දුම්රිය ගාස්තුව අඟහරුවාදා සිට ඉහළට දුම්රිය ගාස්තු ලබන අඟහරුවාදා (12) සිට ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ යෑමට බොහෝ දුරට ඉඩ ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 08 July 2022
ප්‍රදේශ කිහිපයකට වැසි සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (8) දිනයේත් වැසි වාර කිහිඅයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 July 2022
හිටපු අගමැති ෂෙන්සෝ අබේට වෙඩි තියලා ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ෂෙන්සෝ අබේ, වෙඩි ප්‍රහාරයකට ලක් වුණු බවත් ඔහුගේ තත්ත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 08 July 2022
තෙල් පෝලිමේ වලියෙන් අයෙක් මරුට: තිදෙනකුට බරපතළයි ගාල්ල මාගාල්ල ලාෆ් ඉන්ධන පිරවුම්ලේ පෝලිමේ සිටි දෙපිරිසක් අතර ඊයේ ( 07) රාත්‍රි ඇතිවු ආරවුලකදි එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කීය. 08 July 2022
ඩොලර්වලට ඉන්ධන දෙන්න ලියාපදිංචි කරයි ඩොලර් ගෙවා ඉන්ධන ලබාගැනීමට කැමැති ආයතන සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීම ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. 08 July 2022
පොහොට්ටු මන්ත්‍රී බණ ගෙදරකදී අහසට වෙඩි තබයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එම පක්ෂයේම කළුතර ප්‍රබල දේශපාලකයකුගේ ආධාරකරුවකු සමග ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව අහසට වෙඩි තබා පලාගොස් ඇතැයි වාර්තා වේ 08 July 2022
ඉන්ධනහලේ ගැටුමකින් දෙකක් රෝහලට පයාගල අයි ඕ.සී ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන බෙදාහැරීමේදී ඇතිවූ ආරවුලකින් තුවාල ලැබූ දෙදෙනකු රෝහල් ගතකර ඇතැයි පයාගල පොලිසිය පවසයි . 08 July 2022
බම්බලපිටියේ තෙල් පෝලිම කොල්ලුපිටියටම කොල්ලුපිටිය සහ බම්බලපිටිය ප්‍රදේශවල ආවරණ වන පරිදි ඉන්ධන ලබාගැනීම සඳහා වාහන පෝලිම් අද (7) පෙරවරුවේ සිට පැවතුණි. 07 July 2022
පානදුර දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට ප්‍රහාරයක් නිවෙස් කාරා යාමට දුම්රියක් නොමැතිවීම නිසා කලබල වූ මගීන් පිරිසක් පානදුර දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් කාර්යාලයට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. 07 July 2022
ඇමෙරිකාව රුසියාවට පනවා ඇති ඉන්ධන තහනම ශ්‍රී ලංකාවට අදාල නෑ රුසියානු බොරතෙල් සඳහා ඇමෙරිකාව පනවා ඇති සම්බාධක ශ්‍රී ලංකාවට බල නොපාන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය. 07 July 2022
පොලිසියේ ඉල්ලීම අධිකරණය බැහැ කියයි ’’ජනඝෝෂා’’ උපරිමාධිකරණ නඩු තීන්දුවට අනුව භාෂණයේ නිදහස මෙන්ම රටේ ඕනෑම ස්ථානයකට යාමේ ඒමේ නිදහස සියලු පුරවැසියන්ට ඇති බව සඳහන් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්දන් පෙරේරා මහතා හෙට (08) පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වැළැක්වීම සඳහා කොටුව පොලිසිය කළ ඉල්ලීමක් අද (07) ප්‍රතික්ෂේප කළේය. 07 July 2022
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධනදීම දින 2 ක් කල්යයි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා සිකුරාදා දිනයේ ඉන්ධන ලබාදීමේ වැඩසටහන පැය 48 කට කල්දැමූ බවත් එම වැඩසටහන ක්‍රියාත්මක කරන දින ඉදිරියේ ප්‍රකාශ කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අද (7) ලිඛිතව දැනුම් දුන්නේය. 07 July 2022
එජාප සභාපති ඇමරිකා තානාපතිනිය හමුවෙයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවෙි ඇමරිකා තානාපතිනී ජුලියානා චුන්ග් (Julie Chung) මහත්මිය අතර හමුවක් අද (7) කොළඹ හෝටර්න් පෙදෙසේ පිහිටි තානාපතිනියගේ නිල නිවසේදී සිදුකෙරිණි. 07 July 2022
පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක් මුලික අයිතිවාසිකම් භුක්ති විදීම සදහා කටයුතු කරන අවස්ථාවල දී ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කරන ලෙසටත්, රජයේ හා පෞද්ගලික දේපළ වලට හානි කිරීමෙන් හා නීතියානුකූල ලෙස සේවයෙන් යොදවා සිටින රජයේ හා පෞද්ගලික සේවකයන්ට බාධා කිරීමෙන් වළකින ලෙස පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා ප්‍රකාශයක් කරමින් මහතා මහජනයාගෙන් ඉල්ලා සිටියි. 07 July 2022
කළමනාකරණ නිලධාරීන් පාස්පෝට් කන්තෝරුවට කළමනාකරණ සේවා නිලධාරීන් මාස තුනක කාලයක් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සියලුම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. 07 July 2022
ඉන්ධන ලීටරයක් රුපියල් 200 කින් අඩුකරන්න පුළුවන් ඉන්ධන ලීටරයක් දැනට අලෙවි කරන මිලට වඩා රුපියල් 200 ක් අඩු මිලකට ජනතාවට ලබාදීමේ හැකියාව ඇති බවත් ඉන්ධන ලීටරයක සත්‍ය ආනයනික වියදම රුපියල් 300 ට වඩා වැඩි නොවන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7) පැවසීය. 07 July 2022
පොලිස් ජීප් රියේ යතුරුපැදිය ගැටී පැදිකරු රෝහලේ ධාවනය වෙමින් තිබු යතුරුපැදියකට පොලිස් ජිප් රථයක් ගැටිමෙන් යතුරුපැදිකරු බරපතළ ලෙස තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කිරිමෙන් අනතුරුව පොලිසිය සහ මහජනතාව අතර අද (07) පස්වරුවේ දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය. 07 July 2022
කැසිනෝ වලට බදු ගහනකොට ධම්මිකට රිදෙන්නේ ඇයි? බදු නොගෙවන කැසිනෝ සහ සූදූ ව්‍යාපාරිකයින්ගෙන් බදු අයකර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීමට යන විට අමාත්‍ය ධම්මික පෙරේරා මහතාට රිදී ඇත්තේ මන්දැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 07 July 2022
ඉතිහාසයේ ලොකුම ලණුව කාබනික ව්‍යාපෘතියයි ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම ’’ලණුව’’ කාබනික පොහොර ව්‍යාපෘතිය බව හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (7)පැවසීය. 07 July 2022
ඉන්ධන පෝලිමෙන් පාමංකඩ වැහෙයි පාමංකඩ හන්දියේ පිහිටි අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් දෙකෙන් ඉන්ධන ලබාගැනීම සඳහා සම්පූර්ණ මාර්ග වැසෙන සේ වාහන ගාල්කිරීම හේතුවෙන් පාමංකඩ ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් දැකිය හැකිය. 07 July 2022
ඉදිරි සංවර්ධන කටයුතු තාවකාලිකව නවත්වන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පරිපූරක ඇස්තමේන්තුව මගින් නාගරික සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් නොකෙරෙනු ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසිය. 07 July 2022
හත් සිය හැටකට ද්විත්ව පුරවැසිභාවය මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයදුම්කර තිබුණු පුද්ගලයින් 760 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය නිකුත් කර ඇත. 07 July 2022
සල්ලි අච්චු ගහල සංස්ථාවට නොදුන්නොත් රටටම තෙල් නැතිවෙයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තෙල් මිලදී ගැනීම මුදල් අච්චු ගසා ලබා නොදුන්නොත් රටේම තෙල් නැති වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (7) පැවැසීය. 07 July 2022
යල කන්නයේ වගා කළ කුඹුරු ප්‍රමාණය ප්‍රකාශයට පත් කරයි මෙවර යල කන්නයේ වගා කරන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය මේ වනවිට හෙක්ටයාර් පන් ලක්ෂ පන්දහස ඉක්මවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් වාර්තාවක් මගින් අද (07) දින තමාට දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 July 2022
අර්බුදයට හේතුව රජය ජනතාව රැවටීමයි වර්තමාන රජය සෑම ක්ෂේත්රයකින්ම ජනතාව රවටා ඇති බවත් එසේ රැවටීමෙන් වර්තමානයේ රට දැවැන්ත අර්බුධයකට මුහුණ පා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(7) පැවසීය. 07 July 2022
විශ්වවිද්‍යාල ආචාර්යවරුත් සටනට බසිති ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉවත්වන ලෙස බලකරමින් ලබන සෙනසුරාදා (9 වැනිදා) පැවැත්වෙන විරෝධතාවට ජනතාවට ආරාධනා කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පාපැදිවලින් නුගේගොඩ සිට විරෝධතා පෙළපාලියකින් කොළඹ මහජන පුස්තකාලය දක්වා අද (7) පෙරවරුවේ පැමිණියේය. 07 July 2022
ඉන්දියාවට පනින්න ගිය 7ක් අත්අඩංගුවට ඩිංගි යාත්‍රාවකින් ඉන්දියාවට පලා යමින් සිටි පුද්ගලයන් 7 දෙනකු තලේමන්නාරම මුහුදු ප්‍රදේශයේ දී ඊයේ (6) නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 07 July 2022
කැසිනෝ හල් ගැන අලුත් තීරණයක් ගනී සුපිරි කැසිනෝ ශාලා වෙත පිවිසීම සඳහා විදේශ නියෝජිතයන් හරහා ටෝකන් පත් නිකුත් කරන ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. 07 July 2022
ආර්ථික මධ්‍යස්ථාන පාලුවට යයි පාරිභෝගික ජනතාව නොමැතිවීමෙන් පෑලියගොඩ මැනිං වෙළඳපොල, දඹුල්ල, නාරාහේන්පිට මීගොඩ සහ බෝකුන්දර ඇතුලු ආර්ථික මධ්‍යස්තාන අද (7) දිනයේ පාලු සබාවයක් ගෙන තිබිණ. 07 July 2022
බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන් ඉල්ලා අස්වෙයි කිසිවෙකුගේ බලපෑමට ඉල්ලා අස්නොවන බව දිගින් දිගටම පැවසූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, කොන්සර්වටිව් පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස්විය. 07 July 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026