ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ සහ ජනප්‍රිය ජ්‍යෝතීර්වේදියෙක් වන චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 22 April 2024
හරිත සරසවි ඉදිකිරීම් භූමියේ මළ සිරුරක් හෝමාගම පිටිපන පිහිටි හරිත සරසවියේ දෙවන අදියරෙහි ඉදි කිරීම් භූමියේ පොල් ගසක් යට තිබී මිය ගිය පුද්ගල මළ සිරුරක් අද (22) හමු වූ බව හෝමාගම පොලිසිය පවසයි. 22 April 2024
‘ෆොක්ස්හිල්‘ ධාවකයින් දෙදෙනකු අත්අඩංගුවට දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගය අතරතුරේ හත්දෙනෙකුට මරු කැදවමින් , 21 දෙනෙකුට බරපතළ තුවාල සිදු වූ මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ තරගකරුවන් දෙදෙනකු අද (22) සැකපිට අත්අඩංගුවට ගත් බව දියතලාව පොලිසිය පවසයි . 22 April 2024
රනිල් ඉන්න තුරු කාටවත් බඩගිනි වෙන්න දෙන්නෙ නෑ රනිල් පාලන බලයේ සිටින තුරු රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන ජනතාවගෙන් එක් අයෙකුටවත් බඩගින්නේ ඉන්නට ඉඩ තබන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා ගාල්ලේ දී පැවසීය. 22 April 2024
රිය අනතුරින් සිසුවිය මරුට කන්තලේ , රජඇල ප්‍රදේශයේදී සිදු වූ වෑන් රථ අනතුරකින් පාසල් සිසුවියක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 22 April 2024
කොටි වැළලූ රන් ගොඩ ගන්න ගිය පී.සී සහ නාවික භටයකු මාට්ටු සිලාවතුර පොලිස් ස්ථානයට යාබද ස්ථානයක එල්ටීටීඊ සංවිධානය වලදමා ඇතැයි කියන මුදල් හා ස්වර්ණාභරණ ගොඩගැනීම සඳහා වළක් හාරමින් සිටි නාවික භටයකු, පොලිස් සැරයන්වරයකු ඇතුළු සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පිරිසක් සීලාවතුර නාවික හමුදාව පවසයි. 22 April 2024
හිටපු කොස්තාපල් හෙරොයින් සමඟ මාට්ටු හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු කතරගම නව නගරයේ හෝටලයක් තුල රැදී සිටියදී අත් අඩංගුවට ගත් බව කතරගම පොලිසිය පවසයි . 22 April 2024
රන්නගල ඇල්ලේ නාන්න ගිය අයෙක් මරුට මතුගම රන්නගල ඇල්ලේ දිය නෑමට ගිය පිරිසක් අතරින් එක් පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි මතුගම පොලිසිය පවසයි. 22 April 2024
තැනින් තැනට අදත් වැස්ස බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්පලත් ගාල්ල,මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 April 2024
උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය මේ අනුව 2022 වර්ෂයේදී එකොළොස් ලක්ෂ විසිහත් දහස් හත්සිය පනස් අට දෙනකු සහ පසුගිය වසරේදී දාහතර ලක්ෂ තිස් හත්දහස් හයසිය හත් දෙනකු විදේශගතව ඇති බව ඔහු කීවෙය. 22 April 2024
රට වටේ පයින් ගොස් වාර්තාවක් තබන්න යන සෙබළා ශ්‍රි ලංකා යුද හමුදාවේ විශ්‍රාමික සෙබළෙක් ලංකාව වටා පා ගමනින් ගොස් වාර්තාවක් තැබිමට සුදානම් වෙයි. 21 April 2024
ලොකුගේ ඥාති නිවෙසින් ඉස්සූ චෙක් පොත් සමග කුඩ්ඩෙක් මාට්ටු මත් කරල් තොගයක් සමග අත්අඩංගුවට ගත් ප්‍රබල අරගල ක්‍රියාකාරී සංගීත ශිල්පියකු බව කියන මඩපාත පොල්හේන නිවස තුළ තිබි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතාගේ ඥාති නිවස ගිනි තබා විනාශ කර කොල්ල කා තිබූ බැංකු පොත් සහ චෙක් පොත් තොගයක් සොයා ගත් බව කැස්බෑව පොලිසිය කියයි. 21 April 2024
අඩු ආදායම් ලාබීන්ට දුන් සහල් පරණයිලු අතිශය ආර්ථික දුෂ්කරතා හමුවේ බලපෑමට ලක් වූ අඩු ආදායම් ලාභී පවුල් ඒකක වෙත මසකට සහල් කිලෝ 10 බැගින් ලබාදෙන ජාතික වැඩසටහනේ දී වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතැමි ගම්මානවලට කල් ඉකුත්වූ රතු කැකුළු සහල් ලබා දී ඇතැයි පුදේශවාසිහු චෝදනා කරති. 21 April 2024
අවුරුදු මැරතන් තරගයෙන් සිසුවා මරුට සිංහල අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබූ ගම හරහා දිවීමේ (මැරතන්) ධාවන තරගයට සහභාගී වී සිටි දාහත් හැවිරිදි ක්‍රීඩකයකු අද 21 වැනිදා හදිසියේ රෝගාතුර වී ඇද වැටී මිය ගිය බව ගිරිඋල්ල පොලිසිය පවසයි. 21 April 2024
තැපෑල වගේ පෙනී සිටි වෙබ් අඩවි පහක් තහනම් තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් ඉවත් කෙරුණු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. 21 April 2024
‘‘ආණ්ඩුවට අය වැයෙන් අපේක්ෂිත ආදායම නෑ‘‘ ආණ්ඩුව මෙම වසරේ (2024) අයවැයෙන් අපේක්ෂිත ආදායම සියයට 14 කින් අඩු වන බවත් ඒ අනුව අයවැයෙන් ඉලක්ක ආදායම අඛණ්ඩව අහිමිවන 33 වැනි වසර මෙය බවත් ‘ද ස්ටේට් ඔෆ් ද බජට් රිපෝට් 2024’ වාර්තාවෙන් හෙළි වූ බව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසයි. 21 April 2024
ජනපති ගෝඨාගේ ඇමැතුමක් ගැන කාදිනල් තුමෝ හෙළි කරති ‘පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුදින දුරකථනයෙන් දැනුම් දුන් බවත් එම නිර්දේශ ක්‍රියාත්මක කළ හොත් හිතවත් සංවිධාන සහ නායකයන් විරසක වන්නේ යැයි පැවසූ බවත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියෝ අද (21) පැවසූහ. 21 April 2024
කුඩා කර්මාන්ත සමඟ සෙල්ලම් එපා මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත රැකගැනීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක නොවන වර්තමානයේ එම කර්මාන්තකරුවන්ට නැවත ගොඩනැගීමට විශේෂ වැසටහනක් අත්‍යවශ්‍ය බවත් එම කර්මාන්ත පිළිබඳව දියුණු රටවලින් පාඩම් ඉගෙනගෙන ශ්‍රී ලංකාවට අන්‍යනය වූ ආකෘතියක් සහ වැඩපිළිවෙළක් සමඟ එම කර්මාන්ත වෙනුවෙන් අනිවාර්ය කටයුතු කිරීමට කාලවකවානු සහිතව සූදානමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පැවසීය. 21 April 2024
රට හදන විට කවුරුවත් අත්හරින්නේ නෑ රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 April 2024
‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතටපැනීමෙන් සිදුවූ අනතුරකින් තරඟය නරඹමින් සිටි පුද්ගලයින් හත්දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 21 April 2024
‘විජයදාස පිළිගන්නේ නෑ‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම පිළි නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 21 April 2024
බදුල්ලට කුඩු බෙදූ සිවිල් ඉංජිනේරුවා පොලිස් දැලේ කොළඹ ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය රැගෙන සුඛෝපභෝගී මෝටර් රථයේ ගොස් බණ්ඩාරවෙල සංචාරක හෝටල්වලට බෙදාහැරීමේ නිරත සිවිල් ඉංජිනේරුවරයෙකු කැස්බෑව හෝටලයක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 21 April 2024
ආණ්ඩුව ඉන්ධන වලින් අධික ලාභ ගන්නවා ඉන්ධන මගින් රජය අධික ලාභ ලබන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 21 April 2024
ශ්රීලනිපය ඉදිරිපිට කලබලයක් මෛත්‍රිපාල සිරිසේන පාර්ශවයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුල්වීමට උත්සාහ කිරීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් මීට ස්වල්ප වේලාවකට පෙර ඇතිවිය. 21 April 2024
අවස්ථාවක් ලැබුණොත් පාස්කු ප්‍රහාරයෙ මහ මොළකරු අල්ලනවා මට අවස්ථාවක් ලැබුණොත් පාස්කු ප්‍රහාරයේ මහමොලකරු නිසැක වශයෙන්ම අල්ලන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 21 April 2024
රට හදන්න සහය වීම යනු ජනපතිගේ දැක්මට සහය වීමයි රට හදන්නට සහාය දැක්වීම සඳහා කළ යුතු එකම දෙය ජනපති ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීම බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 21 April 2024
විජයදාස ශ්‍රී ලනිප වැඩ බලන සභාපති ධූරයට අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය විසින් අද(21) පත් කරනු ලැබීය. 21 April 2024
ගුවන් තොටේ මඟි බෑග් සොරාගත් යුවළක් දැලේ කටුනායක ගුවන් තොටුපොළ තුළ බැංකු ස්ථාපිත ප්‍රදේශයට පිවිස , මුදල් මාරු කරන මුවාවෙන් එම ප්‍රදේශයේ ගැවසෙමින් සිට ගුවන් මගීන්ගේ ගමන් මලු සොරා ගන්නා යුවළක් ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. 21 April 2024
පීසී පැදවූ මෝටර් රියට හැපුණු තරුණයින් දෙන්නා රෝහලේ හලාවත පොලිසියට අනුයුක්තව රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු පැදවූ කාර් රථයක, යතුරු පැදියක් ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් කල තරුණයන් දෙදෙනකු, තරමක බර පතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව අනුරාධපුර පොලිසිය පවසයි. 21 April 2024
තැපෑලට සමාන වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් ඉවතට තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් ඉවත් කෙරුණු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. 21 April 2024
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026