IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රියදුරුගෙන් සල්ලි බලෙන් ගත් සැරයන් අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි සහ ඉන්දිකා රාමනායක)

බලපත්‍ර නොමැතිව උණ බට ප්‍රවාහනය කිරීම සහ නියමිත පන්තියට අදාල බලපත්‍රයක්  නොමැතිව වාහනයක් ධාවනය කිරීම සම්බන්ධයෙන් නිත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 1500 මුදලක් බලෙන් ලබාගත් බව කියන පොලිස් සැරයන් වරයෙකු  අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන් වරයෙකි.ලොරි  රථ රියදුරකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් සැරයන් වරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පොලිස් සැරයන්වරයා විතිකුලිය මාර්ගයේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටින අවස්ථාවේදී  ඊයේ(10) ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී එම රියදුරුට නියමිත පන්තියට අදාළ රියදුරු බලපතක් නොතිබීම සහ උණ බට ප්‍රවාහනය කිරීම සඳහා නියමිත බලපතක් තිබී නොමැති බව පොලිසිය පවසයි.

එම රියැදුරුට නීතියෙන් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 1500ක මුදලක් පොලිස් සැරයන්වරයා  විසින් බලෙන් ලබාගෙන ඇති බව  විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

 



අදහස් (0)

රියදුරුගෙන් සල්ලි බලෙන් ගත් සැරයන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site