
(සුජිත් හේවාජුලිගේ සහ යොහාන් බාසුර)
කොළ පැහැති ඇඳුමකින් සැරසුණු කණ්ඩායමක් කොළඹ ගාලු මුවදොර පිටියේ වාහන ගාල් කිරීම සඳහා හිතුමතේ විවිධ ගාස්තු අය කිරීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත් වෙති.
මෙලෙස මුදල් අය කිරීම ඉතා අසාධාරණ බව ජනතාව පෙන්වා දෙති.
විවේක ගැනීමට ඉතා කුඩා වේලාවකට පැමිණෙන ජනතාවගෙන්ද මේ අය මුදල් අය කරන බව ඔවුහු චෝදනා කරති. මෙරට ජනතාවගෙන් මුදල් අය කිරීමේදී මීට වඩා සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ජනතාව පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අප කොළඹ මහ නගර සභාවේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලන බවයි.
මේ අතර කොළඹ නගරයේ බොහෝ ස්ථානවල වාහන ගාල් කිරීමට යම් යම් කණ්ඩායම් හිතුමතේ මුදල් අය කරන බව පවසන වාහන හිමිකරුවෝ එදිනෙදා කටයුතු සඳහා පැමිණෙන ජනතාවට මුදල් අය කිරීමෙන් තොරව වාහන ගාල් කිරීම සඳහා නගරයේ නිදහස් ස්ථාන වෙන් කිරීම ඉතා වැදගත් බව රජයට යෝජනා කරති.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාලු මුවදොරේ වාහනයට හිරිහැරේ
යෝගා Monday, 11 November 2024 01:43 PM
හැබැයි යම් මුදලක් ගත්තත් වාහනය ආරක්ෂිතයි. නිදහස් තැන්වල නවත්තලා වාහනේ කෑලි ගලවාගෙන ගියහම පොලිසියෙන් පිහිටකුත් නෑ.
අරවින්ද මොනරවිල Monday, 11 November 2024 01:43 PM
මේවා අලුතින් පටන් ගත්ත දේවල් නොවෙයි, කාලයක් තිස්සෙ කරගෙන ආවා වැඩ, ඒ නිසා බොරුවට අපුල්ලන්න එපා. වාහනයක් ගත්තා නම් පාර්කින් ෆීස් ගෙවන්න බැරි කමක් නැහැනේ.
dileepa1986 Monday, 11 November 2024 02:03 PM
මේක ඇත්ත. මෝටර් සයිකල් එකක්ටත් රුපියල් 100 ක් ගන්නවා. නගර සභාවෙන් අහන්න දෙයක් නෑ. එවුන් තමයි මොවුන්ට මේක දීලා තියෙන්නේ. නව පාලකයින්‍ට සුද්ද කරන්න සෑහෙන්න දේවල් තියෙනවා. ගෝල්ෆේස් පිටියෙන්ම ගත්තොත් ඒක එකක්. කෑම අපිරිසිදු වගේම ඉහළ ගණන්. සෙල්ලම් බඩු ගණන්. හිඟන මිනිසුන්ගේ කරදරේ. වාහන පාකින් අධික මිල... මිනිහෙක් තමන්ගේ පවුල දරුවෝ එක්ක ඉඳලා හිටලා මේ වගේ තැනකට එන්නේ නිදහසේ විනෝද වෙන්න. ආරක්ෂාව බිංදුවයි. පොලීසියෙන් ඉන්නේ වාහනවල වැරැදි හොයන්න විතරයි. නව පාලකයෝ මේක වෙනස් කරන්න එකම දෙයයි කරන්න ඕනෑ. කෙලින්ම ජනාධිපතිට පමණක් වග කියන ඕනෑම තැනක් ඕනෑම දෙයක් පරීක්ෂා කරන්න පුළුවන් ඒකකයක් ස්ථාපිත කරන්න ඕනෑ. හැම පළාතකටම හැම දිස්ත්‍රික්කයටම, හැම නගරයකටම මෙම ඒකකයේ අනු ඒකක පිහිටුවන්න ඕනෑ. මේකට බඳවා ගන්න පොලීසියේ ත්‍රිවිධ හමුදාවේ සහ වෙනත් රජයේ අායතනවලින් කිසිම දූෂණයකින් තොර නිර්භීත දක්ෂ, උගත් කට්ටියක්... මෙම විශේෂ ඒකකයට සාමාන්‍ය වේතනය මෙන් දෙගුණයක වේතනයක් ලැබෙන්න ඕනෑ. එවිට ඔවුන් නිසියාකාරව අල්ලන්න ඕනෑ දේවල් අල්ලයි.
Jayasighe Monday, 11 November 2024 02:22 PM
මේක හරිම කරදරයක්... පාන් ගෙඩිය රුපියල් 150යි. ඒක ගන්න කඩේට ගියාම රුපියල් 75ක් ගාස්තු ගෙවන්න ඕනෑ...
PaninieMonday, 11 November 2024 03:30 PM
පාන් ගෙඩියක් මිල දී ගැනීමට, ළඟම ඇති කඩේට ඇවිදීම වඩා හොඳයි, ඇවිදීමෙන් 75ක් ඉතිරි කර ගන්නා අතර සෞඛ්‍යයද වැඩි දියුණු කරයි...!!! ඔබට සුබ ගමන්...!
බණ්ඩාර Monday, 11 November 2024 03:46 PM
ඉතින් පාන් ගන්න ගෝල්පේස් එන්න ඕනෑ වෙයි. වෙන කඩේකින් ගන්න බැරිද? පුදුම කතාවක්නේ... ඔන්න රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න...
අරවින්ද මොනරවිල Monday, 11 November 2024 04:15 PM
ඔබ පාන් ගෙඩියක් ගන්න ළඟම කඩේට යන්නත් වාහනයක් පාවිච්චි කරනවා නම් 75ක් නොවෙයි 150ක් ගන්න වටිනවා...!
dasun Monday, 11 November 2024 03:15 PM
ගොඩක් තැන්වල පාකින් කියලා මඩිය තර කර ගැනීම තමයි තියෙන්නේ....