නව විදුලි සබඳතා වාරික ක්‍රමයට නව විදුලිබල සබඳතා සඳහා එකවර මුදල් ගෙවීමට නොහැකි අයදුම්කරුවන්ට වාරික වශයෙන් ගෙවීම් කිරීමට පහසුකම් දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 01 February 2024
පාසල් ප්‍රවාහන ගාස්තු වැඩිවෙයි ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් අද (01) සිට පාසල් බස් ගාස්තු ඉහල දමන බව අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය කියයි. 01 February 2024
ඊෂි කෑෂ්- එම් කෑෂ් ඡාවාරම්වලට වැට:316 ක් අල්ලයි ඊෂි කෑෂ්, එම් කෑෂ් මධ්‍යස්ථාන 1,964 ක්, අවසරලත් පුද්ගලික සන්නිවේදන මධ්‍යස්ථාන 2,131 ක්, Reload and bill payment ජංගම යන්ත්‍ර පිහිටි ස්ථාන 1,074 ක් සහ හදුනාගත් වානිජ බැංකු ශාඛා සහිත 01 February 2024
තැනින් තැන අදත් වැස්ස නැගෙනහිර සහ ඌවපළාත්වලත්මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 February 2024
පාස්පෝට් ගාස්තුව සියයට 100 කින් ඉහළට විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව හෙට (1) සිට සියයට 100 කින් ඉහළ දැමූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (31) පස්වරුවේ පැවසීය. 31 January 2024
ඉන්ධන වර්ග 3 ක මිල ඉහළට ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ භූමිතෙල් මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. 31 January 2024
ඔන්ලයින් පනත ගැන ජුලි චංග් කනස්සල්ලෙන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීම ඇමෙරිකා එක්සත් ජනපදයේ කනස්සල්ලට හේතුවක් වී ඇතැයි මෙරට ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් පවසයි. 31 January 2024
නිවාඩුවට යන්න සුදුසුම රට ශ්‍රී ලංකාව ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසයි. 31 January 2024
ජනපතිගේ ව්‍යවස්ථාපිත කාර්යයට අවහිර කිරීම ව්‍යවස්ථාව කැඩීමක් ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. 31 January 2024
දයා රත්නායක ගත්තාට ෆොන්සේකාගෙන් විරෝධය හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගය හා එක්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බව සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹ දී පැවසීය. 31 January 2024
අල්ලස්ගත් ග්‍රාම සේවක මාට්ටු හම්බන්තොට සාමෝදාගම ග්‍රාම නිළධාරීවරයා රුපියල් 10000 ක අල්ලසක් ලබා ගනිද්දී අල්ලස් හා දූෂණ මර්දන අංශයේ නිළධාරීන් අද (31) අත්අඩංගුවට ගෙන ඇත. 31 January 2024
හලාවත ලිසිං සමාගමක සේප්පුව කපා ලක්ෂ 71 ක් පන්නලා හලාවත නගරයෙ පිහිටි ප්‍රධාන පෙලේ ලිසිං සමාගමක ශාඛාවක බිත්ති කඩා රහසේ ඇතුල් වී ඇති සොරුන් කණ්ඩායමක් එහි සේප්පුවල ආරක්ෂීතව තිබු රුපියල් ලක්ෂ 71 කට ආසන්න මුදලක් සොරා ගෙන ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය පවසයි. 31 January 2024
රාජ්‍ය සේවක නිර්මාණ සම්මාන බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියේදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ එච්. ඩබ්ලිව්. සී. පි. අහේෂිකා මහත්මියගේ ‘මම්ස් ඩිනර්’ හොඳම කෙටි චිත්‍රපටය ලෙස ද, කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නිශාන් ජයලත් මහතාගේ නිර්මාණය හොඳම චිත්‍රය ලෙස ද, සම්මාන ලැබීය. 31 January 2024
පේරාදෙණි සරසවි විරෝධයට කඳුළු ගෑස් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් පෙරාදෙණිය සරසවි සිසුන් පිරිසකගේ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. 31 January 2024
කෙහෙලියගේ අල්ලස් නඩුව කල් යයි තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල ලෙස රුපියල් ලක්ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ ‘දූෂණය’ වරද සිදුකළ බවට චෝදනා ලැබූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහත්වරුන්ට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තියේ නීතීඥවරු ඉදිරිපත් කළ මුලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්ද 31 January 2024
සජබෙන් පොලිස් ඇමතිට එරෙහිව පෙත්සමක් අධිකරණ නියෝගය නොතකා සමගි ජන බලවේග විරෝධතාවයට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරිමට නියෝග දුන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට, නීතියට සහ අධිකරණ තීන්දුවට ගරු නොකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය. 31 January 2024
ආරක්ෂක රාජ්‍ය ඇමැති පැරෂුට් භටයන් බලන්න යයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 76 වැනි නිදහස් දින පෙරහුරු අතරතුර තුවාල ලැබූ පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසීම සඳහා කොළඹ යුද හමුදා රෝහලට සහ ජාතික රෝහලට ගියේය. 31 January 2024
නව වේත්‍රධාරී වැඩ භාර ගනියි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න මහතා අද වැඩ භාරගත්තේය. 31 January 2024
‘නිදහස්’ දින පෙරහුරුවෙන් කොළඹ ගිගුම්දෙයි හැත්තෑහය වැනි ‘නිදහස්’ දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිදහස් දින උළෙල කොළඹ ගාලු මුවදොරදී ලබන 4 වැනිදා පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. 31 January 2024
ජනපති කැලණි ගිහින් කතාවකුත් කරයි දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ දී පැවසීය. 31 January 2024
වයඹ පීඨයේ සිසුහු හදිසියේ රෝගී වෙති වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බිංගිරිය දිසා රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි 31 January 2024
ජනතා ජිවිත බිල්ලට දුන් කෙහෙළිය රකින්නේ කවුද? ජනතා ජීවිත බිල්ලට දුන්, ප්‍රශ්න සහගත ඉමියුනොගොලොබියුන් ගනුදෙනුවට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සාක්ෂි තිබියදීත් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (31) පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා සාමකාමී සත්‍යග්‍රහයක් පැවැත්වීය. 31 January 2024
උදාවී ඇත්තේ ජනතාව බේරාගැනීමේ අවසන් අවස්ථාවයි උදාවී ඇත්තේ රට බේරාගැනීමේ අවසන් අවස්ථාව යැයි මෙතක් බිහිවූ නායකයින් දිගින දිගටම පවසූ නමුත් සත්‍ය වශයෙන්ම උදාවී ඇත්තේ ජනතාව බේරා ගැනීමේ අවසන් අවස්ථාව බවත් ඒ සඳහා හැකියාව පවතින එකම නායකයා වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 31 January 2024
මැලේසියාවට අලුත් රජෙක් මැලේසියාවේ නව රජු ලෙස ජොහෝර් හි පාලක සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් දිවුරුම් දුන්නේය. දිවුරුම් දීමත් සමඟ සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් රාජත්වයට පත්වූයේ මැලේසියාවේ 17 වැනි රජු ලෙසය. 31 January 2024
අලුත් රැකියා 50000ක් නව රැකියා 50000ක් “සණස” ඉදිරිය ජාතික සංවර්ධන වැඩසටහන මඟින් නිර්මාණය වන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසීය. 31 January 2024
තවත් පනත් දෙකකට කතානායක සහතිකය සමථකරණයෙන් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත සහ නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත අද (31) සිට බලාත්මක විය. 31 January 2024
කෝඬුකාර චාමික - මිලාන් ටෙස්ට් සංචිතයට කැඳවයි ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ලබන 2 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගයට සහභාගි වන 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කෝඩුකාරයන් වන චාමික ගුණසේකර සහ මිලාන් රත්නායක ඇතුළත්ව සිටිති. 31 January 2024
ඩයනා කඳුළු ගෑස් ගහපු හේතුව කියයි සමග ජන බලවේගයේ පෙළපාළියට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ නොහික්මුණු මිනිසුන් හික්මීමක් ඇති පිරිසක් බවට පත්කර ගැනීමට යැයි සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. 31 January 2024
මන්නාරම් දුපතට සුළං බල මධ්‍යස්ථානයක් මන්නාරම දූපතේ සුළං බල මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ. 31 January 2024
සී.සී.ටී.වී. දඩයට බිය වූ ජනතාව මෝටර් රථ කාර්යාලයේ පිරෙති මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ (ආර්.එම්.වී.) නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් වාහන ලියාපදිංචිය මාරු කිරීම ඇතුළු සේවා ගැනීමට ජනතාව විශාල පිරිසක් හිටිහැටියේ පැමිණීමෙන් එම දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ තදබදයක් අද (31) පෙරවරුවේ නිර්මාණය වී තිබුණි. 31 January 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025