IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්

(ප්‍රසාද් රුක්මල්)

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි .

පවතින අධික වියලි දේශගුණික තත්ත්වයත් සමඟ මෙසේ කිසිවකු විසින් රක්ෂිතයට ගිනිතැබීමෙන් මෙම ගින්න හටගෙන ඇති බවත් , බදුල්ල එලදලුව යුදහමුදා කදවුරේ නිලධාරීන් ,ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආරක්ශක අංශයේ නිලධාරීන් , ගිනිනිවිම් ඒකකය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ වනසංරක්ෂණ නිලධාරීන් එක්ව කොලඅතු, ජල බවුසර් යොදා ගනිමින් ගින්න මැඩැලීමට කටයුතු කළ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා සදහන් කළේය .

ගින්න හටගත් අවස්ථාවේ එම රක්ෂිතය හරහා විදුලි රැහන් ඇද තිබූ ලී විදුලි කනු කීපයක් විදුලි බල මංඩලයේ සේවකයන් එක්වී මහත් පරිශ්‍රමයක් දරා බේරාගත් බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය .

 



අදහස් (0)

වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 763 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site