බ සෙට් එක දැන් රට හදන්න කතා වෙනවා. මේ රට හැදෙන්න නම් පළමුව හම්බයින් රටින් පලවා හරින්න

:       0       0

ගමේ එකාලා Wednesday, 05 October 2022 06:17 PM

ජනතාවගේ කතිරෙන් බලයට ඇවිත් ජනතාව මහපාරට ඇදලා දාපු දූෂිත දේශපාලුවන්ට විරුද්ධව උද්ඝෝෂණ කිරීම රාජ්‍ය විරෝධී ක්‍රියාවක්ද? දූෂිත පවුල් පාලනේ, දූෂිත දේශපාලුවන් මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ කරලා රටම කාබාසිනියා කෙරුවා. ඔවුන් දේශද්‍රෝහියන්ටත්, ත්‍රස්තවාදීන්ටත් වඩා අන්තයි...

:       1       166

Mala Thursday, 06 October 2022 08:37 AM

වසන්ත මුදලිගේ ඇතුළු පිරිස අත්අඩංගුවේ තබා ගැනීමට කළ අපරාධ මොනවාදැයි දැන ගැනීමට ද අපි කැමැත්තෙමු. ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ "නීත්‍යානුකූලව විරෝධතා දැක්වීම" පුද්ගලයෙකුගේ අයිතියක් බවයි. ඉතින් කවුද මෙතන මානව හිමිකම් කඩ කරන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site