ඉන්දියාවේ රෝහලක පැය 24 කදී මරණ 24 ක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රජයේ රෝහලක පැය 24 ක් ඇතුළත එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 24 දෙනකු මියගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. 03 October 2023
ලංකාව තුළ දූෂණ තවමත් ක්‍රියාත්මකයි දූෂණයට එරෙහි වීමට වසර 50 කට ආසන්න කාලයක සිට ශ්‍රී ලංකාව උත්සාහ කළත් ශ්‍රී ලංකාව තුළ දූෂණ ක්‍රියා තවමත් සිදුවන බව පසුගිය 30 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාවේ දැක්වේ. 03 October 2023
උතුරේ නීතිඥවරු නඩු කටයුතුවලින් ඉවත්වෙති මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා මහතාවෙත එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මහෙස්ත්‍රාත්වරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවරගන්නා ලෙස ඉල්ලමින් උතුරු පළාතේ නීතිඥයන් අද නඩු කටයුතුවලින් ඉවත්ව වර්ජනයක නිරතවිය. 03 October 2023
‘සිද්ධියේ වගකීම විනිසුරු බාරගත යුතුයි’ යම් බලපෑමක් හේතුවෙන් ආතතියක් තිබුණේ නම් එලෙස බලපෑම් කළ පුද්ගලයාට එරෙහිව කටයුතු කිරීමට සියලු බලතල තමා අත තිබියදී එලෙස කටයුතු නොකිරීම නිසා මුලතිව් හිටපු දිසා විනිසුරුවරයා එම සිද්ධියේ වගකීම බාරගත යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (3)පැවසීය. 03 October 2023
පුහුණුව අතරේ ලුතිනන් මරුට මොනරාගල කුඹුක්කන්ඔයේ ජලපිම්ම පැනීමේ පුහුණුවේ යෙදී සිටියදී තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යුදහමුදාවේ උප ලුතිනන්වරයකු අද අලුයම මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. 03 October 2023
මවකගේ සිරුර ගසක එල්ලෙයි මීට දින කිහිපයකට ඉහත දී දරුවකු ප්‍රසූත කළ මවකගේ සිරුර ගසක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි යාපනය මූලස්ථාන පොලීසිය කියයි. 03 October 2023
මැලේරියා එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මැලේරියාවට එරෙහිව තවත් ප්‍රතිශක්තිකරණ එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ. මැලේරියාව මර්දනයට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දුන් දෙවැනි එන්නත ලෙස මෙය සැලකෙයි. 03 October 2023
රටපුරා ත්‍රිවිධ හමුදාව කැඳවයි ජාතික ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 03 October 2023
අධික උණුසුමෙන් ඇමසන් ඩොල්ෆින්ලා 120 ක් මැරිලා ලොව දුර්ලභ සත්ව විශේෂයක් ලෙස සැලකෙන ඇමසන් නදියට පමණක් ආවේණික රෝස පැහැති ඇමසන් ඩොල්ෆින් මසුන් 120 දෙනකුග් සිරුරු බ්‍රසීලය හරහා ගලා බසින ඇමසන් නදියේ පාවෙමින් තිබියදී හමුවී ඇත. 03 October 2023
මාස හයේ බිලිදියගේ මරණයට මව අත්අඩංගුවට මාස හයයි දින 11ක් වයසැති සිය බිළිදියට පහර දී ඝාතනය කළේ යැයි කියන එම දැරියගේ 21 හැවිරිදි මව සැකපිට අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලීසිය පවසයි. 03 October 2023
ඇමෙරිකන් කතානායක ධුරයෙන් නෙරපන්න හදයි ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාති එම ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව මාධ්‍ය වාර්තා කරයි. 03 October 2023
දන්දෙන්න ඇවිත් ආරාමයට සුද්දයක් දීලා කරඬුවක් පූජා කිරීමේ මුවාවෙන් බෙම්මුල්ල කලගෙඩිහේන පැෂන් වත්තේ පිහිටි මෙහෙණි ආරාමයකට ආ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු එහි අල්මාරියක් තුළ තබන ලද රුපියල් එක් ලක්ෂ හැට දහසක මුදලක් සොරා ගෙන පලා ගොස් ඇතැයි බෙම්මුල්ල පොලිසිය පවසයි. 03 October 2023
කොළඹ මූල්‍ය නගරයේ ප්‍රථම ආයෝජකයා දිවයිනට පෝර්ට් සිටි ආයෝජන ව්‍යාපෘතිය පසුගිය දා ඩුබායි හි පැවති උත්සවයක දී කොළඹ මූල්‍ය නගරය ( Colombo Financial City ) ලෙස යළිත් නම් කිරීමෙන් පසු , එහි ආයෝජනය කිරීම සදහා ප්‍රථම ආයෝජකයා ලෙස චීන ජාතික සමාගමක ආයෝජකයෝ සිව් දෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. 03 October 2023
පොලිස් නිලධාරියකුට මන්නා පහර බීමත්ව ත්‍රිරෝද රථයක් පැද වූ බව කියමින් එහි රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඊට උරණ වී අත්අඩංගුවට ගැනීම සිදු කළ පොලිස් කොස්තාපල් වරයාට මන්නා පිහියකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන එම ත්‍රිරෝද රථයේ අයිතිකරු අලුබෝමුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 03 October 2023
අද සිට දින කීපයක් තැනින් තැනට තද වැසි දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩි විමක් අද සිට ඉදිරි දින කීපයේ බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 October 2023
ට්‍රම්ප් අධිකරණය හමුවට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි සිවිල් නඩුව නිව්යෝක් අධිකරණය හමුවේ ආරම්භ වූ අතර, ට්‍රම්ප් සිය පුතුන් දෙදෙනා ද සමඟ අධිකරණය හමුවේ පෙනී සිටියේය. 03 October 2023
බංග්ලාදේශයේ ඩෙංගු දරුණුයි බංග්ලාදේශයේ ඩෙංගු ව්‍යාප්තිය ඉතා දරුණු බවත්, මෙම 2023 වසරේ මේ වනවිට, ඩෙංගු රෝගීන් 1,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් වාර්තා වේ. 03 October 2023
විශ්වයේ ඈත යෝධ අබිරහස් ග්‍රහලෝක තරුවක් වටා ගමන් නොකරන, බෘහස්පති ග්‍රහයා තරම් අති විශාල, ග්‍රහලෝක කීපයක් ඈත විශ්වයේ පාවෙමින් පවතින බව නාසා ආයතනයේ විද්‍යාඥයෝ පවසති. 03 October 2023
මැලේසියා ඝාතනයට ඇල්ලූ සැකකරුවකු කූඩුවේ දී මිය යයි මැලේසියාවේ සෙන්තුල්හිදී සිදු වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනාගෙ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික යුවළගෙන් සැමියා අත් අඩංගුවේ සිටියදී පසුගිය සෙනසුරාද මියගිය බව ක්වාලාලාම්පුර් පොලිස් ප්‍රධානී දටුක් අල්ලුදීන් අබ්දුල් මජිඩ් අද(02) ප්‍රකාශ කළේය. 02 October 2023
ගුවන් ප්‍රමාදයේ පාඩුව කෝටි 195යි ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ යානා පසුගිය දින කිහිපයේදී ප්‍රමාදවීම හේතුවෙන් රුපියල් කෝටි 195 ක පාඩුවක් සිදුව ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 02 October 2023
නාමල් රාජපක්ෂගේ ලක්ෂ 26 ක විදුලි බිල අමාත්‍ය සනත් නිශාන්ත ගෙවයි තංගල්ලේදී 2019 වසරේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය දුන් විදුලි වෙනුවෙන් ගෙවීමට තිබූ රුපියල් ලක්ෂ 26 කට අධික හිඟව තිබූ මුදල රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අද (2) ගෙවීය. 02 October 2023
මුදල් ගණු දෙනුවකට ජීවිතයක් අහිමි වේ තියුණු ආයුධයකින් පහරදී අද රාත්‍රි පුද්ගලයකු ඝාතනය කර ඇති බව මිල්ලනිය පොලිසිය පවසයි. 02 October 2023
වටදාගෙයත් පුපුරුවන්න හදලා? විවිධාකාර ආරක්ෂක නිලධාරීන් රැසක් සිටියදීත් පොළොන්නරුව වටදාගේ නැගෙනහිර දොරටුව අසල යාන්ත්‍රික ග්‍රිල් වැනි නවීන මැෂින් යොදා ගනිමින් පුරාණ ගල කීප තැනකින් විඳ පුපුරා හැරීමට උත්සාහ කර ඇතැයි පුරා වස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති . උඩස්ගිරියේ සමිත හිමියෝ සඳහන් කළහ. 02 October 2023
වැරදි ධාවනය රිදි පදක්කම අහිමි කරයි චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400X4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව අද (2) පස්වරුවේ දිනාගත් රිදී පදක්කම නීති විරෝධී ධාවනය හේතුවෛන් අහිමිකිරීමට ආසියානු ක්‍රීඩා උළෙලේ තාක්ෂණික කමිටුව තීරණය කළේය. 02 October 2023
අත්අඩංගුවට ගත් පී.සී හරක් කටා ගැන වමාරයි රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා පිටස්තර පුද්ගලයන්ට බොහොමයක්ම දුරකතන ඇමැතුම් ලබා ගෙන ඇත්තේ පසුගියදා ත්‍රස්තවාදී විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන සිටින පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තු ආරංචි මාර්ග පවසයි. 02 October 2023
තිදරුමවගේ ඝාතනයට ව්‍යාපාරිකයකු සහ කපුවකු අත්අඩංගුවට මුල්ලේරියාවේ තිදරු මවක ආයුධවලින් කපා ඝාතනය කර සිරුරේ කොටස් වෙන්කර හිස හා අත් පා නොමැති මළ සිරුර සියඹලාපේ වගුරු බිමකට දැමීමේ සිද්ධිය අදාලව පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ව්‍යාපාරිකයා හා ඔහුගේ මිතුරකු අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය පවසයි. 02 October 2023
මොඩ් බස් 28කට තහනම් නියෝගයක් නීති විරෝධී අයුරින් විවිධ උපාංග සවිකර තිබූ විශේෂ චාරිකා බස්රථ ඇතුළු බස්රථ 28 එරෙහිව තහනම් නියෝග නිකුත් කළ බව රථවාහන මූලස්ථානය කියයි. 02 October 2023
බඹරුන්ගෙන් පාසල් සිසුන්ට රිදෙන පාඩමක් වෙන්නප්පුව මාටින් ද පෝරස් විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් පස් දෙනකු සහ සිදු දරු දැරියන් 18 දෙනකු බඹර ප්‍රහාරයකට ලක් වූ රෝහල් ගත කළ බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. 02 October 2023
අයි.එම්.එෆ් වාරිකය අහිමිවීම මූල්‍ය පාඩුවට එහාගිය අවාසියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) දීමට නියමිතව තිබූ දෙවැනි ණය වාරිකය ලැබෙන දිනයක් පිළිබඳව ඉඟියක් හෝ නොමැතිව කල්දැමීම මෙරටට ලැබූ ද්විත්ව ආකාරයේ මහා පාරමාණයේ අවාසියක් බව නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය. 02 October 2023
වෛද්‍ය විද්‍යා නොබෙල් තෑග්ග ‘කොවිඞ් 19’ එන්නත හැදූ විද්‍යාඥයන්ට වෛද්‍ය විද්‍යාව සඳහා හිමිවන නොබෙල් ත්‍යාගය, ‘කොවිඞ් 19’ වයිරසය සාර්ථකව මර්දනය කිරීමට එන්නත් නිපදවීමට දායකත්වය ලබා දුන් විද්‍යාඥයන් දෙදෙනෙකු වන හංගේරියානු ඇමෙරිකන් විද්‍යාඥ කැටලීන් කරීකෝ සහ ඇමෙරිකන් විද්‍යාඥ ඩෲ වයිස්මන් අතරේ බෙදී ගියේය. 02 October 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026