
(සුමිත් පොතුපිටිය)
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පස්වරුවේ කළුතර පැවතී මැතිවරණ වේදිකාවකදී කඳුලු සලමින් සංවේදී විය.
මේ ඉන්න ජනතාව දන්නව ගෑස් සිලින්ඩරයට කතිරය ගහලා අංක එකොළහට කතිරය ගැහුවට රෝහිත අබේගුණවර්ධන ඇමැති වෙන්නේ නෑ කියල. ඒ අය දන්නව අපි ආණ්ඩුවක් පිහිටවන්නේ නෑ කියල . ඒ බව දැන දැන මේ ඇවිත් මම කලගුණ සලකන්න. යැයි කියමින් හිටපු අමාත්‍ය වරයා කදුළු සලමින් සංවේදී විය.
මම මහජන හමුවාදී එන ජනතාව ගෙන් අහල නෑ මට ඡන්ද දුන්නද කියලා. මම පෞද්ගලිකව බලන්නේ නෑ. මම මිනිස්සු එක්ක හිටියා. ඉදිරියත් මම ඔබ එක්ක විපක්ෂයේ මන්ත්‍රී වරයයකු විදිහට ඉන්නවා.
මාළුවකුට වතුර ඕන සොල්දාදුවට අවිය ඕන. ඒ වගේම දේශපාලකයට ජනතාව ඕන. ආණ්ඩුව නැතිව වුණත් ඔබ මාව 32 වසරකට පාර්ලිමේන්තු යවන බව විශ්වාසයි. මම කලකිරීම්වලින් දේශපාලනය අතාරින්නේ නෑ. කන්ද නැග්ගොත් පල්ලම තියෙනවා .ඔංචිල්ලාව එහාට ගියොත් මෙහාට එනවා යනුවෙන්ද හිටපු අමාත්‍ය වරයා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිඹුල් කඳුළුද? රොඩ්ඩක් ගිහිල්ලද ?
කඳු නැගපු කාලේ ඉවරයි දැන් තියෙන්නේ පල්ලම් ටික බහින්න. දැන් තමයි ජනතාව මතක්වෙලා තියෙන්නේ. කිඹුල් කඳුළු එපා බොසා. මර්සි....මර්සි දාන්න එපා ලොක්කා. ඔයාලගේ මර්සි අපි හොඳට දන්නවා. හරි.......
ඔය කඳුළු නාස්ති නොකර තියා ගන්න. ඉදිරියේදී ඔය කට්ටියටම ඔයිට වැඩිය අඬන්න වෙනවා.
අඩේ එක මාර තක් කික් එකක්නේ?
මේවාට කියන්නේ කිඹුල් කදුලු කියලා .මෙච්චර කල් හොරාකාලා වින්දපු සැප නැතිවෙන දුකට ඇඩෙනවා.
කිඹුල් කදුළු..
ප්‍රතිපත්ති දේශපාලනයකට අත්‍යවශ්‍යම පුද්ගලයෙක් - කෝප් කමිටු සභාපති විදිහට දැවැන්ත සේවයක් කරලා ඒක අහෝසි වුනා සේ සැළකීමට මඟ පාදපු මෙතුමා වැඩිම මනාප ගණනකින් ගෙදර ... සමාවෙන්න ... පාර්ලිමේන්තුවට යවමු.
කදුළු නෙවෙයි අසූචි පහවෙයි සී අයිඩියෙන් ඇවිල්ලා කුදලාගෙන යනකොට…..
මාර අදහස්... විපක්ෂයේ ඉන්න වෙනවා කියලා දැනිලා... රිමාන්ඩ් එකේ ඉන්න වෙනවා කියලත් දැනිලා, කළකම් පලදෙනවා කියාගන්න බැරුව වෙන්න ඇති ඇඬීම් රංගනය ඉදිරිපත් කලේ...
ජීවිත කාලයටම සිරගත කළ යුතුයි මාල හොරු...
ඔබලා ඇතිතරම් පල්ලම් බැස්සා... දැන් නගින්න මැරෙනකම් ආයේ පල්ලම් නැහැ...
කාටද බං මේ මිනිස්සු මේ බොරු කරන්නේ...? මම දවසක් දැක්කා... එක මිනිහෙක්ට පිරිසක් වටකරගෙන ගහනවා. බලනකොට මිනිහා මාලයක් කඩලා. එයත් මේ වගේම ඇඬුවා. මෙතැනට කිසිම සම්බන්ධයක් නෑ. මම නිකමට කිව්වේ...!
පව් අනේ...!
පෙර පව් මතක්වි දෑසම තෙත් වෙනවා. මන් පෙර ගියේ වරදින් පිරි පාරකය.. ඒ ගිය මගේ අවසානය පෝරකය...
කිඹුල් කඳුළු...!
මේ අයව ගහලා එළවන්න ඕනේ. කිඹුල් කඳුළු හලනවා.
දැන්ම අඬලා පුරුදුවෙන්න. කොහොමත් මේ කිඹුල් කඳුළු බව දන්නවා. ඕවා පිහන්න තවදුරටත් අපි හරක් නෙමෙයි...
මේ අයට ඉතින් අන්තිමට මිනිසුන් රවටන්න තියෙන්නේ ඕක තමයි. මෝඩ හැත්ත රැවටිලා ගහනවා...!
ලේන්සුවේ බාම් ගාගෙන එන්න ඇති
හොටු ටිකකුත් හීරුවානම් තමයි වැඩේ නැගලම යන්නේ
32 වසරකට පාර්ලිමේන්තු යැවිල්ල කෙසේවෙතත්, ජීවිතාන්නය දක්වා හිරේ යවන එක නං ෂුවර් බ්‍රෝ…!
අඩන්නෙපා රත්තරං…!
කිඹුල් කඳුළු
ලැජ්ජයි. හොරකමට මෙන්ම අඞල පෙන්නන්නත් පුලුවන් හොරෙක්. මහජනයා ගොනාට ඇන්දීමට අන්තිම තුරැම්පුවත් ගහනවා. නොදකින්. .
ඔච්චර අඬා වැටෙන්න ඕන නෑනෙ තමන් නිවැරදි දේ කලා නං.. ඔක්කොම උපහැරණ දන්නවා නං කල කම් පල දේ කියන එකත් දන්නවා ඇති නේ. වපුරපු හැටියට තමයි අස්වැන්න ලැබිලා තියෙන්නේ.. නිදහසේ නෙලා ගන්න.. අපට කලබලයක් නෑ..
වෙනමම පොතක් අරින්න හදන්නේ කොහොම හරි පාර්ලිමේන්තුවට රිංගන්න හොරාකාපු එවායින් බේරිලා ඉන්න පාර්ලිමේන්තු වරප්‍රසාද මගින්. අහුවෙන්න එපා කලුතර ජනතාවනි මු හොරෙක්. මුලින් මාල කැඩුවා. පස්සේ මහ පරිමාණයෙන් හොරා කෑවා.
ආපහු කෝච්චි රස්සාවට බහින්න වෙයි වගේ.
ඕකට තමාකියන්නෙ බල තණ්හාව කියල. සැප විඳල පගා ගහල දූෂණය , වංචාව ඇඟට කා වැදිල.. දැන් අතහැර ගන්න බැරුව හාට් ඇටෑක් එන්න හදන්නේ ..
ඔන්න ඔහේ ආයෙත් කෝච්චි රස්සාව වත් කරමු. පාර්ලිමේන්තු නම් ආයෙ බෑ හොඳේ.
චන්දයට හොඳ ලකුණක්
හ හ හා .දැන් ඒකවත් කරලා බලමු .රැවටෙන හරක් රැවටෙයි
පුදුම රටක් විනාශ කරලා කිඹුල් කඳුළු හෙලලා වැඩක් නෑ.
ඒ විදිහත් නරකම නෑ
පවු නේ අර නැවෙන් ආපු ඩොලර් වලට මොකද උනේ
පවු නේ අර නැවෙන් ආපු ඩොලර් වලට මොකද උනේ
හිතවත් රෝහිත: ඇයි ඔබ රංගනය භාර නොගන්නේ? ව්‍යසනයක් වූ දේශපාලනයේ දී මෙන් නොව රංගනයෙන් යම් සාර්ථකත්වයක් අත්කර ගත හැකිය.
රටේ ඉන්න බුද්ධිමත් ජනතාවට ආමන්ත්‍රණය කරන කිඹුලෝ ඉන්නවා නේද ?
ඉහි ඉහිඉහිහ‘
මොන විකාරයක් ද මේ ?
කිඹුල් කඳුළු කියන්නෙ ඔිවට තමයි.
2020දී මිනිස්සුන්ගෙ කඳුලු වලින් බොරු පොරොන්දු දීලා ඇවිත් හොදට හම්බ කරල්‍රා මෙදා පාර බොරුවට අඩලා හරි බලයට එන්න හදන්නේ.මෙදා පාර නම් හරියන්නේ නැහැ ගොයියෝ.
"හොරෙක් අඩයි" -දැන් තිරගතවේ. නොවැම්බර් 14 දක්වා පමනි..
කල පව් මතක්වෙලා වෙන්න ඇති නේද .අහිංසක ගැහැණු උදවියගේ මාල කීයක් විතර කැඩුවද ? ඔච්චර කිඹුල් කඳුළු හලන්නේ
බලය තියෙනකොට ඔබලා රගපු හැටි මිනිස්සු දැක්කා. ඒ නිසා පරදින්න එනකොට ඇඩුවට මිනිස්සු රැවටෙන්නේ නැහැ. ඔබලා වැනි හොරු තක්කඩියෝ ගෙදර යවන චන්දය මේක.
කණගාටු නොවන්න, රටේ දූෂිත පද්ධතියට ඔබව ලබා ගත නොහැකි වුවද කර්මය ඔබට ලැබෙනු ඇත.
අඬන්නෙ ඇයි මගෙ රත්තරනේ කියන්න පණ මාගේ හිනා වෙන්න එපා කරදරයක් නේ වෙලා තියෙන්නේ පවුනේ.
හොරු දැන් ප්‍රසිද්ධියේ කදුළු සලනවා
මේවට අහුවෙන්න එපා . නායකත්වයට සුදුසු පුද්ගලයන් පත්කරන්න
අපිට හොරු එපා . පාර්ලිමේන්තුවට අලුත් මුහුනු යවමු
නාමල් වගෙයි .අනේ මහතුනේ මට වන් දුක බලලා .සෙනෙහෙ සිතින් අනුකම්පා උපදවලා
හොඳ උත්සාහයක්
මාලිමාවට අපි සදා ණයගැති වෙමු... මන්ද ගෑණු වගේ එළිපිට බයට සරමේ සුළු දිය පහ කරන් අඬා වැටෙන හැටි බලන්න පුළුවන් වුනේ මාලිමාව නිසා...
තොත්ත බබා සූප්පුවක් දීලා නලවගන්න
මෙතන තියෙන්නේ කදුලු සැලුවා කියලා මිසක් ඇඩුවා කියලා නෙමේ.
කොච්චර ලැජ්ජද.... පිරිමියෙක් වගේ හැසිරෙන්න. අනික දැන්ම හිරේ යන්න ලෑස්ති වෙන්න..
කොච්චර ලැජ්ජද..? පිරිමියෙක් වගේ හැසිරෙන්න. අනික දැන්ම හිරේ යන්න ලෑස්ති වෙන්න...
ලබන 14 වෙනිදා කියන්නේ මේ ගොල්ලන්ගේ ග්‍රහයෝ ඔක්කෝම එකපාර නීච භංග අළු දුලි වෙලා යන නැකත උදාවෙන දවස. හිටපු කාලේට පුදුම ගැහිල්ලක් ගහන්න ඇති. නැත්නම් කොහොමද නිවාඩුවට ගියේ එංගලන්තයට. එහෙම නැතිනම් ඕස්ට්‍රේලියාවට. හිතාගෙන ඉන්නැති කළුතර මිනිස්සුන්ව දිහටම ගොනාට අන්දවලා කට්ටියට දිගටම සුර සැප විඳගෙන ඉන්න පුළුවන් වෙයි කියලා. කට්ටිය දැන් අඬනවා කියලා කිව්වාට මුලදී අපි විශ්වාස කලේ නැහැ. බැලුවාම ඇත්ත. සමහරුන්ට රෑට නින්ද නැහැලු. කොට්ට බදාගෙන අඬනවාලු. සමහරු මොලේ පිස්සු වැටෙනවාට බෙහෙතුත් බොනවාලු...!
හිරේ යන දවසට පෙරළි පෙරළි හොටු පෙර පෙර වැළපි වැළපි අඬාවි නේ...!
කුමටද සොබනියේ කදුළු සලන්නේ, හේතුව මම නොදනිමි.
කතාවෙන් ජනතාව රැවටීමට බැරිවිට කඳුල අවියක් කර ගනී. විචක්ෂණ බව නැති වූවන් කඳුලට රැවටීම පහසු බව කපටි පුගුලන් දනී.
මේ පාර වැඩි ඡන්දෙන් යන්නේ… වැලිකඩට...
මහ එකත් ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා ජනතාව ඇන්දුවා වගේ, මෙයත් බොරුවට රඟපෑමක් කරනවා ජනතාවගේ අනුකම්පාව ගන්න.
මේ අයට දිට්ඨ ධම්මවේදනීය කර්මය ඵලදීලා. මේ වගේ හරක් නම් නැවත පාර්ලිමේන්තු එවන්න එපා.
මේ විකාර දකින අපිට සතුටු කඳුළු එනවා.
බලන්න අපිට එකපාරටම "deslike" ගොඩක් ලැබෙන්නේ කොහොමද කියලා? ඒ SJB/ Pohottu අන්තර්ජාල හමුදාවයි. විහිලු වැඩියි. රුපියල් 50 කමෙන්ට් බයියෝ සහ ටොයියෝ...
මේ රෝහිත කාරයා ඇමැති කාලේ හොරෙන් පන්නාගෙන ප්‍රංශයට ගෙනාපු මිනිහාගේ නෑදෑයෝ, ලපයි සිපයි මෙහෙ පිස්සු නටලා මේ ළඟදී පොලිසියෙන් අල්ලාගෙන ගිහින් දැන් නඩු. ඔවුන් මෙහෙ ටෙලිෆෝන් කඩයක් කඩලා අහුවුණා. ප්‍රශ්න කරද්දී කියලා මෙහෙට ආවේ හොරෙන්, ඇමැති අයියා තමයි ගෙනත් දැම්මේ කියලා. නඩුව ගැස්සුණොත් කස්ටියම ප්‍රංශයෙන් ඩිපෝර්ට් කරනවාලු...
මෙවැනි දේශපාලන පරිණත අය පාර්ලිමේන්තුවට එනතෙක් රනිල් රාජපක්ෂලා ඉතා ඕනෑකමින් මග බලා සිටී...!