කුකුල් චමින්ද නීතියේ රැහැනට කොටු කළ තරුණයාට මුදල් ත්‍යාගයක්
වැලිඔය පොලිස් වසමේදී කුඩා දැරියකට අමානුෂික පහරදීමේ සිද්ධිය වීඩියෝ කර සැකකරු අනාවරණය කරගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදුන් තරුණයාට රුපියල් ලක්ෂ 5ක මුදලක් සහ එම වින්දිත දැරියට රුපියල් 250,000ක මුදල් ත්‍යාගයක් පිරිනැමීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ප්රධානත්වයෙන්අ ද(12) බත්තරමුල්ල මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැත්විණ.