IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි

(ආරියරත්න රණබාහු)

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී  ප්‍රවීණ  නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්‍රාප්ත වූවාය..

මිය යන විට 92වන වියෙහි  පසුවූ  ඇය  දෙදරු මවකි. ජාත්‍යන්තර කීර්තිට පත් ප්‍රවීණ නර්තන ශිල්පී දිවංගත   චිත්‍රසේනයන්ගේ බිරිඳ ද වේ.

නර්තනය පිළිබඳව හසල දැනුමක් ඇති ඇය එම කලාව සිය සැමියා සමග  ලොව වටා ගෙන යාමට  කටයුතු කළ අතර ඒ නිසාම  ඇයගේ උඩරට නර්තනයට ඇති හැකියාවට  සහ එය ප්‍රචලිත කිරීමට ගත් කැපවීමසම්මානයෙන්  උදෙසා 2020වසරේදී ඉන්දියාවේ පද්මශීු   සම්මානයෙන් පුද ලැබුවාය.

උඩරට නර්තනයට මෙන්ම  බටහිර  බැලේ නර්තන  ශිල්පයටද එකසේ හපන්කම් ඇති වජිරා එහි කූඨාප්‍රාප්තියට සමිප වු  ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තාව ලෙස හැඳින්වේ

ප්‍රවීණ නර්තනා ආචාර්යවරියක් වන ැැ ඇයගෙන්  එම ශිල්පය හැදෑරුවෝ දහස් ගණනකි.

කලා භූෂණ, දේශබන්දු  දේශාභිමානී ආදී මෙරට පුරවැසියෙකුට ලැබිය හැකි ඉහළම සම්මාන සෑම එකක්ම ඇය හිමිකරගෙන ඇති අතර නර්තනය සම්බන්ධයෙන් චිත්‍රසේන වජිරා යුවල පුරාවෘත්තයක් ලෙස සැලකේ.

කරදිය සහ  නලදමයන්ති මුද්‍රා නාට්‍ය ඇයගේ නර්තනයන්ගෙන් ශෝභාමත් වූ  අයුරු බොහෝ ප්‍රේක්ෂකයන්  ගේමතකයේ පවතී.

ඇය කළුතර බාලිකා විද්‍යාලය සහ මෙතෝදිස්ත  විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි

දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු  බොරැල්ලෙක් කනත්ත පොදු සුසාන භූමියේදී හෙට (25) පස්වරු 4.00ට සිදුකෙරේ.



අදහස් (0)

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 763 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site