උමගේ සිරවූවන් මුදා ගැනීමට ඔන්න මෙන්න ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ, උමං මාර්ගයක් තුළ දින 17 ක් තිස්සේ සිරවී සිටින කම්කරුවන් 41 දෙනා මුදා ගැනීමට ඉතා අසන්න යැයි දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි. 28 November 2023
නාවලපිටිය පුඩළුඔය මාර්ගයට ගල් පෙරැලෙයි නාවලපිටිය පුඩළුඔය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් සහ විශාල ගල් පෙරලිමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය අද (28) සිට ඇන හිට ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. 28 November 2023
ගැබිනි මවුවරුන්ට දෙන බෙහෙත්වල හිඟයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින් ගැබිනි මවුවරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ලබාදෙන කැල්සියම් සහ විටමින් වර්ගවල උග්‍ර හිඟයක් පවතින බවට මව්වරුන් චෝදනා කරති. 28 November 2023
හමාස් ප්‍රාණ ඇපයේ සිටි ලාබාල දරුවා තවත් ත්‍රස්ත කණ්ඩායමකට දීලා හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ළාබාලතම ප්‍රාණ ඇපකරුවා වන දසමස් වියැති කෆීර් බිබාස් නිදහස් කිරීම එම සංවිධානය ප්‍රතික්ෂේප කර ඇති බවත් පලස්තීනයේ ක්‍රියාත්මක වන තවත් ත්‍රස්තවාදී කණ්ඩායමකට බිබාස් සහ එම ළදරුවාගේ පවුල මිනිස් පළිහක් ලෙස යොදා ගැනීම සඳහා බාර දී ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය. 28 November 2023
උත්සව සමයේදී පාරිභෝගිකයා රකින වැඩසටහන අනිද්දා සිට උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වෙළඳපොල තුළදී වියහැකි අසාධාරණකම් වැලැක්වීමට සහ ඇතිවිය හැකි ගැටලු මග හැරවීමට අනිද්දා (30) සිට ජනවාරි මස 15 වැනිදා දක්වා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 28 November 2023
ඩොලර් කැටේ පුරවන්න සුද්දො ලක්ෂ පනහක් ඕනෑ ශ්‍රී ලංකාවේ විදේශ විනියමය සංචිත ශක්තිමත් කිරීමට නම් සංචාරකයන් ලක්ෂ 50ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 November 2023
රූපවාහිනිය ගුවන්විදුලිය සමාගමක් වෙයි දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය. 28 November 2023
විදුලි සැරෙන් තරුණයා මරුට යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පිහිටි මූල්‍ය ආයතනයක සේවය කරන තරුණයෙකු විදුලි සැර වැදීමකින් අද (28) මිය ගොස් ඇතැයි චාවකච්චේරි පොලීසිය පවසයි. 28 November 2023
මෙන්ඩිස් - රන්දෙණිගල මත්පැන් නිෂ්පාදනයට තාවකාලික තහනමක් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ රන්දෙණිගල යන මත්පැන් නිෂ්පාදන සමාගම් වල නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 28 November 2023
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගන්න සෞදි අරාබියේ සහයෝගය සෞදි අරාබියේ ආර්ථික හා ක්‍රමසම්පාදන අමාත්‍ය එච්.ඊ. ෆයිසාල් එෆ්. අලිබ්රහිම් මහතා සහ මෙරට අමාත්‍යවරු අතර හමුවක් පැවැත්විණි. 28 November 2023
විමල්ගේ හූනු සාත්තරය රනිල් වික්‍රමසිංහ මහතා මීට පසු ජනාධිපතිවරණයකට කිසිසේත්ම නොඑන බව තමා හූණා කිව්වා සේ පවසන්නේ යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (28 ) පැවසීය. 28 November 2023
කෝපි කාලෙට ආපහු හැරෙයි ලබන වසර ඇතුලත හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර තිබේ. 28 November 2023
ගොවියා ගොඩ දමන අලුත්ම මිරිස් ප්‍රභේදය මහවැලි ඩී කලාපයේ ගොවින්ට අලුතින් හදුන්වා දුන් ඒම්.අයි.සී.ඒච් 1 වර්ගයේ වැඩි දියුණු කරන ලද ප්‍රබේදය වර්ග මීටර 1000 (අක්කර කාලක්) වගා කළ මිරිස් වගාවේ පළමු මුරයෙන්ම රුපියල් 3,30,000ක ආදායමක් ලැබුණු බව දිවුලන්කඩවල ගොවි මහතකු වූ ඒස්.ගජවීර මහතා පවසයි. 28 November 2023
කොරියාව සමඟ නව සහයෝගිතා ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ කොරියා සමූහාණ්ඩුව අතර දේශගුණ විපර්යාස සදහා වන සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 28 November 2023
කොට උඩ ගිය පාරවල් හදන්න ආසියා බැංකුවෙන් හයියක් එකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන අවසන් කිරීම සඳහා ආසියා ආසියා සංවර්ධන බැංකුවෙන් අරමුදල් සපයා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 28 November 2023
මඩුවන්වෙල නින්දගමෙන් කොටසක් දුම්කොළ සමාගමට දෙයි මඩුවන්වෙල නින්ද ගම වත්ත ඉඩමෙන් කොටසක් සීමාසහිත දුම්කොළ සමාගම වෙත වන වගාව සඳහා බදු පදනම මත ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 28 November 2023
රොෂාන්ගේ ජීවිතය අනතුරේ කවුරු හොරු සමග හෙලුවෙන් හිටියත් රොෂාන් රණසිංහ සහෝදර මන්ත්‍රීවරයාගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීම අගමැතිවරයාගේ කතානායකවරයාගේ වගකීමක් බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය. 28 November 2023
ආණ්ඩුවට දැවෙන ප්‍රශ්නවලට විසඳුම් නෑ රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට වර්තමාන ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් රටේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට නම් ස්ථිර පොලිස්පති වරයෙක් පත් කළ යුතු බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 28 November 2023
වරාය නගරයේ වැඩ මැතිසබේ අනුමැතියට කොළඹ වරාය නගරයේ නියෝග අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 28 November 2023
කෝකිලායි සමූහ මිනිවලෙන් සිරුරු 37ක අස්ථි කොටස් ගොඩට මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවායි ප්‍රදේශයෙ සමුහ මිනිවලේ මේ දක්වා සිදුකළ කැණීම් වලින් මිනිස් සිරුර 37 ක අස්ථි කොටස හමුවී ඇති බව පොලිසිය පවසයි. 28 November 2023
අගමැතිගේ නම විකුණන කණ්ඩායමක් ගැන සී.අයි.ඩී පරීක්ෂණයක් තමාගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස පවසමින් ඩෙන්මාර්කයේ රැකියා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ හය ගාණේ එකතු කරන කණ්ඩායම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹා ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය. 28 November 2023
අයවැය යෝජනා ගැන වෘත්තීය සමිති දැනුවත් කරයි 2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 28 November 2023
ලලිත්,ගාමිණී ,ප්‍රේමදාස ගැන ජේ.ආර් කී අනාවැකිය වජිර හෙලි කරයි ලලිත්,ගාමිණී ,ප්‍රේමදාස රණ්ඩුව සමයේ එම තුන් දෙනාම ජීවිත වලින් වන්දි ගෙවා අවසන් වන බව ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා තමා සමඟ ඒ කාලේ පවසා තිබුනේ යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 28 November 2023
කොටි විරෝධි සැමරුමක කලබල කල හිටපු කොටි සාමාජිකයා අත්අඩංගුවට යුද සමයේ එල්ටීටීය විසින් ඝාතනය කළ ප්‍රභූ පුද්ගලයන් සමරා වවුනියාවේ පැවැති සැමරුමකට පහරදීම් එහි පුවරු කඩා දමා කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිසිය පවසයි. 28 November 2023
ක්‍රිකට් අතුරුකමිටුව ලබන නඩු විභාගය තෙක් ක්‍රියාත්මක නොකෙරේ ක්‍රිකට් අතුරු කමිටුව පිහිටුවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ලබන නඩු වාරය තෙක් ක්‍රියාත්මක නොකරන බව නව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට දැනුම් දෙයි. 28 November 2023
මහ බැංකුවේ මුදල් හොරකමට පරීක්ෂණ දෙකක් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු නිෂ්කාශනාගාරයේ ලක්ෂ පනහේ මුදල් බණ්ඩලයක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය. 28 November 2023
පුරාවිද්‍යා අධ්යක්ෂ පත් කරන්න ඇමතිට බලයක් නෑ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා පත්කිරීමට ඇමතිට බලයක් නැතැයි සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 28 November 2023
සටන් විරාම ගිවිසුම දින දෙකකින් දිගු වෙයි ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත් තාවකාලික සටන් විරාම ගිවිසුම දින දෙකකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවය එකඟ වූ බව එම ගිවිසුම ඇති කර ගැනීමට ප්‍රධාන මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ කටාර් රාජ්‍යය ප්‍රකාශ කළේය. 28 November 2023
ඇමති මණ්ඩලයට විනයක් තියෙන්න ඕන ඇමති මණ්ඩලයට විනයක් තියෙන්න ඕන යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 28 November 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026