ජනපති ඕස්ට්‍රේලියාවට 07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ . 08 February 2024
ජැක්සන් ලා 18ක් මාට්ටු පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් ඇතුළු කුඩා දරුවන්ට විවිධ ලිංගික අතවර කළ බව කියන පුද්ගලයන් 18 දෙනකු ඇතුළු 42 කු පළමු දිනයේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 08 February 2024
පරිසර අමාත්‍ය ධුරය ජනපති යටතට පරිසර අමාත්‍ය ධූරය ජනපති යටතට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 08 February 2024
ජනපති-ෆොන්සේකා හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ සභාපති ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපති කාර්යාලයේ දී අද (7) සිදුව තිබේ. 07 February 2024
කුඩු රොෂාන්ට ඇප වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි කියන ‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ සහ ඔහුගේ සහෝදරයා දැඩි ඇප කොන්දේසි යටතේ මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද(02) නියෝග කළේය. 07 February 2024
ඔන්ලයින් පනත ටිරාන්ට ගැසට් කරයි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත (ඔන්ලයින් පනත) ටිරාන් අලස් මහතා අමාත්‍ය ධුරය දරන මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර තිබේ. 07 February 2024
ජපන් ලීබඩු අලෙවි හල ගින්නට බිලි ජපානයෙන් මෙරටට ගෘහභාණ්ඩ ආනයනය කොට බෙදා හරින පන්නිපිටිය පොල්වත්ත හන්දිය ආසන්නයේ පිහිටි කර්මාන්ත ශාලාවක අද රාත්‍රී ඇතිවූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි මහරගම පොලිසිය පවසයි. 07 February 2024
ලෑලි නිෂ්පාදන වැඩපලක ගින්නක් බටලීය මක්කනිගොඩ ප්‍රදේශයේ පිහිටි ඇසුරුම් ලෑලි නිෂ්පාදනය කරන වැඩපලක් අද( 7 )රාත්‍රී හදිසි ගින්නකට ලක්වී ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි. 07 February 2024
සැමියාගේ මරණය සැකයි’:සනත් නිශාන්තගේ බිරියගෙන් පැමිණිල්ලක් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදුවූ ආකා රය සැක සහිත යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක්අද (7) දින සිදුකල බව හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ අධි නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය පැවසුවාය 07 February 2024
ලොතරැයි වර්ජනය තාවකාලිකව අත්හිටුවයි ශත 50 ක කොමිස් මුදලක් කපා හැරීමට විරෝධය දක්වා ලොතරැයි අලෙවි නියෝජිතයින් හා අලෙවි සහායකයින් ක්‍රියාත්මක කළ ලොතරැයි පත් අලෙවි නොකිරීමේ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට අද (7) පස් වරුවේ තීරණය කළ බව සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා ඊයේ සවස පැවසීය. 07 February 2024
ආණ්ඩුවේ සැබෑ වගකීම් ස ජ බ ඉටුකරනවා ආණ්ඩුවේ මැතිඇමතිවරු රාජ්‍ය දේපල හොරා කන විට ජනතාවාදී විපක්ෂය වන සමගි ජනබලවේගය ආණ්ඩුවේ සැබෑ වගකීම් ඉටු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 07 February 2024
විදුලි සේවකයෝ රට පුරා විරෝධතාවයේ අසාධාරණ විදුලිබිල සහ ලංවිම විකුණන ඊනියා පනතට විරුද්ධව සටන් කළ අවනීතිකව වැඩ තහනම් කල සේවකයන් වහා සේවයේ පිහිටුවීම ඇතුළු කීප් ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් රට පුරා විරෝධතා ව්‍යාපාරයක් අද (7) පැවැත්වීය. 07 February 2024
රිය අනතුරින් සිසුවා මරුට මිද්දෙණිය වලස් මුල්ල ප්‍රධාන මාර්ගයේ උඩ ජූලම්පිටිය ප්‍රදේශයේදී තිදෙනකු ගමන් කළ යතුරුපැදියක් මාර්ගය අසල ඇති විදුලි කණුවක ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේ දීම මියගොස් යතුරුපැදියේ පසුපස පැමිණි දෙදෙනා බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කොට තිබේ 07 February 2024
බසයේ දී තරුණියකගේ කකුල අත ගා අමාරුවේ වැටේ බස්රථවල ගමන්කරන කාන්තා හිංසනය පිටුදැකීමේ අලුත් මෙහෙයුම යටතේ බස්රථයක් තුළ සිදුකළ මෙහෙයමකදී තරුණියකගේ කකුල අත ගා ලිංගික අතවර කිරීමට තැත්කළ බව කියන පුද්ගලයකු තොටළඟ ප්‍රදේශයේදී අද (7) අත්අඩංගුවට ගත් බව මෝදර මිහිජය සෙවන පොලිසිය පවසයි. 07 February 2024
පොලිස් සිර මැදිරියේදී සැකකරුවන්ට වස දීලා? ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ආදුරැප්පුවීදිය පොලිසියේ රඳවාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු බැලීමට අද (7) පොලිසියට ආ පුද්ගලයකු ලබාදුන් බව කියන කිරිපැකට්ටුවක් පානය කිරීමෙන් පසු සැකකරුවන් දෙදෙනා සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 07 February 2024
කොල්ලය වැරදේ අටක් ඇතුලේ යක්කල මහවිට අවන්හලක් ඉදිරිපිට සුප් පානය කරමින් සිටි තරුණ යුවකළට කඩු පහරදී ඔවුන්ගේ සුඛෝපභෝගී මෝටර් රථය පැහැරගත් බව කියන අපරාධ කල්ලි සාමාජිකයකු ඇතුළු අට දෙනකු සිද්ධියෙන් පැය කිහිපයක් ඇතුලත බටලීය මක්කඩිගොඩ ප්‍රදේශයේදී සොයා ගත් බව පොලිසිය කියයි. 07 February 2024
මාළු ගොඩ බෑ ධීවරයන් අනතුරක අම්බලන්ගොඩ ධීවර වරායේ බහුදින යාන්ත්රවකින් මාළු ගොඩ බෑ ධීවරයන් අට දෙනකු අතර සිටි එක් ධීවරයකු එහි ටැංකියට වැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 07 February 2024
අපස්මාරය දරුවාට ලේ දිය කරන බෙහෙත් දීලා කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂ වෛදවරුන්ගේ සායනයෙන් නිර්දේශ කළ බෙහෙත් එම රෝහලේ බෙහෙත් කවුළුවෙන් වැරදියට නිකුත් කිරීමෙන් පසුව පාවිච්චි කළ සිය 17 හැවිරිදි වැඩිමහල් පිරිමි දරුවා දැඩිව රෝගී වී රෝහල්ගත කර ඇති බව මාතර, රොටුඹ ප්‍රදේශයේ මව්පිය දෙපළක් කරාපිටිය රෝහලේ අධ්යක්ෂවරයාට ලිඛිතව පැමිණිළි කර තිබේ. 07 February 2024
රාජාංගණයේ පහරදීමකට 7ක් මාට්ටු රාජාංගණය,යාය 18 ප්‍රදේශයේදි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ඇතුළු පිරිසකට පහරදි වාහනයකට අලාභ හානි කළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හත් දෙනෙකු අද(07)දින අත්අඩංගුවට ගත්බව රාජාංගණය පොලිසිය කියයි. 07 February 2024
අනියම් ඇසුර දරුවන් පහකට මව් පිය සෙනෙහස අහිමි කරති අනියම් සබධතාවයක් මත ඇති වු ආරවුලක් හේතුවෙන් සූරියවැව පෝල්පහ ප්‍රදේශයේදි දෙදරු මවක කපා කොටා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන තිබූ තිදරු පියාගේ සිරුර සූරියවැව බැද්දෙවැව ප්‍රදේශයේ ගසක එල්ලෙමින් තිබියදී අද පෙරවරුවේ සොයා ගත් බව සූරියවැව පොලිසිය පවසයි. 07 February 2024
පාකිස්තානයේ බෝම්බ පිපිරේ පාකිස්තානයට අයත් බලුකිස්තානයේ බෝම්බ දෙකක් පිපිරී 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 07 February 2024
දරුවන් ගැන නව සංශෝධන සතුටට කරුණක් සියලු ශ්‍රී ලාංකික දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සහ සුභ සාධනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින් මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ළමයින් සහ තරුණ තැනැත්තන් පනතට එකතු කරන ලද නව සංශෝධන සාදරයෙන් පිළිගන්නා බවත් මෙය දීර්ඝ කාලයක සිට අපේක්ෂා කරන ලද පියවරක් බවත් යුනිසෙෆ් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 07 February 2024
රුමේනියා සංචාරකයා මුහුදේ ගිලී මරුට මොරගල්ල මුහුදේ දියනාමින් සිටි රුමේනියා ජාතික සංචාරකයෙකු අද (07) දහවල් දියේගිලී මියගොස් ඇති බව පොලිසිය පවසයි. 07 February 2024
ලොතරැයි වර්ජනය දිගටම ලොතරැයි සඳහා මෙතෙක් දුන් ශත 50 ක කොමිස මුදල අඛණ්ඩව දෙන ලෙස ඉල්ලමින් ක්‍රියාත්මක කර ඇති වර්ජනය හෙට (8) දිනයේ ද ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා ලොතරැයි අළෙවි නියෝජිතයන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් අද (7) පස්වරුවේ පැවසීය. 07 February 2024
ගැම්බියාවේ ක්‍රමයට කජු වවන්න යයි කජු වගා කිරීමේ දී ගැම්බියාව යොදා ගන්නා වගා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට ශ්‍රී ලංකාවේ ගැම්බියානු තානාපතිවරයා සහයෝගය පළ කර තිබේ. 07 February 2024
කෝටි 3 ක තල්මස් ඇම්බර් සමඟ තුනක් දැලේ පාවෙන රත්‍රං නමින් හැදින්වෙන කෝටි 3 ක් පමණ වටිනා තල්මස් ඇම්බර් (තල්මස් වමනය) කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 500ක් නීති විරෝධි අයුරින් අලෙවි කිරීමට සුදානම්ව සිටි සැකකරුවෝ තිදෙනෙක් දෙවිනුවර සහ නාකුළුගමුව ප්‍රදේශයේදී මිරිස්ස අපරාධ කොට්ඨාසයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 07 February 2024
කෙහෙළියත් පාර්ලිමේන්තුවට ඇවිත් නෑ බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට අවසරදී තිබුණත් ඔහු අද (7) එම අවස්ථාවට සහභාගී නොවීය. 07 February 2024
‘උඩරට මැණිකේ’ පීලි පනී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘උඩරට මැණිකේ’ සීඝ්‍රගාමී දුම්රිය උලපනේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (7) පීලි පැනීමකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 07 February 2024
සජබෙ කොටසක් මැතිසබය වර්ජනය කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රැසක් අද (7)වර්ජනය කිරීම විශේෂ සිද්ධියක් විය. 07 February 2024
අපේක්ෂා රෝහලේ පරිපාලන නිලධාරීවරයාට පහරදුන් සැකකරු අල්ලයි මහරගම අපේක්ෂා රෝහලේ කාර්යාලයකට මාළු කපන විශාල මන්නයක් රැගෙන කඩා වැදී පරිපාලන නිලධාරීවරයාට එයින් පහරදී බරපතල තුවාල සිදු කර පළා ගිය සැකකාර සෞඛ්‍ය කාර්ය සහායකවරයා අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. 07 February 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025