ලංවිම කෝටි 20,000ක වියදම් වැඩියෙන් පෙන්නලා
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේ රුපියල් කෝටි 20,000 ක (බිලියන 200) පමණ වියදම් වැඩියෙන් ඉදිරිපත් කර ඇති බවත් එම වැඩි කළ වියදම් ඉවත් කළ පසු සියයට 25 ත් 30 ත් අතර ප්රතිශතයකින් විදුලි ගාස්තු පහළ දැමීමේ හැකියාව ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.