
(සිරිසේන ගමගේ)
මොණරාගල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් අද (11) අලුයම වැල්ලම්පිටියේදි මාර්ගය අයිනේ නවතා තිබු ලොරියක පසුපස ගැටිමෙන් බසයේ ගමන් ගත් මගින් 9 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.
වැල්ලම්පිටිය ඉන්ධන පිරවුම් හලත් මිතොටමුල්ල හංදියත් අතර මාර්ගය අයිනේ පිහිටා ඇති හාඩ් වෙයාර් ආයතනයකට අයත් ලොරි රථ තුනක් රාත්‍රි කාලයේ එම වෙළඳ ආයතනය ඉදිරිපිට මාර්ගය අයිනේ නතර කර තිබි ඇත.
පාන්දර අධික වේගයෙන් පැමිණ ඇති මගි බස් රථය මාර්ගය අයිනේ නතර කර තිබු ලොරි රථය පිටුපස හැපි ඇති අතර එම ලොරිය ගැටිමෙන් නවතා තිබු අනෙකුත් වාහන තුනද එකිනෙක ගැටිමෙන් වාහන හතරටම දැඩි අලාභ හානි සිදුව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසෙකට වතාවක් මේ හා සමාන අනතුරු වෙනවා, ගිය සතියේ විතර තංගල්ලට එහාදි මඩකලපුවේ ඉඳලා එන රෑ බස් එක මෙහෙම නතර කරපු ටිපර් එකක වැදිලා කෙනෙක් මළා, අවාසනාවට මේක දිගින් දිගට වෙනවා... බොහෝමයක් කළුවරේ නතරකරලා තියෙන්නේ... ප්‍රධාන මාර්ගය හරහට, මේවාට තමයි ජංගම මුර සේවා තියෙන්නේ... සමහර පොලස් අය හිතවත් කමට පාර බදුදෙනවා, හැබැයි මෙතැනදී වාහන අයිතිකරුවනුත් පාඩමක් ඉගෙන ගන්න ඇති. නමුත් වරදට දඬුවම් දිය යුතුයි...
වැසි තත්වයක ධාවනය කරන්නේ කෙසේද වත් පළපුරුද්දක් නොමැති අය ,වේගය මැනිය හැකි නවතා තිබූ වාහන වල තත්වය දැක්කම .එසේම එම වාහනත් පරීක්ෂා කල යුතුයි එහි ඇති තිරිංග සම්බන්ධව
මාත් කිහිප සැරයක් පාර අයිනේ නවත්තලා තිබෙන ලොරිවල ගැටෙන්න ගොස් අමාරුවෙන් ගැලවුණු කෙනෙක්. ඔය පාර බ්ලොක් වෙන විදියට වාහන ගාල් කරන කාලකන්නින්ට දඬුවම් දෙන්න ඕනෑ. ඒත් මේ වගේ පාණ්ඩුවක් ඉන්නකොට එහෙම දේවල් කරන්න ඔවුන්ට කල්පනා වෙන්නේ නැහැ...