IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති

(ටී.කේ.ජී.කපිල)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය තුළ ඊයේ රාත්‍රී 06.00  සිට දැඩි ආරක්ෂාවක් යොදවා ඇත.  ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරක්ෂක රාජකාරියේ යොදවා ඇතැයි ද අප වාර්තා කරුවෝ පවසති.

එසේම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ මේ වනවිට ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රභූවරුන් රාශියක් විදෙස් රටවල් බලා පිටත්ව ගොස් තිබේ .

හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා ද   ඉන්දියාවේ  බලා පිටත්ව ගොස් ඇති අතර  එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් ඇත.  

ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියන් හොංකොං බලා වැඩම කළ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 

ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ මහත්මිය සහ ඇයගේ පියා තිලකසිරි වීරසිංහ අද ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ .

කටුනායක ගුවන් තොටුපොළ සිට ඇමෙරිකාව බලා ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවන නිසා ඔවුන් ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යන්නට ඇතැයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය .

 



අදහස් (23)

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති

නව යුගයේ මිනිහෙක් Sunday, 22 September 2024 07:12 AM

මේ අයට ප්‍රභූන් කියපු යුගය අදින් ඉවරයි.

:       22       208

donMonday, 23 September 2024 01:47 PM

සුසන්ත පුංචි නිලමෙට දැන් ඉතින් හැමදාම ත්‍රිමා විතානව මැවි මැවී පෙනෙයි...

:       9       74

ප්‍රියා Sunday, 22 September 2024 07:36 AM

මුන් ප්‍රභූන් නෙම් පට්ට හොරු මිනීමරුවෝ?

:       12       189

Janahitha Sunday, 22 September 2024 07:40 AM

ප්‍රභූන් නෙමෙයි ජාතික ධනය කොල්ලකාපු හොරු.

:       11       172

සෙනෙවිරත්න Sunday, 22 September 2024 07:44 AM

ප්‍රභූ ,අපි නොදන්නා ප්‍රභූ, හොරු, පලයල්ලා සදාකල් ඉන්නද?

:       9       126

ranjith Sunday, 22 September 2024 08:04 AM

ප්‍රභූන් කියන්නේ වැදගත් මිනිස්සුන්ට. මුන් රට කාපු කාලකණ්ණි.

:       5       131

පොඩිඑකා Sunday, 22 September 2024 08:14 AM

ඔය හැමෝටම රිටර්න් ටිකට් එක ලගදීම ආණ්ඩුවෙන් හම්බවෙයි.

:       7       91

Akila Sunday, 22 September 2024 09:17 AM

කවුද ප්‍රභූ කියන්නේ?

:       6       71

kam Sunday, 22 September 2024 09:47 AM

ප්‍රභූන්' කියලා මිනිස්සු ජාතියක් නැහැ. ඔවුන් අපට වඩා 'ප්‍රභූ. විය හැක්කේ කෙසේද?

:       9       83

ජගත් ලියනගේ Sunday, 22 September 2024 10:13 AM

විනෝද චාරිකාවක් යන්න ඇති

:       5       63

ගමේ එකාලා Sunday, 22 September 2024 12:31 PM

මහාපරිමාණ හොරකම් වංචා දූෂණ වලින් හම්බකරගත්තුවා අරන් රට පැනපු හොර දූෂිතයෝ උන්, ප්‍රබූන් නෙවෙයි පට්ට හොරු. .

:       4       73

සුනිල් Sunday, 22 September 2024 12:51 PM

සුසන්ත පුංචි නිලමේ පැහැදිළිවම රට පැන්නේ වෛද්‍ය ත්‍රීමා විතාරන සහ අනෙකුත් ශිෂ්‍යයන්ගේ ඝාතනය කරපු නිසයි. 1988 ඔක්තෝම්බර් 22

:       2       68

siri Sunday, 22 September 2024 12:52 PM

දශක හතකට වැඩි කාලයක් මේ කාලකන්නි පුභු කියන ලේබලය යටතේ මේ ස්වර්ණ දේශය උන්ගේ සින්නක්කර දේපලක් විදියට අවභාවිතා කරා. අද දින්නේ අපේ රටේ ඉතිහාස රන් අකුරෙන් ලියවෙන දවසක්

:       3       64

Atula Herath Sunday, 22 September 2024 01:13 PM

ඇදිරිනිතිය දාලා පැනගත්තා

:       3       42

කුමාර Sunday, 22 September 2024 05:54 PM

ඔය පල්හොරුන්ට කවුද ප්‍රභූන් කියන්නෙ

:       2       51

B P SAMANTHA Sunday, 22 September 2024 06:40 PM

යකෝ මහජන මුදල් වලින් යැපඅන ඒවා හොරාකාපු උන් කොහොමද පුභු වෙන්නේ

:       3       49

Supun Monday, 23 September 2024 12:50 AM

මුන්ට ද මේ ප්‍රභූන් කිව්වේ..?

:       0       29

මාලක Monday, 23 September 2024 10:19 PM

මේ හොරුන්ව ආයේ ගෙන්නන්න බැරිද.මුන් මෙහෙම බයේ යන්නේ. හොර, වංචා දූශන නඩු තියෙන හින්දනේ...මුන්ට දඩුවම් ලැබෙන්නම ඔනේ

:       0       28

මොහොමඩ් අජ්මාල් Tuesday, 24 September 2024 04:05 AM

නමුත් වසර දෙකකින් මේ ආණ්ඩුවත් ඉවරයි. ආණ්ඩුව කිව්වේ මේ ජනාධිපති මාරු වෙනවා 2026 ට පෙර. ලැජ්ජයි 50% ගන්න බැරි වුණා. හරිනි කියන එකී අගමැති තනතුරට දානවා කියලා මම කිව්වා ඒවගේම වුනා. මාළුකාරයෙක් වගේ කාළකන්නි එකියක්. ආචාර්ය උපාධිය කඩෙන් අරන්

:       21       3

MAXIMUS Tuesday, 24 September 2024 11:39 AM

හොරකමක් නොකළ අයෙක් මුල් ගල් පහර දෙන්න.

:       4       10

Amila Wednesday, 25 September 2024 06:31 AM

උන් ප්‍රභූන් අපි තමා හොරු නඩු තියන හොර මැරකම් දුෂණ කරපු එවුන්ට රටින් පිටවෙන්න බෑ කිව්වට ඔය ගියේ ලස්සනට සාමාන්‍ය මිනිහෙක් ගියා නම් තමා බලාගන්න තිබ්බා

:       0       10

ගමිනි ඉහලගේ Saturday, 28 September 2024 10:27 PM

පාර්ලිමේන්තුවේ 225මහොරුන් ජෙප්පෝ කියන්නේ හොරුන්ගෙත් හොරු කම්බාහොරු රෝහනවිජේවීර උපතිස්සගමනායක ලගසිටි කෙනෙකි මා ඒත් කන්තලේ සිට හදඔආන්ගොඩ මිරිගල්ලේ සහෝදරිය හරහා මඩලහන්දියෙන් හැරී යටිප්ව්ව පැලවත්ත උපතිස්ස ගමනායකගේ කඩේ පානදුරේ අලුබෝමුල්ලේ මෙයාලගත් රත්‍රන් මුටට්ටි ර්කතුකරාපු අයිඩින්ටි එකතුකරනාවිට හොරුසිටිය නිසා මා අයින් ඌනේ ඒත් ද්ෂ්න් ජෙබ්බෝ පාර්ලිමේන්තුවේ චන්ඩ්‍රිකාලේත් ක්‍රසිඇමතිවෙලා බදුපමිට් හොරෙක් අනුර ඒවා මනාපක්‍රම ඉදලා ගෙනා මේ ජේආර් කරපුඒවා උනාට 1949ඉදලා අපිව වහල්ලු කරන් හිටි ඩීඑස් සහ බන්ඩාරනායකලා නිසා මේජේවීපී හොරුන්ගෙත් හොරු කම්බාහොරුවී රටවිනාසවී සුන්නද්දූවිලි වීමට දැන් ලගයි පාර්ලිමේන්තුවේ 226ම සුන්නද්දූවිලි වෙලායනවාමයි තුන්වෙනි ලෝකයුද්දයේදී අනිවාර්යයෙන්ම

:       4       4

Shp kumara Tuesday, 01 October 2024 02:13 PM

යකෝ, එහෙම හිතෙන හිතෙන වෙලාවට රට හැර යන්න පුළුවන් විදිහ මටත් කියලා දෙන්න...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 753 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site