භාණ්ඩ 6ක මිල නැවත නිවේදනය කරයි පාරිභෝගිකයාට වඩාත් ලාභදායි වෙළෙන්දාගෙන් භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක මීට පෙර නිකුත් කර තිබූ උපරිම තොග සහ සිල්ලර මිල පරාස සංශෝධනය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා අද (5) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 05 February 2024
හෙලිකොප්ටරය කැඩුණු දා දුන් පොරොන්දුවක් ජනපති ඉටුකරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ සිසු දරුවන්ට ලබා දුන් පොරොන්දුවක් අනුව වටිනා සංගීත භාණ්ඩ තොගයක් ලබන 9 වැනිදා එම විදුහලට ප්රදානය කරන බව ජනාධිපති කාර්යාලය කියයි. 05 February 2024
වසා දැමූ මූල්‍ය සමාගමක තැන්පතුකරුවන්ට වන්දි ගෙවීම නැවත අරඹයි වසා දැමූ මූල්‍ය සමාගමක තැන්පතුකරුවන් සහ අදාළ තැන්පතුකරුවන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන්ට වන්දි ගෙවීම හෙට (6) නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 05 February 2024
ලොරිය සමඟ හුලන්දාව ඔයට පාලම කඩා වැටෙයි ඇැඹිලිපිටිය කුඹුගොඩආර පාලම මතින් කොට ලොරියක් ගමන් කරමින් තිබියදී ලොරි රථය සමගම අද (05) එම පාලම හුලන්දාව ඔයට කඩා වැටී ඇත. 05 February 2024
රනිල්ට වඩා සුදුස්සෙක් ඉන්නවා නම් දෙන්න මේ මොහොතේදී ජනාධිපති අපෙක්ෂකත්වයට වත්මන් ජනාධිපතිවරයාට වඩා සුදුස්සකු පොහොට්ටුවේ සිටීනම් ඒ සඳහා ඔහුට අවස්ථාව ලබාදීම සුදුසු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. 05 February 2024
‘1990’ සුවසැරිය ගිලන්රථ සේවයේ දැඩි සේවක හිඟයක් සේවක හිඟය හේතුවෙන් ‘1990’ සුවසැරිය ගිලන්රථ සේවය පවත්වාගෙන යෑම අසීරු වී ඇතැයි එම ගිලන් රථ සේවයේ උසස් නිලධාරියෙක් පැවසීය. 05 February 2024
මාලදිවයින ජනපතිට විපක්ෂයෙන් විරෝධයක් මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසු එරට පාර්ලිමේන්තුවේ පළමු සැසිය ආරම්භ කරමින් කතා කරද්දී, පාර්ලිමේන්තුවේ සිටි විපක්ෂ දෙශ්පාලන පක්ෂ දෙකක මන්ත්‍රීවරු ඔහුට විරෝධය පළ කළහ. 05 February 2024
63,000ක් අය කරගන්න ලක්ෂ 3ක් වැයකරලා ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරියක් ප්‍රංශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා මිලදී ගත් සපත්තු කුට්ටමකට සහ බෑගයකට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් 63,000 ක ගෙවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට එම මණ්ඩලය රුපියල් ලක්ෂ 3 කට අධික මුදලක් වැයකර ඇති බව වාර්තා වේ. 05 February 2024
හිරේ ගියත් කෝටි එකහමාරක් හම්බකර දීලා අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් විසින් නිෂ්පාදනය කරනු ලබන ආහාර වලින් පසුගිය වර්ෂයේදී (2023) පමණක් රුපියල් ලක්ෂ එකසිය හතළිස් හයක පමණ මුදලක් ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් උපයා ගෙන ඇති බව අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න මහතා පැවසීය. 05 February 2024
ආයුර්වේද සංස්ථාව ලොකු ලාභයක් ලබයි ආයුර්වේද සංස්ථාව 2023 වසරේදී රුපියල් මිලියන 195ක ලාභයක් වාර්තා කිරීමට සමත් වූ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය. 05 February 2024
අඩු බර පාන් වැටලීම් අරඹයි ප්‍රමිතියෙන් තොර පාන් අළෙවිකරන්නන් වැටලීමේ මෙහෙයුම් අද (5) පෙරවරුවේ ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 05 February 2024
මහාචාර්යවරයාට චීනයේදී අත්හිටවූ මරණ දඬුවමක් චීනයේ සංචාරයක් අතරතුරේ අත්අඩංගුවට ගැනුණු ඔස්ට්‍රේලියානු ජාතික මහාචාර්යවරයකුට චීන අධිකරණයක් අත්හිටවූ මරණ දඬුවමක් නියම කර ඇත. 05 February 2024
ත්‍රිරෝද රථ එකිනෙක ගැටී අයෙක් මරුට:7 ක් රෝහලට පුත්තලම කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කුරිඤ්ඤාපිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව කල්පිටිය පොලීසියේ රථවාහන අංශය කියයි. 05 February 2024
හමුදාවේ අවි ගැන විශේෂ විමර්ශනයක් යුද හමුදා කඳවුරු වලින් ගිනි අවි නිකුත් කිරීමේදී අනුගමනය කෙරෙන නීති දැඩි කිරීමට තීරණය කර ඇත. 05 February 2024
කෘෂි ව්‍යාපෘතියක ’’රොත්තම’’ ගෙදර යවයි කුඩා පරිමාණ කෘෂි ව්‍යවසාය සහභාගීත්ව වැඩසටහනේ අධ්‍යක්ෂවරිය (sapp) ඇතුළු එහි සේවය කරන කිහිප දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි එම වැඩසටහනෙන් ඉවත් කරන ලෙස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය. 05 February 2024
රිය අනතුරින් මව මරුට-දැරිය ,පියා රෝහලට එකම පවුලේ මව පියා හා තුන් හැවිරිදි දියණියක් ගමන් ගත් තීරෝද රථයක් හොරණ පානදුර මාර්ගයේ කුළුපන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ගැටීමෙන් මව මියගොස් දැරිය හා පියා බරපතල තුවාල ලබා ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි 05 February 2024
චිලී වැසියෝ 112 ක් පණ පිටින් පිළිස්සෙති ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ළැව් ගිනිවලට බිලිවුණු ගණන 112 තෙක් ඉහළ ගොස් තිබුණි. 05 February 2024
සෙනගාල ජනපති ජනපතිවරණය අත්හිටුවයි බටහිර අප්‍රිකාවට අයත්, සෙනගාල් රාජ්‍යයේ ජනාධිපතිවරණය දින නියමයක් නොමැතිව අත්හිටුවීමට, ජනාධිපති මැකී සාලේ විශේෂ නියෝගයක් නිකුත් කළේය. 05 February 2024
රනිල් එක්ක පොහොට්ටුව එක්ක ගනුදෙනුවක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග කිසිදු දේශපාලන ගනුදෙනුවක් නොමැති බව එම පක්ෂයේ වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසීය. 05 February 2024
මුහුදේ ගහගෙන ගිය තරුණ ජෝඩු තුනකගේ දිවි බේරා ගැනෙති පානදුර මුහුදේ ගහගෙන ගිය තරුණ ජෝඩු තුනකගේ ජීවිත දිවි බේරාගැනීමට පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් සමත්ව ඇත. 05 February 2024
මැරුණැයි කී නිළිය යහතින් ගැබ් ගෙල පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය බව කී බොලිවුඞ් නිළි පූණම් පාණ්ඬේ යහතින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 05 February 2024
වනජීවී නිලධාරියාට අලි ප්‍රහාරයක් කිරින්ද ,දළදාගම ගම්මානයට කඩා වැදුණු වන අලියෙකු පලවා හැරීමට ගිය නිමලව අඩවි වනජීවී කාර්යාලයේ නිළධාරියෙකුට වන අලියා පහරදීමෙන් බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කිරින්ද පොලිසිය පවසයි . 05 February 2024
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට තවත් අයෙක් මාට්ටු අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරෙරා ඇතුළු පස්දෙනා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් හබරාදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. 05 February 2024
තැනින් තැන අදත් වැස්ස නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 February 2024
‘‘බෙහෙත් කියා ඇල්වතුර දුන් හැටි එළියට‘‘ සති තුනක් තුළ සෞඛ්‍ය ක්ෂෙත්රය කඩා වැටෙන බවට බොරු භීතියක් කැබිනට් මණ්ඩලයට මවා සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා 2022 මැයි 30 වැනිදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් බාල බෙහෙත් රජයේ රෝහල්වලට දීමට අවස්ථාව දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නාය. 05 February 2024
ජා.ජ.බ පිරිසක් ඉන්දියාවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් හෙට (05) ඉන්දියාව බලා පිටත්වේ. 04 February 2024
කන්දකාඩුව යළි ඇවිලේ පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අද සවස හයට පමණ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් රඳවියන් දහදෙනකු සහ හමුදා සෙබළකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. 04 February 2024
මර්වින් මීනි පෙට්ටියක් රැගන ඔන් ලයින් විරෝධයක මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මෘත දේහයක් රැගෙන යන අයුරින් බොරැල්ල කනත්තට ඇතුළු වී විරෝධතාවයක් පැවැත්වූහ. 04 February 2024
හෙඳ නායකයකු පහළවීමේ කාලය ඇවිත් පීඩාකාරී නායකත්වයෙන් රට මුදාගෙන නව නායකයෙක් පත්කර ගැනීමට කාලය එළැඹ ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ අද (4) පැවසූහ. 04 February 2024
සැකකරුවෙක් අධිකරණ භූමියේදී පැන යයි අත් මාංචු දමා කළුතර අධිකරණ භූමියට රැගෙන ආ සැකකරුවක අධිකරණය තුළට රැගෙන යාමට ඔන්න මෙන්න කියා තිබියදී අනෙක් සැකකරුගේ මුහුණට පහර දී අත්මාංචු ගලවාගෙන පලා ගොස් ඇතැයි කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. 04 February 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025