IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගුවන් තොටේ සැලසුම් හදන කොන්ත්‍රාත්තුව නෙදර්ලන්තයට

(අංජුල මහික වීරරත්න)

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ප්‍රධාන සැලැස්ම පිළියෙල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා වන ප්‍රධාන සැලැස්ම සකස් කිරීම පිණිස උපදේශක ආයතනයක් තෝරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුව යෝජනා කැඳවා ඇත. 

එම යෝජනා ඇගයීමෙන් අනතුරුව, එකී කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ සමාගම විසින් කොන්දේසි ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අදාළ කොන්ත්‍රාත්තුව අවලංගු කර, ප්‍රසම්පාදන කාර්යය නැවත ආරම්භ කිරීමට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා ( ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් කටයුතු කර ඇත. අලුතින් කැඳවන ලද ප්‍රසම්පාදනය සඳහා නෙදර්ලන්තයේ එයාර්පෝට් කන්සල්ටන්ස් වශයෙන් සිය මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන M/s Haskoning DHV Netherland B.V. විසින් පමණක් තනි යෝජනාවක් ඉදිරිපත්කර තිබේ. 

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුව විසින් එකී යෝජනාව ඇගයීමෙන් අනතුරුව අදාළ උපදේශක කොන්ත්‍රාත්තුව එම ආයතනය වෙත පිරිනැමීම නිර්දේශ කර ඇත.

 ඒ අනුව, එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

ගුවන් තොටේ සැලසුම් හදන කොන්ත්‍රාත්තුව නෙදර්ලන්තයට

රුවන් Thursday, 12 June 2025 02:36 PM

විමල් විරවංශට අනුව නෙදර්ලන්තය යනු අන්ත දුෂිත රටක්, හැබැයි සෝමාලියාව ඉතා දියුණු, සංවර්ධිත රටක් ලු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site