
(සුජිත් හේවාජුලිගේ)
වත්කම් බැරකම් ප්‍රකාශ සැප්තැම්බර් මස 1 වැනිදා දක්වා යැවීමට අපොහොසත් වන මන්ත්‍රීවරයකුට වසරක කාලයක් දක්වා සිර දඬුවම් සහ මාස දොළහක වැටුපට සමාන දඩ මුදලක් අය කිරීමට නව දූෂණ විරෝධී පනතින් විධිවිධාන සැලසී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
2023 අංක9 දරන දූෂණ විරෝධී පනත අනුව සෑම වසරකම ජුනි මස 30 වැනිදාට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට අපොහොසත් වන්නේ නම් එදින සිට සති දෙකක කාලයක් ඇතුළත ලිපිය යැවීමෙන්
එම මන්ත්‍රීවරුන්ට අවවාද කළ යුතු බවත් එසේම එදින සිට ජුලි මස 31 වැනිදා දක්වා කාලය සඳහා මාසික දළ වැටුපෙන් තිහෙන් එකකට සමාන දඩ මුදලක් නියම කළයුතු බවත් පනතේ සඳහන් වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එසේම පසුගිය මාස හය සඳහා අදාළ වන දල වැටුපෙන් තිහෙන් එකකට සමාන වැඩි කරන ලද දෛනික පරිපාලන දඩ මුදලක් අගෝස්තු මස 1 වැනිදා සිට 31 දක්වා ප්‍රමාද වී ඉදිරිපත් කිරීම සඳහා ගෙවීමට නියම කෙරෙනු ඇති බවත් එහි දැක්වේ.
එම ප්‍රකාශය සැප්තැම්බර් මස1 වැනිදා තෙක් යැවීමට අපොහොසත්වන මන්ත්‍රීවරුන්ට මහේස්ත්‍රාත්වරයකු ඉදිරිපිට පවත්වනු ලබන ලගු නඩු විභාගයකින් පසු වරදකරු කිරීමේදී එම තැනැත්තා අවසන් වරට ලබාගත් මාස දොළහක දළ වැටුප් වලට සමාන දඩ මුදලක් හෝ අවුරුද්දකට නොවැඩි දෙයාකාරයෙන් එක් ආකාරයක කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට හෝ එකී දඩ මුදල සහ බන්ධනාගාර ගත කිරීම යන දෙකටම හෝ යටත් විය යුතු බව එම පනත් කෙටුම්පතේ දැක්වෙන බව අල්ලස් කොමිසම පවසයි.
තවද වත්කම් බරකම් ප්‍රකාශ භාර නොදීම් සම්බන්ධයෙන් විමර්ශන කළ යුතු බවද පනත් කෙටුම්පතේ සඳහන්වේ.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වත්කම් නොදෙන මන්ත්‍රීන්ට වසරක හිර දඬුවමක්
siri Monday, 08 July 2024 01:38 PM
මොවුන් ටික හිරේ දැම්මොත් නම් රටට යහපතක් වේවි...!
සොරිසේන Monday, 08 July 2024 02:13 PM
හෑහ් !!! වසරක් හිරේ, අවුරුද්දේ පඩිය.... එච්චරද? ඉතින් දියවන්නා හොරමුලට ඒක ලාබයි නේ...!!!
ගජමිතුරු Monday, 08 July 2024 03:16 PM
මෙහෙම අනවධානයෙන් කටයුතු කරන පිරිස් පක්ෂයේ අපේක්ෂකයින් ලෙසට නාමයෝජනා අත්සන් කරන අයට අවුරුදු පහක සිර දඩුවමක් නියම කලොත් ඔහොම මිනිස්සු පාර්ලිමේන්තුවේ අසුන් නොගනීවි
nanda Monday, 08 July 2024 09:09 PM
වත්කම් ඉදිරිපත් නොකරන කිසිවෙකුට චන්දෙ නොදෙමු
Srinath Monday, 08 July 2024 10:36 PM
පුලුවන්නම් හිරේ දාලා පෙන්වන්න ?
Ari Tuesday, 09 July 2024 07:12 AM
මේක තනිකරම ගොන් ආතල් ගැනීමක්. මෙම ආකාරයේ නීතිය කිසි විටෙකත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවේ.
Perera Tuesday, 09 July 2024 12:00 PM
පාර්ලිමේන්තුව වසරකට හිර ගෙයක් කරන්න වගේ යන්නේ