IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මන්ත්‍රී විස්සක් පිල් මාරුවට පස්ස ගහලා

(සුජිත් හේවාජුලිගේ )

විවිධ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න සංඛ්‍යාවක්  විවිධ කරුණු කාරණා හේතුවෙන්   පක්ෂ මාරු කිරීමේ  තීරණය ගැනීමට  දෙගිඩියාවක සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර සමහර මන්ත්‍රීවරුන්ට   ඒ ඒ පක්ෂ දෙන බවට පොරොන්දුවූ   වරදාන වරප්‍රසාද නොලැබීම හේතුවෙන්  පක්ෂ මාරු කිරීම කල් දමා ඇතැයි දැනගන්නට ඇත.

සමග ජන බලවේගය පක්ෂයේ එක්තරා ප්‍රබල නායකයකුට ඔහු ඉල්ලූ තනතුරක් ලබා නොදීම හේතුවෙන් යළිත් එම පක්ෂයට සම්බන්ධ වීමට පණිවිඩ එවමින් සිටින බව වාර්තාවේ.

මේ අතර තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සමීක්ෂණ වාර්තා විමර්ශනය කිරීමෙන් අනතුරුව පක්ෂ මාරු කිරීම් කල් දමා ඇති බව  පවසන එම ආරංචි මාර්ග විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරු දෙදෙනකු  ආණ්ඩුවට  සම්බන්ධ කර ගැනීමට දරන උත්සාහයේදී  සමහර  මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන්ද එම  දෙදෙනා  සම්බන්ධ කර ගැනීම දුෂ්කර වී ඇති බව සඳහන් කරයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට පෙර   මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ මෙහෙයුම් ඒ ඒ දේශපාලන පක්ෂ තුළ   දිගින් දිගටම සිදුවෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (8)

මන්ත්‍රී විස්සක් පිල් මාරුවට පස්ස ගහලා

Achini Monday, 08 July 2024 01:32 PM

ඔවුන් රට වෙනුවෙන් නොව ඔවුන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයට හරස් වනු ඇත. සියලුම හොරු සහ මංකොල්ලකරුවන් බලයේ සිටීමට උපරිමයෙන් කටයුතු කරනු ඇත...

:       2       24

Dharshi Monday, 08 July 2024 01:35 PM

හැම එකාම බේරාගන්නේ රනිල්, සජිත් හෝ රාජපක්ෂ කණ්ඩායම දිනුවොත් අන්තිමට. නමුත් ඔවුන් දිනන්නේ නැත...

:       12       20

Chandima Monday, 08 July 2024 01:48 PM

අන්න බලන්න පැහැදිලි ජනතා නියෝජනයක් සහිත තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක ලක්ෂණ. ජනතා මතය එතැනම තියෙද්දී ජනතා නියෝජිතයෝ රෑට පනිනවා... මෙහෙට පනිනවා...

:       2       37

ජගත් ලියනගේ Monday, 08 July 2024 02:47 PM

දෙන ගාණ එහෙට මෙහෙට වුණා නම් කට්ටිය වඳුරෝ වගේ තමයි...

:       1       22

fairoos Monday, 08 July 2024 04:40 PM

මෙදා පාර ජනතාව මොලේ පාවිච්චි කරලැ ඔය පරණ සෙට් එකම ගෙදර යැව්වොත් හොදයි

:       0       24

chandima Monday, 08 July 2024 06:23 PM

ධම්මික පෙරේරා ගේ ඔෆර් එකත් බලලම යන්න වෙන්න ඇති ?

:       0       1

පැරකුම් Monday, 08 July 2024 08:26 PM

මේ මල විකාර ව්‍යවස්ථාව බල්ලට දාල ආපහු පරණ ක්‍රමයට යන්න කාලෙ හරි. එතකොට ඔය ප්‍රශ්න සේරම ඉවරයි. ඒත් අපේ දෙශපාලුවෝ ඒකට කැමති නැත.

:       0       1

Perera Tuesday, 09 July 2024 01:08 AM

මෙහෙම ප්‍රතිපත්තියක් නැති හිවලුන්ටයි රිලවුන්ට ඡන්දේ දීලා බලය දෙන්න රටේ බහුතරය උගත් බුද්ධිමත් ජනතාව ඉන්න එක තමයි ලංකාවට හැමදාම කෙලවිලා තියෙන්නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site