ට්‍රැෆික් සාජන්ගේ තොප්පිය ඉස්සූ ගුවන් සෙබළා ඇතුළු දෙකක් මාට්ටු මාවනැල්ල පොලිසියයේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකුගේ පොලිස් යනුවෙන් සඳහන් කර ඇති ආරක්ෂක හිස්වැස්ම සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදා සෙබළකු ඇතුලු සැකකරුවන් දෙදෙනකු මාවැනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 07 July 2022
දුවන්න බැරි කෝච්චි පෙට්ටි එකසිය තුනක් ඉන්දියාවෙන් ගෙන්වලා මෙරට දුම්රිය මාර්ගයන්හි භාවිතයට ගැනීමට නොහැකි දුම්රිය මැදිරි එකසිය තුනක් ඉන්දියාවෙන් ගෙන්වීමෙන් සිදුවී ඇතැයි කියන විශාල මුදල් නාස්තියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) දැඩි අප්‍රසාදය පළවී ඇත. 07 July 2022
ඩීසල් හිඟයෙන් බහාලුම් රථත් නවතින ලකුණු ඩීසල් නොමැතිවීමෙන් අපනයන බහාලුම් රථ වලින් සියයට 90ක් අද(7) දිනයේ ධාවනය නොවූ බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය. 07 July 2022
ඩිජිටල් යුගයක දරමිටි පාරේ මහල් නිවාස බහුල ජනාකීර්ණ මැද කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන වෙළෙඳ භාණ්ඩයක් බවට දරමිටිය පත්ව ඇත. 07 July 2022
සටනින් පැරදී සිටියදී දළ කැපූ ඇතා අවසන් ගමන් යයි ඇතකු සමග පැවැති ද්වන්ද සටනකින් පරාජයට පත්ව කුඹුරක වැටී සිටියදී සහසිකයකු විසින් එක් දළක් කපාගෙන ගිය මහේශඛ්‍ය ඇත් රජු අද අලුයම මියගිය බව අනුරාධපුර වනජීවි පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතා පවසයි. 07 July 2022
පාස්පෝට් කන්තෝරුවේදී දරු උපතක් බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ පෝලිමේ රැදී සිටි ගැබිනි මවක් අද (7) අළුයම දරුවෙක් ප්‍රසූත කර තිබේ. 07 July 2022
රුසියා තෙල් නියෝජිතයෝ කටුනායකට ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයෝ දෙදෙනෙක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණයහ. 07 July 2022
කොටුවෙන් - මරදානෙන් දුම්රිය ස්ථානාධිපති ඉවත් වෙති කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවලින් ස්ථානාධිපතිවරු වාහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 07 July 2022
දුම්රිය ධාවනාගාර සේවකයෝ යළි වර්ජනයක් අරඹති දුම්රිය ධාවනාගාර සේවකයන් ඇතුළු වෘත්තීය සමිති කීපයක සේවකයන් නැවත වර්ජනයක් ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් අද (7) පෙරවරුවේ ද දුම්රිය කීපයක් අවලංගු කර තිබේ. 07 July 2022
ස්ථාවර තැන්පතු - ණය පහසුකම්වල පොලී අනුපාත වැඩි කරයි ශ්‍රී ලංකාවේ වර්තමාන සහ අපේක්ෂිත සාර්ව ආර්ථික සංවර්ධනයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (06)පැවති රැස්වීමකදී ස්ථාවර තැන්පතු සහ ණය පහසුකම්වල පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කළ බව අද(07) නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව ප්‍රකාශ කළේය. 07 July 2022
බංග්ලාදේශයේ සිවුවැනි රැල්ල දරුණුයි බංග්ලාදේශය සිවුවැනි කොරෝනා රැල්ලට මුහුණ දෙමින් සිටින අතර, එරට සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත්තේ, මෙම සිවුවැනි කොරෝනා රැල්ල බිහිසුණු ස්වරූපයක් ගෙන ඇති බවය. 07 July 2022
ලක්ෂ 8ක ඉන්ධන සමඟ අයෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ 8 ට අධික වටිනා ඉන්ධන තොගයක් ළග තබාගෙන සිටි සැකකරුවෙක් කල්මුණේ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (6) අත්අඩංගුවට ගෙන ඇත. 07 July 2022
ඉන්ධන පෝලිම තවත් බිල්ලක් ගනියි පයාගල IOC ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් ලබාගැනීම සදහා පෝලිමේ රැදී සිටී පුද්ගලයෙකු අද අලුයම මියගොස් තිබේ. 07 July 2022
තමිල්නාඩු පොලිසියෙනුත් ශ්‍රී ලංකාවට ආධාරයක් තමිල්නාඩු ප්‍රාන්ත පොලිසිය ඉන්දීය රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක මුදලක් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ. 07 July 2022
අරගලකරුවෝ හිටපු ජනපති හමු වෙති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ගාලුමුවදොර අරගලකරුවන් අතර සාකච්ඡාවක් එම පක්ෂ මුලස්ථානයේ දී පැවැත්විණි. 07 July 2022
අද වැස්ස ගැන කාලගුණය මෙසේ කියයි සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (7) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 July 2022
අධිකරණ කොමිසම විනිසුරුවරුන් දස දෙනකුගෙන් කරුණු විමසයි නඩු විමසීම් කළේ ඇයි ද යන්න පිළිබඳව කරුණු දක්වන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් දස දෙනකුගෙන් පමණ කරුණු විමසා ඇතැයි වාර්තා වේ. 07 July 2022
ඉන්ධන පෝලිමට එළගවයෙක් කිරි ගවයන් 50ක් පාලනය කරන තරුණ ගොවි මහතකු ඉන්ධන ලබා ගැනීම සඳහා තමන්ට පෝලිමේ සිටීමට නොහැකි නිසා කිරි එළ එළදෙනකු ඉන්ධන පෝලිමේ ගැටගසා අනෙක් සතුන්ගේ ආහාරපාන සහ අවශ්‍යතා ඉටුකර පුවතක් දඹුල්ල නගරයෙන් වාර්තා විය. 06 July 2022
දුම්රිය වර්ජනය අවසන් දුම්රිය වෘත්තීය සමිති කීපයක් ක්‍රියාත්මක වැඩවර්ජනය අත්හිටුවූ බව වෘත්තීය සමිති නියෝජිතයෝ අද (6) පස්වරුවේ පැවසූහ. 06 July 2022
ධනංජය ඇතුළු ක්‍රීඩකයන් කීපදෙනකුට ‘කොවිඩ්’ ඕස්ටේලියාවට එරෙහිව අනිද්දා (8) ආරම්භ වන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයට සහභාගි වීමට නියමිතව සිටි ධනංජය ද සිල්වා ඇතුළු ක්‍රීඩකයන් කීපදෙනක්ට ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 06 July 2022
පණ අදිමින් සිටි ඇතාගේ දළ කපාගෙන ගිහින් ඇතකු සමග පැවැති ද්වන්ද සටනකින් බරපතල තුවාල ලබා මරණාසන්නව සිටි ඇතකුගේ එක් දළක් කිසියම් සහාසිකයකු පොරොවක් ආධාරයෙන් කපාගෙන ගොස් ඇතැයි අනුරාධපුර වනජීවි පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතා පවසයි. 06 July 2022
අඩු ටෙන්ඩරය අහෝසි කර වැඩි මිලට ගෑස් අරන් අඩුමිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අහෝසි කර ඇ. ඩො 129 බැගින් වැඩි මිලට ගෑස් මෙ.ටො ලක්ෂයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් පරීක්ෂණයක් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කළේය. 06 July 2022
ජීවිත ආරක්ෂාව තකා එස්.එම්ලා සේවයෙන් ඉවත් වෙති කොළඹ කොටුව සහ මරදාන ඇතුළු රට පුරා දුම්රිය ස්ථාන රැසක සේවයෙන් දුම්රිය ස්ථානාධිපතීන් ඉවත්ව සිටීම නිසා දුම්රිය ස්ථාන රැසක මේ දක්වා ප්‍රවේශපත් නිකුත් නොකරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 06 July 2022
ගෝඨා පුටින්ට කතා කරයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමඟ ඉතා ඵලදායී දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කළේය. 06 July 2022
‘‘කරන්න බැරිනම් දමල ගහල යා යුතුයි‘‘ ආණ්ඩුව කිරීමෙි වරම විපක්ෂයට ලැබුනොත් බය නැතිව ආණ්ඩුව අරගත යුතුයැයි ද බෙල්ල තියල කරන්න බැරි නම් දමල ගහල යා යුතු යැයිද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද 6 පැවසීය. 06 July 2022
‘‘කතාවෙන් කිව්වට කවුරුත් බාර නොගන්නේ ක්ෂණික විසඳුම් නැති නිසයි‘‘ ආර්ථික අර්බුදයට ක්ෂණික විසදුම් දිය හැකි අයකුට අගමැති ධූරය බාරදීමට රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් වුවත් ඒ කිසිවකු ඊට ප්‍රතිචාර නොදක්වන්නේ මෙි අර්බුදයට ක්ෂණික විසදුම් නොමැති නිසා බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (06) ප්‍රකාශ කළේය. 06 July 2022
නාලක ගොඩහේවාගෙන් ආණ්ඩුවට චෝදනාවක් ආණ්ඩුවට සැලැස්මක් නොමැති අතර සැලස්මක් ගැන කතාකරන අයට ඉඩක් ද නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. 06 July 2022
ලංකාපුර පරිපාලන නිලධාරිනියගේ ඝාතනයට සැමියා රිමාන්ඩ් පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යායේ පරිපාලන නිලධාරිණියක ලෙස සේවය කළ යමුනා පද්මිණීගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ඇගේ සැමියා මෙම 08 වැනි දා දක්වා රිමාන්ඞ් බාරයේ තබන්නැයි පොලොන්නරුව මහේස්ත්‍රාත් සකිත ක්‍රිෂාන් වික්‍රමරත්න මහතා අද නියෝග කළේය. 06 July 2022
‘‘අත්‍යාවශ්‍ය කරුණකට හැර ලංකාවට යන්න එපා‘‘ අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සංචාරක උපදේශන යාවත්කාලීන කරමින් බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය දෙරටේ පුරවැසියන්ට උපදෙස් දී තිබේ. 06 July 2022
තරුණ ප්‍රජාවගේ විශ්වාසය භංග වෙලා පාර්ලිමේන්තුව ඇතුළු ප්රජාතන්ත්රවාදී ආයතන කෙරෙහි දැන උගත් තරුණ පරම්පරාවේ විශ්වාසය බොහෝ දුරට භංග වී ඇතැයි සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේ දී අද (6)පැවසීය. 06 July 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026