IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ආරක්ෂක ලේකම් ආරුගම්බේ යයි

(සුජිත් හේවාජුලිගේ)

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අම්පාර අරුගම්බේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත විය.

ඔහු එම ප්‍රදේශයට ගොස් එහි ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් කරුණු විමසා බැලුවේය.

ඒ ප්‍රදේශයේ ආරක්ෂක අංශ නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වෙමිනි.

ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීහු දැනට එහි ක්‍රියාත්මක ආරක්ෂක සැලැස්ම පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළහ.

ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් පවත්වා ගැනීමට මෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල සංචාරක ආකර්ෂණීය ස්ථාන වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

තවද සංචාරකයන්ගේ නිදහසට බාධා නොවන පරිදි හා ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳ ඔවුන් තුළ විශ්වාසය ගොඩනැගෙන පරිදි කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ, විශේෂ කාර්ය බලකායේ හා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද, ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.

අරුගම්බේ ප්‍රදේශයට එලවිය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු ලැබිණ. ඒ පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගැනිණ.

එම තොරතුර සමග ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් අරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දැනුම් දුන් අතර පසුව එම නිවේදන ඉවත් කරගන්නා ලදි

 



අදහස් (1)

ආරක්ෂක ලේකම් ආරුගම්බේ යයි

Roshan Monday, 11 November 2024 11:01 AM

ෆොටෝ එක දැක්කාම ආරක්ෂාව තවම නෑ වගේ දැනෙන්නේ...!

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site