දනට ලැබුණු දෙයින් දරුවන්ට මහා දානයක් දෙයි
දානමානවලට එකතු වන පිරිකර, අටපිරිකර, මෙන්ම සෙසු පිරිකර, අලෙවි කර ලබාගත් මුදලින් ලෝක ලමා, වැඩිහිටි දිනය දා වැලිකන්ද අලුත්වැව ගම්මානයේ දරුවන් විහාරස්ථානට ගෙන්වා දරුවන් සියලු දෙනාට ත්‍යාග ලබාදී පෝෂදායි ආහාර වේලක් ලබාදීමට වැලිකන්ද අලුත්වැව ශ්‍රී සීලාලංකාර මහා විහාරයේ විහාරාධිපති පිටිපන කවීශ්වර නාහිමියෝ කටයුතු කළහ.