සෞඛ්‍ය වර්ජනය හෙටින් අවසන් සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව ආරම්භ කළ වැඩ වර්ජනය හෙට(3) පෙරවරු 6.30 ට අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ මහතා පැවසීය. 02 February 2024
තරුණයකුට මැර ප්‍රහාරයක් මැර කණ්ඩායමක් ඇඹිලිපිටියේ තරුණයකු පැහැරගෙන කැලෑ ප්‍රදේශයක රදවාගෙන තියුණු අයුදවලින් පහර දෙද්දී කුට්ටිගල හා ඇඹිලිපිටිය පොලිසිය ඒකාබද්ධව කචිචිගල ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී හේතුවෙන් එම තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. 02 February 2024
ඉබි ගමන ගැන කෝපාවෙන් දොස් රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ පැමිණිලි විභාග කිරීමේ බරපතළ ප්‍රමාදයක් පවතින බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය. 02 February 2024
වෙන් වූ අත සාර්ථකව බද්ධ කරයි කොහු අඹරණ යන්ත්‍රයකට අසුවී දකුණු අත වෙන් වූ කාන්තාවකගේ එම අත සාර්ථකව බද්ධ කිරීමට මහනුවර ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායක මහතා ප්රමුඛ කණ්ඩායමක් සමත් වූහ. 02 February 2024
බොලිවුඩ් නිළි පූනම් පාණ්ඩේ සමුගනී ඉන්දීය සුරූපී නිළි පූනම් පාන්ඩේ දිවියෙන් සමුගත්තාය. ඇය මියගියේ ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වය හේතුවෙනි. ඇගේ වයස අවුරුදු 32 කි. 02 February 2024
පාකිස්තාන ජාතික ගුවන් සේවය විකුණන්නයි යන්නේ ආර්ථික අර්බුදයකට මුහුණ දෙන පාකිස්තානය, එරට ජාතික ගුවන් සේවය විකුණා දැමීමට භාරකාර රජය සූදානම් වෙයි. 02 February 2024
ප්‍රතිත්‍රස්ත පනතේ තීන්දුව 31න් පසු කතානායකට ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණඩුක්රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ගොනුකොට ඇති පෙත්සම් 31 විභාගයට ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ තීන්දුව ඉදිරි කාලයේදී කථානායකවරයා වෙත යොමු කරන බව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය 02 February 2024
සනත්ට එරෙහි අපහාස නඩු ඉල්ලා අස්කර ගනියි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හදිසි අනතුරකින් මියගොස් ඇති බැවින් ඔහුට එරෙහිව පවරා ඇති අපහාස නඩු ඉල්ලා අස්කර ගන්නා බව ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය 02 February 2024
ජනපතිගේ නිර්දේශයක් ව්‍යවස්ථා සභාව විසිකරයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්සංක බන්දුල කරුණාරත්න මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරයකු ලෙසට උසස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති නිර්දේශය ආණ්ඩුකම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර ඇත. 02 February 2024
හැංගිමුත්තන් සෙල්ලමෙන් සිසුවා සදහටම හැංගෙයි තම මිතුරන් සමඟ හැංගිමුත්තන් සෙල්ලම් කිරීම සඳහා ගිය 14 හැවිරිදි පාසල් සිසුවෙක් ඉදි කරමින් තිබෙන දෙමහල් නිවසක පළමු මහලෙන් බිමට ඇද වැටී මරණයට පත්ව සිටින බව දොරටියාව පොලීසිය පවසයි. 02 February 2024
පොලිස් නිලධාරියකු පහරදුන්නැයි අඹ වෙළන්දියකගෙන් පැමිණිල්ලක් පොලිස් නිල ඇඳුමින් සැරසී අඹ මිලදී ගැනීම සඳහා පැමිණි සහකාර පොලිස් අධිකාරීවරයෙකු අඹ ගෙඩි වලින් සහ මිල දර්ශනයෙන්ද පහර දුන් බව පවසමින් 21 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් හංවැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි 02 February 2024
අල්ලස් ගත් රජයේ කළමනාකරණ සහකාරවරයාට ඇප රජයේ වාහනයක් අලුත් වැඩියා කිරීමට වැය වන මුදලින් සියයට දහයක අල්ලසක් ඉල්ලා ලබාගත්තේ යැයි කියන රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාරවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (02) නියෝග කළේය . 02 February 2024
ජනපතිවරණයේ දිනය ගැන ඉඟියක් ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වෙක බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අද(02) අනුරාධපුරයේ දී පැවැසීය. 02 February 2024
වෘත්තීය සමිති - සෞඛ්‍ය අමාත්‍ය සාකච්ඡා අසාර්ථකයි සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතර අද(2) පෙරවරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වූ බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ මහතා පැවසීය. 02 February 2024
හරක් කටාට පලායාමට කුමන්ත්‍රණය කළැයි පි සි. අත්අඩංගුවට රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන. නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට අත්අඩංගුවෙන් මිදී පලායාමට කුමන්ත්‍රණය සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කියයි 02 February 2024
සඳුදා නිවාඩුවක් නෑ හැත්තෑහය වැනි නිදහස් දිනය ලබන ඉරුදිනට යෙදී තිබුණ ද ඊට පසු දින ලබන සදුදා (5) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අද (2) පැවසීය. 02 February 2024
පාන් ගෙඩියටත් ගැසට්ටුවක් පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය. 02 February 2024
ජනප්‍රිය පාසල් කඩයිම් ලකුණු එළියට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත ජනප්‍රිය පාසල් සඳහා ඇතුළත් වීමේ කඩඉම් ලකුණු අද (2) නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 02 February 2024
කෘෂි පේපරය පිට කළ තිදෙනාට ඇප අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට විභාග ශාලාධිපතිනිය, කෘෂි ගුරුවරයා සහ කාර්යාල කාර්ය සාහායකය රුපියල් ලක්ෂ පහබැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කළොය 02 February 2024
හිටපු ක්‍රීඩා ඇමැතිගේ තවත් ගැසට්ටුවක් වත්මන් ඇමැති අවලංගු කරයි හිටපු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටු පිහිටුවීම පිළිබඳව නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් හා එම කමිටු විසුරුවා හරිමින් වත්මන් ක්‍රීඩා හා යව්වන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 02 February 2024
උරුමයට මෙහෙයුම් කාර්යාලයක් උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් චැතැම් වීදිය, පැරණි ස්ටෑන්ඩර්ට් චාර්ටඩ් ගොඩනැගිල්ලේ දී විවෘත කෙරිණි. 02 February 2024
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල වෙනස් නොවේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස වෙනස් නොවන බව එම ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 02 February 2024
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායකය ධනංජය ද සිල්වා පන්දු යැවීමට තීරණය කළේය. 02 February 2024
වැටලීමට ගිය කොස්තාපල්ට බදින තුවක්කුවක් පත්තුවෙයි දඩයක්කරුවකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් කිලිනොච්චිය,ධර්මපුරම් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ඇති බව කිලිනොච්චිය,ධර්මපුරම් පොලිසිය පවසයි. 02 February 2024
කෙහෙළිය සී.අයි.ඩීයට ප්‍රමිතියෙන් තොර ඖෂධ සිද්ධියට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය,අමාත්‍ය කෙහළිය රඹුක්වැල්ල මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 02 February 2024
බෙලිඅත්ත වෙඩි තැබීමේ මහමොළකාරිය එස්.ටී.එෆ් දැලේ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුමිකාරිය වන දැනට නාවික හමුදාවෙන් විශාම වැටුප් ලබන හිටපු නාවික හමුදා සෙබලෙකුගේ බිරිඳ හා පියා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා පවසයි. 02 February 2024
පළාත් කිහිපයකට අදත් .වැසි උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 February 2024
ජාතික ආදායමෙන් සියයට 64 ක් ඉහළ ධනවතුන් පිරිසකට එනවා මෙරට ජාතික ආදායමෙන් සියයට 64 ක් ඉහළම ධනවතුන් සියයට 10 ක් භුක්ති විඳින බවත් පහළම ස්තරය වන සියයට 50 ක පිරිස ජාතික ආදායමෙන් සියයට 4 ක් පමණ ඉතා සුළු ප්‍රතිශතයක් බුක්ති විදින බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තාවකින් හෙළි කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 01 February 2024
අරගලයේදි ජනපතිගේ නිවසට ගිනි තැබුවෙක් අල්ලයි ඉකුත් අරගල සමයේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට ගිනි තබා හානි සිදුකිරීමට සම්බන්ධ බව කියන සැකකරුවකු අද(1) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවැසීය. 01 February 2024
‘ඔන්ලයින් පනත’ මර උඟුලක් ඔන්ලයින් පනත හරහා ජනාධිපතිවරයා පත්කරන කොමිසම කුමන තීන්දුව දුන්නත් තීන්දුව ලැබුණු පාර්ශවයට කිසිඳු අධිකරණයකට ගොස් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේ අයිතියක් නොමැති බවත් මෙවැනි පනත් තුළ ඇති අනතුර තේරුම් ගතයුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (1) පැවසීය. 01 February 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025