‘‘රංගගේ මරණය සැකයි කීවේ සාක්කි ඇතිවයි‘‘ මරණයට පත්වූ මහා භාණ්ඩාගාරයේ හිටපු නිලධාරී රංග රාජපක්ෂ මහතාගේ මරණ සැක සහිත යැයි ඔහුගේ බිරිඳ පවසා ඇතැයි ප්‍රකාශ කළේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ ලිපියක් පදනම් කරගෙන බවත් ඒ පිළිබඳව ප්‍රකාශයක් දීමට සක්ෂි සහිතව කුලියාපිටිය පොලිසියට ලබන 9 වැනි දා යන බවත් පිවිතුරු හෙළඋරුමය පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (6) පැවසීය. 06 May 2026
පොලිසිය බාරයේ තිබූ යතුරු පැදිය දෙන්න කතකගෙන් 4000ක අල්ලසක් අරන් කුරුණෑගල පොලිසිය භාරයේ තිබූ යතුරු පැදියක් නිදහස් කර ගැනීිමට පැමිණි කාන්තාවකගෙන් රුපියල් 4000 මුදලක් ලබා ගත් බව කියන කුරුණෑගල පොලිසියේ සංචාරක අංශයේ රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි. 06 May 2026
හොර දොස්තරයෙක් පොලොන්නරුවේදී මාට්ටු අපරාධ රැසකට සම්බන්ධ කියන හොර වෛද්‍යවරයකු පොළොන්නරුවේදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 06 May 2026
ආණ්ඩුවේ හැසිරීම අපට සැකයි භාණ්ඩාගාරයේ මුදල් අතුරුදන් වීමේ සිද්ධිය ගැන විපක්ෂය විවාදයක් ඉල්ලූ විට ආණ්ඩුව එය නොදී කර ඇරීම සැක සහිත බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 May 2026
රුමේනියා රජය බිඳ වැටේ රුමේනියා රජය බිඳ වැටුණි. ඒ, එරට අග්‍රාමාත්‍ය ඉලී බොපෝජන් ප්රමුඛ යුරෝපා හිතවාදී රජය විශ්වාසභංගයකින් පරාජය වීමෙනි. රුමේනියාව යුරෝපා රාජ්‍යයකි. 06 May 2026
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය. 06 May 2026
ට්‍රම්ප් ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ තාවකාලිකව හකුලා ගනී ඉරානය සමඟ ඇති කර ගැනීමට අපේක්ෂිත එකඟතාවයකට අවස්ථාවක් ලබා දීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ අරමුණින් දියත් කළ ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත. 06 May 2026
මාලදිවයින ජනපති පිටත්ව යයි මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිෂු මහතා සිය සිව් දින ශ්‍රී ලංකා නිල සංචාරය නිමා කර අද(06) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින මාළේ නුවර බලා පිටත්ව ගියේය . 06 May 2026
යකඩ කපන ග්‍රයින්ඩරයට අයෙක් බිලි යකඩ කපන ග්‍රයින්ඩරයකට බෙල්ල තුවාල වී සිදු වූ අනතුරකින් කටුගස්තොට , මාවිල්මඩට ප්‍රදේශයේ 66 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය කියයි. 06 May 2026
අලුත් විගණන නිලධාරීහු රහස් දිවුරුම දෙති විගණන සේවා කොමිෂන් සභාවට පත් කරන ලද නව සාමාජිකයෝ සිවු දෙනෙක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්හ. 06 May 2026
පාසල් බස්-වෑන් ප්‍රවාහන ගාස්තු වැඩි වෙයි ඉන්ධන මිල ඉහළයාමත් සමඟ පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් සහ වෑන් ඇතුලු වාහන වල ගාස්තු මැයි මාසයේ සිට 12%කින් වැඩි කිරිමට තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 06 May 2026
රාජකාරි වැඩියි කියා පොතේ ලියා පීසී ගෙදර ගිහින් රාජකාරි බහුල බැවින් මානසික පීඩනයකට පත්ව ඇති බවට ලිපියක් ලියා තබා පයාගල පොලිස් ස්ථානයේ කොස්තාපල් වරයෙකු පිටවගොස් ඇති බව පයාගල පොලිසියෙන් වාර්තාවේ. 06 May 2026
අද වැස්ස වැඩි වේ අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම සහ ඒ ආශ්රිත දිවයින ආසන්නයේ පහළ වායු ගෝලය කැලඹිල් ස්වභාවයක් වර්ධන විය හැකියාවක් පවතින බැවැන් අද සිට ඉදිරි දින කීපයේ දිවයිනේ වැසි තත්වයේ වැඩි විමක් බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 May 2026
නව රේගු අධ්යක්ෂ ජනරාල් විමල් ලියනගේ ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ ජනරාල් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන විමල් එස්. කේ. ලියනගම මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. 06 May 2026
බෙංගාල මහ ඇමැති පරාජය බාර ගන්නේ නෑ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණයෙන් පරාජයට පත් මහ ඇමැතිනී මමතා බැනර්ජි සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇත. මමතා බැනර්ජි නායකත්වය දෙන්නේ තෘණමූල කොංග්රස් පක්ෂයටය. සිවුවතාවක් අඛණ්ඩව බලයේ සිටි තෘණමූල කොංග්රස් පක්ෂය මෙවර භාරතීය ජනතා පක්ෂය හමුවේ පරාජය විය. 06 May 2026
විජේගෙන් කොංග්රස් පක්ෂයට ඇරයුමක් තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගත් තමිළග වෙට්ට්‍රි කසාගම් පක්ෂය සහ එහි නායක ජනප්‍රිය රංගන ශිල්පී තලපති විජේ රජයක් පිහිටුවීමට තමිල්නාඩු කොංග්රස් පක්ෂයේ සහාය ඉල්ලා ඇත. 06 May 2026
‘‘2027 හය වසරටත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා‘‘ 2026 වසරේ පළමු ශ්‍රේණියට ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතින බවත්, 2027 වසරේ 6 වන ශ්‍රේණියට ද එය හඳුන්වා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 05 May 2026
හිටපු නි.පොලිස්පතිගේ ඉඩමෙන් ගිනි අවි-පතුරොම් මතුවෙයි පුත්තලම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුට අයත් යැයි පැවසෙන අට්ටවිල්ලුව ප්‍රදේශයෙ ඉඩමක තිබී ගිනි අවි පතොරම් හා දිවියකුගේ සමකින් සකසන අනුරුවක් හා තිත් මුව සමක් ඇතුළු දේ අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 05 May 2026
තිදරු පියාගේ සිරුර පාළු තැනකින් හමුවෙයි අභිරහස් ලෙස මරණයට පත්වු තිදරු පියකුගේ සිරුරක් පුත්තලම කිවුල ප්‍රදේශයේ පාළු මංසන්දියක තිබි හමුවු බව පුත්තලම මුලස්ථාන පොලිසිය පැවසිය. 05 May 2026
කුඩු ජාවාරම් කරුවකුගේ දේපොළ තහනම් කරති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිඳු මල් සිත ගුණරත්න නොහොත් පානදුර කුඩු සළිඳු නමැත්තාගේ ප්‍රධානතම ගෝලයා වන ඩුබායි අසිත නමැත්තා මත්ද්‍රව්‍ය ජාලයෙන් ඉපයූ බව කියන මුදලින් මිලදී ගත් රුපියල් කෝටි හතරකට අධික දේපල තහනමට ලක් කළ බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීති, විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි. 05 May 2026
වියට්නාම් ජනපති මැයි හත දිවයිනට වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා ,ලබන බ්‍රහස්පතින්දා (7) නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 05 May 2026
ඇඹිලිපිටිය AGA කාර්යාලයට හොරු පනිති ඇඹිලිපිටිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයට ඇතුලු වූ කිසියම් පුද්ගලයකු අංශ කිහිපයක ඇති ලිපිගොනු ආදිය ඇද දමා අවුල් කිරිම හේතුවෙන් කාර්යාලයේ මහජන සේවා කටයුතු අද දින සිදු නොවු බව ඇඹිලිපිටිය පොලිසිය පවසයි. 05 May 2026
මාළු අල්ලන්න ගිය අයියා මලෝ දියේ ගිලි මරුට දන්කොටුව කටුකෙන්ද මහවත්ත ප්‍රදේශයේ රජයේ ගොවිපලක අයිති ඉඩමක වැලි කපා අතහැර දැමු ජලය පිරුණු වළක මාලු ඇල්ලිමට ගිය සහෝදරයන් දෙදෙනකු දියේ ගිලි මරුමුවට පත්ව ඇති බව දන්කොටුව පොලිසිය කියයි. 05 May 2026
ක්‍රිකට් පරිවර්තන කමිටු සාමාජිකයන්ට පත්වීම් ලිපි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පාලන පද්ධතිය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා පත් කරන ලද ’’ක්‍රිකට් පරිවර්තන කමිටුවේ’’ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්රදානය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. 05 May 2026
කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමක් කුඩා වැල්ල ධීවර වරාය තුළදී අද (5) දහවල් වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලීසිය කියයි. 05 May 2026
ATM දෙකක් කඩන්න හැදූ අයෙකු අල්ලන්න මහජන සහය පතයි හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ස්වයංක්‍රිය මුදල් යන්ත්‍ර (ATM) දෙක කඩා මුදල් සොරා ගැනිමට උත්සහ කල සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් මහජන සහය ඉල්ලා සිටියි. 05 May 2026
ඕපනායක තේ අක්කර අටක් නාය යයි ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්වත්තහේන. අසමානකන්ද නාය යාමෙන් තේ අක්කර 8ක් පමණ විනාශ වී ඇතැයි ගම්වැසිහු පවසති. 05 May 2026
පිළිස්සුණු කාන්තා සිරුරක් නොච්චියාගම කැලයක ඝාතනයකොට පුළුස්සා දමන ලදැයි සැක නාදුනන කාන්තාවකගේ මළ සිරුරක් රනෝරාව ප්‍රදේශයේ තිබියදි සොයාගත් බව නොච්චියාගම පොලිසිය කියයි. 05 May 2026
ශ්‍රී මහා බෝධී අංකුරය ටෙක්සාස් විපස්සනා භාවනා මධ්‍යස්ථානයට ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට වැඩම කර වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය සහ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් ගුවන් තොටුපළ වෙත වැඩම කරවූහ. 05 May 2026
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026