IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මව් කිරි ප්‍රවර්ධනයට පනතක් එයි

(අංජුල මහික වීරරත්න)

'මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීම ' පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මව්කිරි දීමේ දර්ශක සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම තලයක පවතින අතර World Breastfeeding Trends initiative (WBTi) විසින් 'Green Status' රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. 

වාණිජමය පරමාර්ථ මුල් කර ගෙන කිරි පිටි කර්මාන්තය මඟින් දරුවන් වෙත එල්ල වන සදාචාර විරෝධී සහ හානිකර බලපෑම් වලින් දරුවන් ආරක්ෂා කරමින් දරුවන්ගේ සෞඛ්‍ය සහ පෝෂණය ආරක්ෂා කිරීමත්, විද්‍යාත්මකව තහවුරුව ඇති ප්‍රධානතම මැදිහත් වීමක් ලෙස සලකා මව් කිරි දීම ආරක්ෂා කිරීමත්, මව්කිරි දීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රමුඛයා ලෙස මෙරටට ඇති පිළිගැනීම අඛණ්ඩව පවත්වා ගැනීම සහතික කිරීමත් අරමුණු කරගෙන මව් කිරි දීම ප්‍රවර්ධනය කිරීම සඳහා පනතක් මඟින් නීතිමය විධිවිධාන හඳුන්වා දීම පිණිස 2018-10-16 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. 

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

මව් කිරි ප්‍රවර්ධනයට පනතක් එයි

ravin Wednesday, 11 June 2025 01:52 PM

අපි පොඩිකාලේ අහලා තිබුණා මවුකිරි වර්ධනයට කොස් දෙනවා කියලා. මේ ළඟදි ප්‍රසිද්ධ පුවත්පතක කියලා තිබුණා කොස් ටොන් ලක්ෂ 5ක් පමණ අපතේ යනවාය කියලා. නරකද නිසි වැඩ පිළිවෙළක් සකස් කළොත්...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site