මහින්ද කතරගම පිංකමට එක් වී රටවැසි ජනතාවට සෙත් පතා වර්ෂ අවසානයේ කතරගම පූජා භූමියේදී පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් පිංකම සහ සංඟගත දක්ෂිණාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් හිටපු මැති ඇමති පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. 01 January 2026
ජනපති දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගනී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දළදා සමිඳුන් වැඳ පුදාගෙන එහි පැවැති ආගමික වතාවත්වලට සහභාගී උදා වූ 2026 නව වසරට ආශීර්වාද ලබා ගත්තේය. 01 January 2026
ගිය වසරේ ඩොලර් බිලියන 18.8ක අපනයන ආදායමක් පසුගිය වසරේ පළමු මාස 11දී මෙරට මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 18.8ක් බවත් මුළු ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 19.3ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ. 01 January 2026
යතුරු පැදියක් අැලට පෙරළී අයෙක් මරුට වැලි ඇල කුඹුරු යායට ජලය ගලා යන ඇලේ යතුරු පැදියකට යට වී මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (01) උදෑසන සොයාගත් බව පුල්මුඩේ පොලිසිය කියයි. 01 January 2026
ගංවතුර අස්සේ උසාවියෙන් යතුරු පැදි ඉස්සූ හතරක් මාට්ටු මහනුවර උසාවි සංකීර්ණය ජල ගැල්මට අසුව යට වූ අවස්ථාවේදී නඩු භාණ්ඩ වශයෙන් රඳවාගෙන තිබූ අධිබලැති යතුරුපැදි දෙකක් සොරකම් කළ බව කියන තරුණයන් සිව් දෙනකු එම යතුරුපැදි ද සමග අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි. 01 January 2026
යුක්රේන යුද්ධය දිනන්න පුළුවන් - පුටින් අවුරුදු උදාවත් සමඟ රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමැතුවේය. යුක්රේනය සමඟ යුද්ධය ජයග්‍රාහී අයුරින් අවසන් කළ හැකි වේවි යැයි තමන් විශ්වාස කරන බව, රුසියන් ජනාධිපතිවරයා සිය නව අවුරුදු පණිවුඩය හරහා පැවැසීය. 01 January 2026
ගිය වසරේ වැඩිම දරු සුරතල් බැලූ රට ඉන්දියාව පසුගිය වසරේදී වැඩිම දරු උපත්වාර්තා වන්නේ ඉන්දියාවෙන් බව විෂුවල් කැපිටලිස්ට් වෙබ් අඩවිය පුරෝකතනය කළේය. 01 January 2026
ජපන් අගමැතිනියට වැසිකිළි ප්‍රශ්නයක් ජපානයේ පළමු කාන්තා අගමැතිනී සත්සුකි කටයාමා, පාර්ගිමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. ඒ, පුරුෂ ආධිපත්‍ය රජයන ජපන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කාන්තාවන්ට වැඩිපුර වැසිකිලි අවශ්‍ය බව පෙන්වා දෙමිනි. 01 January 2026
ජීවත් වෙන්න ආමරුයි: ඉරාන වැසියෝ පාරට ඉරාන රියාල් මුදල් ඒකකය ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව විවෘත වෙළඳපොලේ දරුණු ලෙස කඩාවැටීම, ජීවන වියදම දිනෙන් දින ඉහළ යෑමත් සමඟ ඉරානයේ ප්‍රධාන නගරවල විරෝධතා පැවැත්වෙයි. 01 January 2026
ඩෙන්මාර්ක තැපෑලට තිත වසර 400 ක් පැරණි ඩෙන්මාර්කයේ ජාතික තැපැල් සේවය වන ’PostNord’ ඊයේ (30) සිට බලපැවැත්වෙන පරිදි එරට තුළ තැපැල් කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීය. 01 January 2026
බන්ධනාගාර සැකකරුට මත්ද්‍රව්‍ය දෙන්න ගිහින් මාට්ටු කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකුට වැසිලීන් බෝතලයක සඟවා රුපියල් ලක්ෂ 4 කට අධික වටිනා මත්ද්‍රව්‍ය වර්ග හතරක් ලබාදීමට උත්සාහ දැරූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි. 01 January 2026
අල්ලස්ගත් එස් .අයි.අත්අඩංගුවට පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් දහදාහක අල්ලස් මුදලක් ඉල්ලා සිටි කින්නියා පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා එම අල්ලස් මුදල ඔවුන්ට හිතවත් මාළු වෙළඳ ව්‍යාපාරිකයෙකු හරහා පොලිස් ස්ථානය තුලදි ලබා ගැනීමට උත්සාහ ගනිද්දි අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව කියයි. 01 January 2026
නිව්යෝක් පළමු මුස්ලිම් නගරාධිපති දිවුරුම් දෙයි නිව්යෝක් නගරසභා මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂ සොහ්රාන් මම්දානී එම ධුරයේ දිවුරුම් දුන්නේය. 01 January 2026
නීති විරෝධිව ගෙන ආ දුම්වැටි සමඟ යුවළක් මාට්ටු රුපියල් පනස් දෙලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ , ශ්‍රී ලාංකික යුවළක් අද(01) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 01 January 2026
මෝටර් රථය මගියා බේරාගන්න ගිහින් පොල්ගහට ගිහින් අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද(1)උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදීම නිසා රියැදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 01 January 2026
බස් - යතුරු පැදි අනතුරින් ජාජබ මන්ත්‍රී අපෙක්ෂක මරුට බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ පැමිණෙමින් සිටියදී වැල්මිල්ල, ගල්කඩේ හංදිය ප්‍රදේශයේදී බස් රථයක් හා යතුරු පැදියක් ගැනීමෙන් යුද හමුදා විශ්‍රාමික නිලධාරියකු මියගොස් තවත් විශ්‍රාමික නිලධාරියකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 01 January 2026
චිත්‍රපයකට ලෙසින් සිදු කළ බැංකු කොල්ලය හොලිවුඩ් චිත්‍රපටයක බැංකු කොල්ලයක් මතක් කර දෙමින් කොල්ලකරුවන් පිරිසක් විශාල විදින කටුවක් භාවිත කරමින් බටහිර ජර්මනියේ බැංකුවකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 35 ක මුදලක් කොල්ල කා ඇතැයි එරට පොලිසිය පැවැසුවේය. 01 January 2026
කතක් ගුවන්තොටෙන් හොර බඩු පන්නන්න හදලා රුපියල් ලක්ෂ තිහක් වටිනා විදේශීය නිෂ්පාදිත භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක අද උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 01 January 2026
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි. 01 January 2026
අද ටිකක් වැස්ස වැඩි වේ නැගෙනහිර,මධ්‍යම,උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 January 2026
2026 නව වසර සැමට සුබ වේවා ලැබුවාවූ 2026 නව වසර ලංකාදීප පාඨක සැමත්, රටවාසී ලෝක වාසී සියලු දෙනාටත් සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. 31 December 2025
ගාල්ල නගරසභා කලබලයට අත්අඩංගුවට ගත් පිරිසට ඇප ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු රජයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරිය පෑම හා රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම නගර සභාවේ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරිය ඇතුළු පස්දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල මහෙස්ත්‍රාත් මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා අද (31) නියෝග කළේය. 31 December 2025
කොළඹ නගර සභා අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි ජාතික ජනබලවේගය කොළඹ මහ නගර සභාවේ 2026 වසරේ අයවැය වැඩි ඡන්ද 2 කින් ජයග්‍රහණය කිරීමට අද (31) සමත් විය. 31 December 2025
ජොන්ස්ටන්ගේ පුතා රිමාන්ඩ් රජයේ දේපළ අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ ඊයේ (30) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු සහ මොහොමඩ් ෂකිර් යන අය ජනවාරි 9 වෙනිදා දක්වා මහර රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට වත්තල අතිරේක මහෙස්ත්‍රාත්, සංජය ශ්‍රී විභූෂණ මහතා අද (31) නියෝග කළේය. 31 December 2025
ඉසෙඩ් ඇළට වැටුණු අලියා මිය යයි පොළොන්නරුව මාදුරුඔය ඉසෙඩ්. ඩි. ඇළට වැටුණු වන අලියෙකු ජලයේ සැඩ පහරට, ගොස් බෝක්කුවක් යට සිරවී පසුව ඇල්ලේවැව ප්‍රදේශයට ගසා ගෙන ගොස් එම ඇලේ සොරොව්වක සිර වී මියගොස් ඇති බව පිඹුරත්තෑව අඩවි වන කාර්යාලය සඳහන් කරයි. 31 December 2025
ඉන්දියාව ජපානය අභිබවා යයි ජපානය අභිබවා යමින් ලෝකයේ සිවුවැනි විශාලතම ආර්ථිකය වීමට ඉන්දියාව හැකියාව ලැබී තිබෙන බව ඉන්දීය රජය පසුගියදා නිකුත් කළ වසර අවසාන ආර්ථික සමාලෝචන වාර්තාවේ දැක්වේ. 31 December 2025
බසයට යට වූ කත මරුට මීරිගම බස් නැවතුම්පලේදී අද (31 )දහවල් බස් රථයකට යටවූ කාන්තාවක් මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි. 31 December 2025
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන් ප්‍රකාශ කළේය . 31 December 2025
කුඩු ජාවාරම් කළ හිටපු බන්ධනාගාර ගබඩා පාලක මාට්ටු බන්ධනාගාර ගතවී සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු මෙහෙයවන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ බන්ධනාගාරයේ හිටපු ගබඩා පාලකවරයෙකු සමඟ පස්දෙනෙකු යබරලුව , කිරිඇලමුල්ල ප්‍රදේශයේ නිවෙසකදී අත් අඩංගුවට ගෙන ඇතැයි බියගම පොලිසිය පවසයි. 31 December 2025
ලොරි අනතුරින් හයක් රෝහලේ කොළඹ මඩකලපුව ඒ 4 ප්‍රධාන මාර්ගයේ රත්නපුර තිරිවනාකැටිය ප්‍රදේශයේදී අද(31) සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ මහ රෝහලට ඇතුළත් කළ බව රත්නපුර පොලිසිය පැවසුවේය. 31 December 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026