
(මනෝප්‍රිය ගුණසේකර)
මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත මහතා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් ලබන 19 වැනිදා කරුණු දක්වන ලෙස එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පොලිස්පතිවරයා ඇතුළු පිරිසට අභියාචනාධිකරණය අද (11) නොතිසී නිකුත් කළේය.
පෙත්සම මුලින්ම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අතර එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහේන් ගොපල්ලව මහතා මෙම නඩු විභාගයෙන් ඉවත් වන බව දැනුම් දීමෙන් අනතුරුව පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විතය අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීණි.
හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව, නීතීපතිවරය ඇතුලු පිරිසක් නම් කර ඇත.
පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර ලොහාන් රත්වත්තේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා කරුණු දක්වමින් මිරිහාන ශාලාව පාරේ නිවසක ලියාපදිංචි නොකළ මෝටර් රථයක් ඇති බවට පසුගිය ඔක්තෝබර් 25 වැනිදා මිරිහාන පොලිසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් මත මෙම විමර්ශනය ආරම්භ වී ඇතැයි පැවසීය.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොහාන්ගේ ඇප පෙත්සම 19ට කල් යයි