
(විමුක්ති එස් රුද්‍රිගු)
දීර්ඝ හා දුෂ්කර මැතිවරණ කඳවුරකින් පසු මැතිවරණ ප්‍රතිඵලය ඉතා පැහැදිලි බවත් ශ්‍රී ලාංකිකයන් අනුර කුමාර දිසානායක මහතා තෝරා ගැනීමට ගත් තීරණයට ගරු කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පැවැසුවේය.
තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ කඳවුරු වෙනුවෙන් වෙහෙසවූ බවත් ප්‍රජාතනත්‍රවාදී රටක ජනතාවගේ කැමැත්තට ගරු කිරීම ඉතා වැදගත් බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය. තමන් කිසිම පැකිලීමකින් තොරව ජනතාවගේ කැමැත්තට ගරු කරන බවත් සබ්රි මහතා පැවැසුවේය.
අනුර කුමාර දිසානායක මහතාට සහ ඔහුගේ කණ්ඩායමට හදවතින්ම සුබ පතන බවද ඔහු ප්‍රකාශ කළේය.රටකට නායකත්වය ලබාදීම පහසු කාර්යයක් නොවන බවත් අනුර මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට උරුම සාමය, සෞභාග්‍ය උදාවී ස්ථාවරත්වය ඇතිවනු ඇතැයි තමන් අවංකවම බලාපොරොත්තු වන බවත් සබ්රි මහතා ප්‍රකාශ කළේය.
විශාල අභියෝග රැසකට අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායමට මුහුණ දීමට සිදුවනු ඇති බවත් පෙර බලය දැරූ අයගේ සාර්ථකත්වයන් සහ අසාර්ථකත්වයන් මත ශ්‍රී ලංකාව අතීතයේ උගත් පාඩම් ප්‍රයෝජනයට ගනිමින් අනුර කුමාර දිසානායක මහතා එම අභියෝගවලට සාර්ථකව මුහුණ දෙනු ඇති බව විශ්වාස කරන බවත් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සබ්රි මහතා පැවැසුවේය.
මැතිවරණ වේදිකාවලදී දුන් පොරොන්දු අපේක්ෂකයන්ට අමතක වූ අවස්ථා අතීතය බොහෝ තිබෙන බවත් ඒ හේතුවෙන් සැබෑ වෙනසක් ඇති කිරීමට අවස්ථා මගහැර ගත් අවස්ථාද තිබෙන බවත් සබ්රි මහතා ප්‍රකාශ කළේය. නමුත් මෙවර එසේ නොවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් අනුර කුමාර දිසානායක මහතාට තමන් හදවතින්ම සුබ පතන බවත් සබ්රි මහතා පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
682
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ජනතා කැමැත්තට ගරු කරනවා ‘
ගමේ එකාලා Sunday, 22 September 2024 12:36 PM
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු කාලකන්නි බලලෝබි බඩගොස්තරවාදි දුශිත දේසපාලුවෝ මෙවර ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම ලබපු ලොකුම ජයග්‍රහණයක් .