කෙහෙළිය බන්ධනාගාර රෝහලට රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රෝගී තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසීය. 03 February 2024
ලංකා - තායිලන්ත වෙළෙඳ ගිවිසුම අත්සන් කරයි භාණ්ඩ වෙළඳාම, ආයෝජනය, රේගු ක්‍රියා පටිපාටිය සහ බුද්ධිමය දේපල අයිතිවාසිකම් වැනි විවිධ අංශ ආවරණය වන පරිදි සාකච්ඡා පවත්වමින් වෙළඳපොල අවස්ථා පුළුල් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. 03 February 2024
හොලිවුඩ් නළු කාල් වෙදර්ස් සමුගනී 80 දශකයේ තරගත වුණු, සිල්වෙස්ටර් ස්ටැලෝන් ප්‍රධාන චරිතය නිරූපණය කළ, රොකී චිත්‍රපට මාලාවේ, ඇපලෝ ක්‍රීඩ් බොක්සිං ශූරයාගේ චරිතයට පණ දුන් කාල් වෙදර්ස් දිවි ගමනට සමුදුන්නේය. ඔහුගේ වයස අවුරුදු 76 කි. 03 February 2024
කෙහෙළිය රිමාන්ඩ් සී.අයි.ඩී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ලබන 15 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාළිගාකන්ද අධිකරණයෙන් නියෝගය නිකුත් කෙරුණි. 03 February 2024
එජාප ජනපතිවරණ මෙහෙයුම් ප්‍රධානී නම් කරයි ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. 03 February 2024
18 තරුණය ගිනි අවියක් සමග මාට්ටු බෙන්තර නගරයේ සිදු කළ හදිසි මෙහෙයුමකදී දහඅට හැවිරිදි තරුණයකු පිස්තෝල හා හෙරොයින් මිලි ග්‍රෑම් 5500 ක් සොයා ගත් බව බෙන්තොට පොලීසිය කියයි. 03 February 2024
තායි අගමැති දිවයිනට සැපැත්වේ ශ්‍රී ලංකාවේ 76 වන ජාතික නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා තායිලන්තයේ අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් ( Srettha Thavisin) මහතා අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. 03 February 2024
නිදහස වෙනුවෙන් සිරකරුවන් 754කට ජනාධිපති සමාව හැත්තෑහය වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 754 කට ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව විශේෂ රාජ්‍ය සමාව ප්රදානය කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 03 February 2024
යුද්ධයේදී මියගිය රණවිරුවන්ට සම්පූර්ණ වැටුප යුද්ධයට (2009.05.19 දිනට පෙර) සක්‍රියව දායකත්වය ලබා දී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය, ආබාධිත ව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පූර්ණ වැටුප හා දීමනා ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. 03 February 2024
ඔන්ලයින් පනත වෙනස් කරන්න සූදානම් ඔන්ලයින් පනතේ මානව හිමිකම් උල්ලංඝනය වන එකම වගන්තියක් හෝ තිබේ නම් එය ඉදිරිපත් කරන ලෙස ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරන පාර්ශ්ව වලින් ඉල්ලීමක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. 03 February 2024
අස්වැසුමට බාල්දි දාන ලොක්කන්ට වැඩ වරදී අස්වැසුම වැඩපිළිවෙල මන්දගාමි කරන දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රධාන වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට වන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට දැඩිව දැනුම් දී ඇත. 03 February 2024
සනත්ගේ බිරිඳ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවට? හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා මහත්මිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත්කිරීමට පක්ෂයේ ඉහළ අවධානයට යොමුවී ඇත. 03 February 2024
කෙහෙළියට නැවතත් විශ්වාසභංගයක් අමාත්‍ය කෙහෙලිය රඹුක් වැල්ල මහතාට එරෙහිව නැවතත් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත. 03 February 2024
පෞද්ගලික රෝහල්වලට වෛද්‍ය සභාවෙන් නියෝගයක් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සිය ගාස්තු අය කරන ආකාරය වහාම ප්‍රදර්ශනය කරන ලෙස පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව සියලුම පෞද්ගලික රෝහල්වලට සහ වෛද්‍ය ආයතනවලට ලිපියකින් දැනුම් දී ඇත. 03 February 2024
කෝටි 10 මත් පෙති වත්තලින් අල්ලයි එඬේරමුල්ල අප්පුගේ වත්ත ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් කෝටි 10 ට අධික වටිනා මත්පැති තොගයක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 03 February 2024
කෙහෙලිය අධිකරණයට රැගෙන එයි සී.අයි.ඩී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට කොළඹ මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරිමට රැගෙන ආහ. 03 February 2024
අදත් තැනින් තැනට පොඩි පොඩි වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 03 February 2024
”ලෙල්ලමට” භාරකරුවෙකු පත් කරන්නැයි නියෝග මීගමුව ධීවර වෙළඳ මධ්‍යස්ථානයේ දේපල (”ලෙල්ලම”) පරිපාලනය සහ කළමණාකරණයට භාරකරුවෙකු පත්කරන ලෙස මීගමුව දිසා විනිසුරු ලලිත් කන්නංගර මහතා විසින් අද (02) නියෝග කළේය. 02 February 2024
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලේ බලාපොරොත්තු සුන්වෙයි වයස 19 න් පහළ ලෝක ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ අද (2) සත්කාරක දකුණු අප්‍රිකානු පිල හමුවේ ලැබූ පරාජයත් සමඟ අවසන් පූර්ව තරග බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය. 02 February 2024
මෙරට ළමා හිංසනයක් ගැන ඇමෙරිකාවෙන් පැමිණිල්ලක් ශ්‍රී ලංකාවේ බාල වයස්කාර දරුවකු යොදා නිර්මාණය කළ ලිංගික හිංසන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ නෙක්මැක්ස් (NCMEC) ආයතනය ශ්‍රී ලංකා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත. 02 February 2024
ලාෆ් ගෑස් මිලෙත් වෙනසක් නෑ ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මෙම මස (පෙබරවාරි) සංශෝධනය නොවන බව එම සමාගම අද (2) පැවසීය. 02 February 2024
පංච පුද්ගල ඝාතනයේ මහා මොළකරු හිටපු යුදහමුදා ලොක්කෙක්? අපේ ජන බලපක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුලු පංච පුද්ගල ඝාතනයේ මහා මොළකරු යුදහමුදාවේ කලක් මේජර්වරයෙක් ලෙස සේවය කළ පුද්ගලයෙකු බව අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 02 February 2024
කෙහෙලිය අත්අඩංගුවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිය. 02 February 2024
ඔන්ලයින් පනත ගැසට් කරයි සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත(ඔන්ලයින් ) පිළිබඳ ගැසට් නිවේදනය අද (2) නිකුත් කෙරිණ. 02 February 2024
අල්ලස් ගත්තැයි පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට මාතලේ මහවෙල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ සේවයේ නියුතුව සිටි පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුගෙන් රුපියල් 10000 මුදලක් අල්ලස් ලෙස ලබාගන්නට යෑමේදී එම පොලිස් නිලධාරින් දෙදෙනා අල්ලස් දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අද (02) වන දින සැකපිට අත්අඩංගුවට තිබේ. 02 February 2024
බදුල්ල ඩිපෝවේ බස් වර්ජනයක් ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ බස්රථ රියදුරන් කොන්දොස්තරවරුන් ඇතුලු සේවකයන් අද (2) පස්වරුවේ සිට වැඩවර්ජනයක නිරතව සිටි. 02 February 2024
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගැන දැනුම් දීමක් හැත්තෑහය වැනි ‘නිදහස් දින’ රාජ්‍ය උත්සවය හේතුවෙන් ලබන ඉරිදා (4 වැනිදා) මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අළුයම 5.00 සිට පෙරවරු 9.00 දක්වා මහලේකම්, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල නොනවත්වා දුම්රිය ධාවනය කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන)එන්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසීය. 02 February 2024
ශ්‍රී ලංකාව කිසිවකු නොදැවී 80යි ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (2) ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කිසිවෙක් නොදැවී ලකුණු 80 ක් රැස්කර සිටියේය. 02 February 2024
‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ - සහෝදරයා රිමාන්ඩ් වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි කියන තුප්පෙහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් නොහොත් ‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ සහ ඔහුගේ සහෝදරයා ලබන 07 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද(02) නියෝග කළේය. 02 February 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025