කෝටියක රටබීම-දුම්වැටි ගුවන් තොටේ හිර වෙයි
රුපියල් කෝටියක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ රට බීම තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු අද (31 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .