හිරේ ඉන්න හිටපු අගමැති ඉම්රාන්ට බරපතල වැඩ පාකිස්තාන මහ මැතිවරණය පැවැත් වීමට නියමිත අතර, දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඉම්රාන්ගේ රජයේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය ෂා මහමුද් කුරේෂි බරපතල වැඩ සහිතව සිරදඬුවම් විඳින බව එරට මාධ්‍ය වාර්තා කරයි. 06 February 2024
රනිල්ගෙ ගෙට ගිනි තැබුවැයි ගුරුවරුවරයාට ඇප අරගල සමයේදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉංග්‍රීසි ගුරුවරුවරයා ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළණ ගමගේ මහතා අද (06) නියම කළේය. 06 February 2024
රැදවියන් දෙදෙනාගේ ගැටුමෙන් අයෙක් මරුට ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමකින් තුවාල ලබා රොහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි රැදවියා අද (06) මියගිය බව ත්‍රිකුණාමලය වරාය පොලිසිය කියයි. 06 February 2024
අවිස්සාවේල්ලේ පිපිරීමකින් අයෙක් මරුට අවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයේ පරණ යකඩ බඩු එකතු කරන මධ්‍යස්ථානයක සිදු වූ පිපිරිමක් තුවා ලැබූ අයකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 06 February 2024
ජපන් රූ රැජිනට කිරුළ අහිමි වෙයි විවාහක පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධයක් ඇති බව තහවුරු වීම හේතුවෙන්, ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ කැරොලිනා ෂිනෝ නමැති යුවතියට, එම කිරුළ ආපසු බාර දීමට සිදුවී ඇතැයි ජපන් ටැබ්ලොයිඞ් පුවත්පත් වාර්තා කරයි. 06 February 2024
මැතිසබය විවෘත කිරීම හෙට ජනපති අතින් පාර්ලිමේන්තුව( නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභා වාරය) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (7) 10.30ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ. 06 February 2024
නියම වෙලාවට අපේක්ෂකයා කරලියට ගේනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව එහි විධායක සභාව නියෝජනය කරන අයට වඩා ඇතැම් පිරිස්වලට කැක්කුමක් ඇති බවත් මෙරට දැවැන්තම දේශපාලන පක්ෂය විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියම වෙලාවට ජනාධිපති අපේක්ෂකයා කරලියට ගේන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද (6) පැවසීය. 06 February 2024
ජනපති දඹුල්ලේ අලුත් වැඩ ගොඩක් විවෘත කරයි දඹුල්ල ක්‍රීඩාංගණයේ ස්ථාපිත කළ ’විශිෂ්ටත්වයේ කේන්ද්‍රය” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 06 February 2024
රෝහල්වලට හිරුගෙන් විදුලිය දෙන්න ජපන් ආධාර පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන් ශ්‍රී ලංකාවේ රෝහල්වල බල ශක්ති සැපයීම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන රජයේ ව්‍යාපෘති ආධාර ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 February 2024
නාවිකයන්ට වෙනම දිනයක් මාර්තු 21 වැනිදා ජාතික නාවිකයන්ගේ දිනය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 February 2024
පොලීසියට පාට් දමා පලායන්න හැදූ බස් හිමිකරු ඇතුළු තුනකට වැඩවරදී රාත්‍රී රථ වාහන රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් නතර කරන ලෙසට සංඥා කළ අවස්ථාවේදී එම අණ නොතකා අධික වේගයෙන් ගමන් කළ පුද්ගලික බස් රථයක් බස් රථ රියදුරා, බස් රථ හිමිකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 06 February 2024
ඉන්ධන බෙදුම්කරුවෝ තවත් අපහසුතාවකට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන තොග සැපයීමේදී මුදල් ගෙවීමේ කාලය පෙරවරු 10.00 දක්වා සීමා කිරීමෙන් පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් මෙම තත්වය හේතුවෙන් ඉන්න ඇනවුම් වැඩි සංඛ්‍යාවක් ගැනීමට නොහැකි වී ඇති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති. 06 February 2024
ටවුන් ගෙවල් අයිතිය දෙන්න කැබිනට් අනුමැතිය 2024 අයවැය යෝජනා අනුව නාගරික නිවාස හිමිකම යටතේ අඩු ආදායම්ලාභී පවුල් පනස්දාහකට ඔවුන් පදිංචි නිවාස සඳහා පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 06 February 2024
විදෙස් විනිමය සීමා පියවරෙන් පියවර ලිහිල් කරයි විදේශ විනිමය සීමා කිරීම් අදියර වශයෙන් ඉවත් කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා දැනට ක්‍රියාත්මක විදේශ විනිමය නියෝග සඳහා යෝජිත සංශෝධන වලට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 February 2024
සුළු සේවකයා සේවක පාලකවරයාට ආයුධ වලින් පහරදී පලා යයි මහරගම අපේක්ෂා රෝහලට තියුණු ආයුධයක් රැගෙන කඩා වැදුණු එහි සේවකයෙකු සුළු සේවා පාලකවරයාට පහරදී බරපතල තුවාල සිදු කර ඇතැයි මහරගම පොලිසිය කියයි. 06 February 2024
කන් නෑසෙන අයට වාහන පදවන්න අවසර පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 06 February 2024
මැතිවරණයට වෙන්කළ මුදල් පරිස්සමෙන් පාවිච්චි කරන්න තීරණයක් රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ 2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු මගින් රුපියල් බිලියන දහයක් මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට අදාළ වියදම් එකී ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගැනීමට සිදුවන බවත් අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබේ. 06 February 2024
ජනතා විරෝධයෙන් ගල් කැඩීම නතර කරයි පල්ලෙවෙල බෝරුක්ගමුව කන්දවත්ත ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ගල් තලාවක් කැඩීමට කරන ලද ඉල්ලිමක් සම්බන්ධයෙන් ඇති වූ ජනතා විරෝධය මධ්‍යයේ අද( 6 ) පෙරවරුවේ පරීක්ෂණයක් පැවැත්වුණු අතර අවසානයේ ජනතා් විරෝධතාවය ජයග්‍රහණය කරනු ලැබීය. 06 February 2024
රාමසාන් උත්සවයට විශේෂ වැඩපිළිවෙලක් රාමලාන් (රාමසාන්) උත්සව සදහා මුස්ලිම් නිලධාරීන් වෙනුවෙන් යාඥා සහ ආගමික කටයුතුවල නිරතවීම උදෙසා වැඩපිළිවෙළක් සකස් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාතංශය මගින් රාජ්‍ය ආයතන වෙත දැනුම් දෙයි. 06 February 2024
තවත් සිසුවෙක් ගසක අත්තකට බිලි නොර්වුඩ් මාර්ගයේ කපමින් තිබු ගසක අත්තක් කඩා වැටිමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකු නාවලපිටිය රෝහලට ගෙන යාමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 06 February 2024
සංචාරකයින්ගේ පැමිණීම සියයට සියයකින් ඉහළට ගෙවීගිය ජනවාරි මාසය ඉකුත්වීමේදී මෙරටට පැමිණි සංචාරකයින් ගිය වසරට සාපේක්ෂව සියයට සියයක පමණ වර්ධනයක් සිදු වි ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරන වාර්තාවේ දැක්වේ. 06 February 2024
කලබල කළොත් රිමාන්ඩ් පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රැඳවියන් මින් ඉදිරියට කළහකාරී ලෙස කටයුතු කළහොත් ඔවුන් එම මධ්‍යස්ථානවලින් ඉවත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය 06 February 2024
තල්-කිතුල්-පොල් මදින අයට වෘත්තීය සහතිකයක් තල්, කිතුල් සහ පොල් ගස් මදින හා ගෙඩි කඩන තැනැත්තන් සඳහා ජාතික වෘත්තිය නිපුණතා සහතික ලබා දීමට තීරණය කර තිබේ. 06 February 2024
තියුණු ආයුධවලින් කපා කොටා ධීවරයා මරලා තංගල්ල පොලිස් වසමට අයත් කුඩාවැල්ල ප්‍රදේශයේදී අද (6) පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 06 February 2024
චාල්ස් රජුට පිළිකාවක් බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුට පිළිකා රෝගියකු බව තහවුරු වී ඇතැයි බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 06 February 2024
සමාජ ශාලාවේ වෙඩි තැබීමට එහි සේවිකාවක් අත්අඩංගුවට කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සමාජ ශාලාවේ සේවය කළ 19 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය කියයි. 06 February 2024
කපා කොටා දෙදරු මව මරලා සූරියවැව ,බැද්දෙවැව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා කොටා 37 හැවිරිදි දෙදරු මවක ඝාතනය කර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි . 06 February 2024
‘මිහිජය උයන’ වෙඩි තැබීමේ සිද්ධියට දෙකක් අල්ලයි මිහිජය උයන මාල් නිවාස සංකීර්ණය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු අඩංගුවට ගත් බව මිහි ජය සෙවණ පොලිසිය කියයි. 06 February 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025