
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
යුක්රේන ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඇමෙරිකාවේ ඒ.බී.සී. පුවත් නාලිකාව සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
යුක්රේන ජනාධිපතිවරයා සෙලෙන්ස්කී මේ වනවිට සිටින්නේ ඇමෙරිකාවේය. යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකාවට ගොස් සිටින්නේ, නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ අනාගත සමුළුවට සහභාගී වීමටය.
මේ අතර, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවෙමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ, රුසියන් යුක්රේන යුද්ධය සාමකාමීව අවසන් කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බවය.
රුසියනු යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඉන්දීයාව මැදිහත් වීම ගැන ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සෙලෙන්ස්කී ස්තුති කිරීමට ද අමතක කළේ නැත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයකින් දිනන්න වෙන්නේ කවරුවත් නොවෙයි...ආයුධ වෙළන්දන්ටම පමණයි
මේ හීන දකින තව එකෙක් . තවම රුසියාව යුද්ධය පටන් ගත්තෙ නැහැ . කුලී හේවායො විතරයි තවම වැඩ.