IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොමිසමෙන් මාධ්‍යටත් කොන්දේසි රැසක්

(ජේ.ඉඳුරුවගේ )

නොවැම්බර් 14 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු තහනම් නිහඬ කාල සීමාව   අද (11) මධ්‍යම රාත්‍රි 12.00 න්  ආරම්භවන අතර එයින් පසු  මැතිවරණයේ    ප්‍රචාරක කටයුතු  නොකළ  කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව  අවධාරණය කරයි.

අද (11) පැවැත්වෙන අවසන් දේශපාලන ප්‍රචාරක රැස්වීම්වල වීඩියෝ දර්ශන  හා විස්තර විකාශය කිරීම  හෙට(12) දා රූපවාහිනී හා ගුවන් විදුලි විකාශවල එක්  ප්‍රධාන ප්‍රවෘත්ති ව්කාශයකට පමණක් සීමා කළ යුතු  බවත් පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේදී  වෙනත් විස්තර හෝ අදහස් නොමැතිව   පුවත්පතේ  පුවත් සිරස්තලය පමණක් ඉදිරිපත් කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

අද පැවත්වෙන ප්‍රචාරක රැස්වීම් වාර්තා හෙට (12)   පුවත්පත් හා ඒවායේ සමාජ මාධ්‍ය ජාලාවන්හි පල  කළ හැකිවේ.  අනෙකුත්    සියලු සමාජ මාධ්‍ය ජාලාවලටද මෙකී කොන්දේසි අදාලවන බවත්    මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එමෙන්ම 13 හා 14 දෙදිනෙහි පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේදී හෝ වෙනත්  ලෙසකින් මැතිවරණයේ   දේශපාලන ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම හෝ  පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනයට හෝ අගතියට පත්වන අන්දමේ කිසිදු පුවතක් හෝ පළ නොකළ යුතුබවටද මැතිවරණ කොමිෂන් සභාව සියලු මාධ්‍ය ආයතනවලට  කොන්දේසි පනවා තිබේ.

 

 



අදහස් (2)

කොමිසමෙන් මාධ්‍යටත් කොන්දේසි රැසක්

ගමේ එකාලා Monday, 11 November 2024 02:22 PM

ඔය කිව්වාට කුඩු නාළිකාව, නයි නාළිකාව, නම් නිකම් ඉන්න එකක් නැහැ. සමහර අය ඉන්නවා බොරු ප්‍රවෘත්ති මවන...

:       2       7

සමන් විමල් Monday, 11 November 2024 04:08 PM

ඇයි ගමේ අය ඔහේට ඒවා විතරක් පෙනුනේ...? ඩයස්පෝරා සල්ලිවලින් දුවන විජාතික නාලිකා නොපෙනේන්නේ කුඩු ගහලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site