IMG-LOGO

පියතිස්ස අන්තරේට අලුත් කැඳවුම්කරුවෙක් නම් කරයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු වන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බව පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඔහු දැන් පොලිසියට බලපෑම් කරමින් සිටින අතර  බලහත්කාරයෙන් රජයක් හදන බවත්  එහිදී ගනුදෙනු බේරා ගන්නා බව පවසමින් සිටින්නේ යැයි පියතිස්ස මහතා කීය.

පාන්දර තුනට විතර ගෙදරට හොරෙක් ආවොත් කතා කරන්නේ කාටදැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ෆොන්සේකාගෙන් විමසා සිටින බව කී පියතිස්ස මහතා කවුරු බයිලා ගැහුවත් පොලිසිය එක දවසක් වර්ජනය කළොත් මුළු රටම හාන්සි බවද සඳහන් කළේය.

පොලිස් නිලධාරියෙක්ගේ වටිනාකම පුරවැසියන් තේරුම් ගත යුතු අතර ඒ නිසා මුළු රටේම  පොලිස් නිලධාරීන් ආරක්ෂා කළ යුතුයැයි ද  ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුයැයි ද නිමල් පියතිස්ස මහතා පැවසීය.



අදහස් (12)

පියතිස්ස අන්තරේට අලුත් කැඳවුම්කරුවෙක් නම් කරයි

Perera Wednesday, 05 October 2022 01:46 PM

පොලිසිය එක දවසක් වර්ජනය කළොත් එදාට 225න් වැඩි දෙනා ජනතාව අතින් කම්බස් වෙනවා...

:       9       47

SENAWednesday, 05 October 2022 02:15 PM

හරියටම හරි... මේ මනුස්සයා හිතාගෙන ඉන්නේ 225 කියන්නේ මුළු රටේම මහජනතාව කියලා...!

:       7       37

චින්තක Thursday, 06 October 2022 06:01 AM

සේන රටේම ජනතාවට පාර්ලිමේන්තුවට එන්න බැරිනිසා තමයි ජනතා චන්දය මත 196 කුත් තවත් 29 කුත් පාර්ලිමේන්තුවට යවන්නෙ එනිසා එයින් ක්‍රියාත්මක ජනතා මතයයි ඒක මේ ආණ්ඩු ක්‍රමයේ තියෙන වරදක් ,මේ ආණ්ඩු ක්‍රමය ජනතා ආණ්ඩුවක් වෙන්න නම් ගම් මට්ටමේ සිට ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ වෙන්න පුළුවන් ආකාරයට පාලනය විමධ්‍යගත වෙන්න ඕන (ඔක්කොම රජවරු කිව්වම එහෙම නමකින් තියෙන පක්ෂය නොවෙයි ) සකසන පනත් ,ව්‍යාපෘති ගැන පාර්ලිමේන්තුවට පෙර ජනතා අදහස් ගන්න ක්‍රමයක් හදන්න ඕන කොට්ඨාසයේ මන්ත්‍රී පක්ෂයේ තීරණ ගතයුත්තේ ජනතා අනුමැතිය මත මිස පක්ෂය ප්‍රතිපත්ති අනුව නොවෙයි ජාතික ප්‍රතිපත්ති අනුවයි සෑම අංශයක් සදහාම ජාතික ප්‍රතිපත්ති හැදෙන්න ඕන

:       0       2

කිරි පුතා Wednesday, 05 October 2022 02:41 PM

ෆොන්සේකා උන්නැහේට මොකද්ද හැදිලා තියෙන ලෙඩේ කියලා මේ බලබලා ඉන්නේ... දේශපාලනයට ආවාම කාගේත් මොල අවුල්වෙනවා වගේ...!

:       23       32

විපරමා Wednesday, 05 October 2022 06:35 PM

දේශපාලනේට ඇවිත් මොල අවුල් වුණු පවුල් පාලනේ අයට වෙච්චි දේ දැක්කේ නැද්ද? ෆොන්සේකා මහතා යුද්ධය දිනාදීපු රණවිරුවෙක්... තණකොළ වෙන්ඩැති කන්නේ?

:       6       15

යෝගා Wednesday, 05 October 2022 02:50 PM

යන එන මං නැතිව අන්තරේ ගෙමිදුලට ඇවිත් බුරනවා බුරනවා ඉවරයක් නෑ. දවසක හැබැයි ගෙයි අයිතිකාරයින් පයින් ගහලා පන්නලා දානවා.

:       7       20

fairoos Wednesday, 05 October 2022 02:51 PM

මේ අයට නම් සොබාදහමින් තමයි පඩිසන් ලැබෙන්නේ..!

:       5       20

ගලපර Wednesday, 05 October 2022 03:05 PM

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමා රට මේ ආණ්ඩු කරන කම්බ හොරු රැලෙන් බේරගන්න ඉන්න එකම කෙනා. අරගලය කරන බුද්ධිමත් දරුවන්ට සහ ජනතාවට ඔබතුමා ලොකු ශක්තියක්. ඔහොම ගියොත් රටම ගොඩ...

:       30       32

නිහාල් Wednesday, 05 October 2022 03:58 PM

මෙයා කවුද? දැකලාවත් නැහැනේ...!

:       3       21

sarath Wednesday, 05 October 2022 04:00 PM

පාන්දර තුනට විතර ගෙදරට හොරෙක් ආවොත්, කොහොමත් පොලිසියට කතාකරලා වැඩක් නැහැ. මොකද, පොලිසිය එනකොට තව දවස් දෙකක් ගිහින්...

:       5       20

maubime puthek Wednesday, 05 October 2022 05:37 PM

පනික්කියාගේ දවුලේ ගැට ගැහිලා ඉන්න තවත් කෙනෙක්... මේ අයට පොලිසිය දැන් හරිම ලොකුයි. මොකද මේ වගේ අයට දැන් පොලිස් සුනඛයෝ නැතිව තනිමග යන්න බෑනේ... මිනිස්සුන්ගෙන් කන්න වෙනවනේ... අනික මේක පසුගිය දවසක කොත්මලේ ප්‍රෙද්ශයේදී හොඳටම ගුටිකෑවනේ...!

:       5       17

මොහාන් වානවඩු Friday, 07 October 2022 08:23 AM

ඇත්තම කිව්වොත් පොලිස් නිළධාරීන්ගේ රාජකාරිය අතිශයින්ම දුෂ්කරයි ඉහල පොලිස් නිලධාරින් ගේ මෙන්ම දේශපාලකයින්ගේ අතකොලු වන්නේ පහල ශ්‍රේණිවල නිළධාරීන්ය පහුගිය අරගලඅවස්ථාවලදී ඉතාම අසරන තත්වයට පත්වුයේ ද පොලිස් නිලධාරීන්ය ඔවුහුද මනුස්සයෝය ඔවුනටද දහසක් ප්‍රශ්න ඇත දුෂ්කරතා ඇත ඒ අතරම අපගෙ සමහර මිනිසුන් ඔවුනට අවදාල කරති අන්තරේ සැමවිටම ගැටෙන්නෙ පොලිසියත් සමගය පොලිසිය කරන්නේ ඔවුනට ඉහලින් ලැබෙන අණ ක්‍රියාත්මක කිරෘමයි එය ඔවුන්ගේ රාජකාරියයි එයට සැමදෙනාම සහයෝයය දැක්විය යුතුවක් මෙන්ම පොලිසියද නිවරදිව කටයුතු කරන්නේ නම් එය ඉතාහොදය

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 26 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 663 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site